Tuesday, August 2, 2011
බුදුන් සරණ යමු
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම
මහා විහාරාධිපති,
නාලන්දේ විමලවංශ හිමි
බුදු බව ලබා ගැනීමෙන් පසු අවුරුදු හතළිස් පහක් තිස්සේ ගම් දනව් සිසාරා පා ගමනින් වැඩම කොට පුහුදුන් සත්වයා දුකෙන් නිදහස් කැර ගැනීමේ කාර්යය සිදු කළ සේක. ඒ නිසාම උන්වහන්සේ නිරන්තරයෙන් බැබළෙන්නාහ. බුදුගුණ අනන්තය. බුදු කෙනෙකුන් කල්පයක් තිස්සේ වෙනත් කිසිම දෙයක් දේශනා නොකර බුදුගුණ පමණක් දේශනා කළත්, කල්පය නිමාවට පත් වනවා මිසක බුදුගුණ නිමාවට පත් නොවේ. ඒ අනුව උන්වහන්සේ බුදු ගුණ වලින් බැබළීමට පත් වෙති.
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
‘චත්තාරෝ ලෝකේ පජ්ජෝතා -
පංචමෙත්ථන විජ්ජති
දිවා තපති ආදිච්චෝ -
රත්තිං ආභාති චංදිමා
අථ අග්ගි දිවාරත්තිං -
තත්ථ තත්ථ පකාසතී
සම්බුද්ධෝ තපතං සෙට්ඨං
ඒසා ආභා අනුත්තරාතී’
පින්වත්නි,
‘සංයුක්ත නිකායේ’ ප්‍රථම කාණ්ඩයට අයත් දේවපුත්ත සංයුත්තයේ ‘මාගධ’ සූත්‍රයෙහි ඇතුළත් ගාථා දෙකක් අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් ගන්නා ලදී.අප බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයක එක්තරා දේව පුත්‍රයකු උන්වහන්සේ ඉදිරියට පැමිණ එක්තරා ප්‍රශ්නයක් ඇසුවේ ය. එනම් භාග්‍යවතුන් වහන්ස කිසියම් දෙයකින් මේ ලෝකය බබළන්නේ ද එබඳු එළි ලෝකයෙහි කොතෙක් තිබේද? එම එළි අතුරෙන් කුමන එළියක් ප්‍රධාන වන්නේ ද? ස්වාමීනි! මෙම කරුණ පැහැදිළි කර දෙනු මැනව යනුවෙනි. එම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථා දෙක දේශනා කළ සේක.
දේවපුත්‍රය! මේ ලෝකය බබළවන එළි සතරක් ඇත. පස්වැනි එළියක් නැත. එම එළි අතරෙන් දවල් කාලයේ සූර්යාලෝකය ප්‍රධාන වෙයි. රාත්‍රී කාලයෙහි සඳුගේ ආලෝකය ප්‍රධාන වෙයි. ගින්න දවල් කාලයේ මෙන් මැ රාත්‍රී කාලයෙහි ද ඒ ඒ ස්ථානවල දී බබළයි. එහෙත් සර්වඥයන් වහන්සේ මෙම සියලු එළි අතරෙන් ප්‍රධාන වෙයි. ඒ හා සමාන වෙනත් එළියක් නොමැත යනු එම ගාථා දෙකෙහි ලිහිල් අර්ථය වේ.
මෙම කරුණම දිනක් ආනන්ද තෙරුන් අමතා ද බුදුරදුන් විසින් දේශනා කළ සේක. ආනන්දය සූර්යයා බබළන්නේ දවල් කාලයට පමණකි. චන්ද්‍රයා රාත්‍රී කාලයේ පමණක් බබළයි. දහවල බබළන්නේ නැත. රජ තුමා රජ ඇඳුමින් සැරසී සිටින විට බබළයි. රහතන් වහන්සේලා මහ පිරිසෙන් ඈත් වී සමාපත්තියට සම වැදී සිටින විට බබළයි. සර්වඥයන් වහන්සේ සියලු අඳුර දුරු කැර දිවා රැය දෙකෙහිදීම බබළති.
මෙම ගාථාවල සඳහන් ආකාරයට දවල් බබළන සූර්යයා පිළිබඳවත්, රාත්‍රියට බබළන චන්ද්‍රයා පිළිබඳවත් දිවා කාලයේ ඒ ‘ඒ’ ස්ථානවලදී බබළන ගින්න පිළිබඳවත් අපට තේරුම් ගැනීමේ අපහසුවක් නැත. මෙම සියලු බැබළීම් අතුරෙන් දිවා රැය දෙකෙහිදීමැ නිරන්තරයෙන් බබළන සර්වඥයන් වහන්සේ පිළිබඳ මෙනෙහි කිරීම මඟින් ඔබට බුද්ධානුස්සති භාවනාව සිදු කැර ගැනීමට ද හැකියාව ලැබෙයි. බුදු ගුණ මෙනෙහි කිරීම මඟින් ආනිසංස කිහිපයක්ම ලබා ගත හැකි ය. එනම් බුදුරදුන් කෙරෙහි ගෞරවය දියුණු කැර ගැනීමට හැකිවීම ශ්‍රද්ධාව දියුණු කැර ගැනීමට හැකිවීම. බුදු ගුණ අරමුණෙහිමැ සිහිය පිහිටුවා ගත හැකි වීම. භාවනා ඤාණය දියුණුවීම සිතෙහි සතුටක් ඇති කැර ගත හැකිවීම, දුක් පීඩා ඉවසා ගත හැකිවීම සර්වඥයන් වහන්සේ සමග වාසය කරමි යි කියන හැඟීම ඇති වීම සර්වඥයන් වහන්සේ අරමුණු කැර ගෙනම සිත පැවතීම, කෙළෙස් පීඩා සන්සිඳී සිතෙහි අප්‍රමාණ සැනසිල්ලක් උදා වීම ආදී ආනිසංස රැසක් ලබා ගත හැකි වේ.
බුදුරජාණන් වහන්සේ මෙලොව පවතින අන්ධකාරයන් දුරු කැරෙන උත්තමයන් වහන්සේ නමක් නිසා නිරන්තරයෙන් බැබළීමට පත් වෙති. සත්වයාගේ දසශීලය නමැති අන්ධකාරය සර්වඥයන් වහන්සේගේ සීලය නමැති තේජසින් දුරු කරයි. සත්වයාගේ දුර්ගුණ නමැති අන්ධකාරය බුදුරදුන්ගේ ගුණ නමැති තේජසින් දුරු කරයි. එසේම ප්‍රඥාව නමැති තේජසින් මෝහාන්ධකාරය දුරු කරයි. පුණ්‍ය නමැති තේජසින් පාපය නමැති අන්ධකාරය දුරු කරයි. ධර්මය නමැති තේජසින් සත්වයාගේ අධර්මය නමැති අන්ධකාරය දුරු කරයි. මෙලෙස බුදුගුණ පහක් මඟින් අන්ධකාරයන් පහක් දුරු කරයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ලොවෙහි අඳුර දුරු කැරෙමින් දිවා රාත්‍රී දෙකෙහිදීමැ බුද්ධාලෝකයෙන් බබළවති. එබැවින් බුදුරදුන්ගේ බැබළීම අන් සියලු බැබළීම් වලට වඩා ශ්‍රේෂ්ඨ වෙති. බුදුරජාණන් වහන්සේ නව අරහාදී බුදු ගුණ වලින් යුක්ත වෙති. එලෙස නව අරහාදී ගුණයන්ගෙන් යුක්ත වන්නේ බුදුරජාණන් වහන්සේ පමණකි. ඒ නිසාම දෙවියන් බඹුන් මිනිසුන් අතරෙන් සරණ යා යුතු එකම ශාස්තෘවරයා වන්නේ බුදුරජාණන් වහන්සේ පමණකි. දෙවි මිනිසුනට ශාස්තෘ වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කැර ගත් භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේම ලෝකයෙහි නිරන්තරයෙන්ම බබළති.
උන්වහන්සේගේ චරිතය තුළින් බැබළීමට පත් වෙති. උන්වහන්සේට රහත් බව ලබාගෙන සසර දුකින් නිදහස් වීමේ අවස්ථාව දීපංකර බුදුරදුන්ගේ සමයෙහි උදා වුණත් ඒ සියල්ල පසෙකලා මෙම සංසාර සාගරයෙහි ඉමක් කොණක් නොමැතිවැ දුක් විඳින අපමණ සත්ව සමූහයා දුකින් මුදවා ගැනීමේ මහා කරුණාබර හැඟීමෙන් සාරාසංක්‍ය කල්ප ලක්‍ෂයක් තිස්සේම දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ථ පාරමිතා කියන සමතිංසත් පාරමිතාවන් සපුරා බුද්ධත්වයට පත් වූයේ මෙයින් වසර දෙදහස් හයසියයකට පෙරය. එසේ බුදු බව ලබා ගැනීමෙන් පසු අවුරුදු හතළිස් පහක් තිස්සේ ගම් දනව් සිසාරා පා ගමනින් වැඩම කොට පුහුදුන් සත්වයා දුකෙන් නිදහස් කැර ගැනීමේ කාර්යය සිදු කළ සේක. ඒ නිසාම උන්වහන්සේ නිරන්තරයෙන් බැබළෙන්නාහ. බුදුගුණ අනන්තය. බුදු කෙනෙකුන් කල්පයක් තිස්සේ වෙනත් කිසිම දෙයක් දේශනා නොකර බුදුගුණ පමණක් දේශනා කළත්, කල්පය නිමාවට පත් වනවා මිසක බුදුගුණ නිමාවට පත් නොවේ. ඒ අනුව උන්වහන්සේ බුදු ගුණ වලින් බැබළීමට පත් වෙති.
වරක් සක්‍රදෙවියන් බුදුරදුන්ගේ ගුණ අටක් මෙලෙස ප්‍රකාශ කළේ ය. එනම් බුදුරදුන් තමන් වහන්සේගේ මුළු ජීවිත කාලයම දෙවියන්, මිනිසුන්, යකුන්, බඹුන් ආදී සියලු සත්වයන්ගේ යහපත වෙනුවෙන් කැප කළ සේක. උන්වහන්සේ හැරුණ විට වෙනත් කිසිම ශාස්තෘවරයකු එලෙස කර නැත. උන්වහන්සේ දේශනා කළ ධර්මය ස්වාක්ඛාත ආදී ගුණයෙන් යුක්තය. එනම් එන්න බලන්න ප්‍රත්‍යක්‍ෂ කැර ගන්න. ඒ අවස්ථාවේම ප්‍රතිඵල ලබා ගත හැකි මෙලොව මෙන්ම පරලොව අභිවෘද්ධිය සලසා ගත හැකි ධර්මයක් දේශනා කළහ. එබඳු ධර්මයක් වෙනත් කිසිවකු විසින් දේශනා කැර නොමැත. බුදුරදුන් මේවා කුසල්ය. මේවා අකුසල්ය. කළ යුතු දෙය මෙයයි. නොකළ යුතු දෙය මෙයයි. අනුගමනය කළ යුතු දෙය මෙයයි. දුරු කළ යුතු මෙයයි. ආදී වශයෙන් පෙන්වා දුන්හ. වෙනත් ශාස්තෘවරයකු මෙලෙස කටයුතු කළේ නැත. උන්වහන්සේ පෙන්වා දුන් නිවනත් එය ලබා ගත යුතු ආකාරයත් ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාවත් ගංගා සහ යමුණා නදීවල ජලය එකට ගැළපෙන අයුරින් මැනවින් ගැළපෙයි. නිවන සහ එය ලබා ගත යුතු මාර්ගයත් අනුගමනය කළ යුතු ප්‍රතිපදාවත් පෙන්වා දුන් වෙනත් ශාස්තෘවරයකු නොමැත. බුදුරජාණන් වහන්සේට ලැබුණු ලාභ කීර්ති ප්‍රසංසා අප්‍රමාණය. එලෙස ලැබුණ ලාභ කීර්ති ප්‍රසංසා පිළිබඳ කිසිඳු ඇල්මක් නොතිබුණි. වෙනත් කිසිවකු තුළින් එවැනි ගුණයක් දැකීමට නොහැකි ය.
බුදුරදුන්් ඉතා වැදගත් ශ්‍රේෂ්ඨ අනුගාමිකයන් පිරිසක් ලැබූහ. සතර මඟ සතර ඵල වලට පත් ශ්‍රාවකයන් කොපමණ හිටියත් උන්වහන්සේ හුදෙකලාවම පි‍්‍රය කළහ. එලෙස එකලාව වාසය කළ වෙනත් ශාස්තෘවරයකු පෙර සිටියේ ද නැත. මෙකල ද නැත. බුදුරදුන් යමක් කියයි නම් ඒ අයුරින්ම කරති. යමක් කරයි නම් ඒ අයුරින්ම කියති. යථාවාදී තථාකාරී ගුණය ඇත්තේ බුදුරදුන්ට පමණකි. බුදුන්වහන්සේ සියලු සැකයන් දුරු කළ සේක. අනෙකුත් මඟ පල ලාභීන් සියලු දෙනාටම තමන් ලැබූ ලෝකෝත්තර තත්ත්වයන් ගැන සැක හට ගනියි. එහෙත් බුදුරදුන්ට තමන් වහන්සේ අවබෝධ කරගත් බුද්ධත්වය ගැන කිසිදු සැකයක් නොමැත. මේවා සක්‍ර දෙවියන් දුටු බුදු ගුණ වෙති. මෙවැනි ගුණ නිසාම බුදුරදුන් දිවා රැය දෙකෙහිමැ නිරන්තරයෙන් බැබළීමට පත් වෙති.
බුදුරදුන්ගේ ශරීර ලක්‍ෂණ නිසාද බැබළීමට පත් වෙති. බුදුරජාණන් වහන්සේට තිබුණේ අසාමාන්‍ය ශරීර ලක්‍ෂණයකි. උන්වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් සහ අසූවක් අනු භ්‍යන්ජනයන්ගෙන් යුක්ත වන්නාහ. බොහෝ දෙනා උන්වහන්සේගේ රූප සම්පත්තිය දැකීමෙන්ම පැහැදීමට පත් විය. ඇතැම් සැඩ පරුෂ අය පවා උන්වහන්සේගේ අසාමාන්‍ය රූප සම්පත්තිය දැකීමෙන් පැහැදීමට පත්වී යහපත් පුද්ගලයන් බවට පත් වූහ. ඒ අනුව රූප සම්පත්තිය අනුව උන්වහන්සේ දිවා රැය බැබළීමට පත් වූහ.
මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ සර්වඥයන් වහන්සේ මෙලොව අන් සියලු දෙයටම වඩා බැබළෙන බවයි. උන්වහන්සේගේ බැබළීම පිළිබඳ මෙනෙහි කිරීම ඉතා වැදගත් වන අතර එය ‘බුද්ධානුස්සති’ කමටහන වශයෙන් හඳුන්වයි. ඒ අතරම බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපදියි නම් එය බුදුන්දැකීම හා සමාන වන බව උන්වහන්සේ පෙන්වා වදාළහ. යමෙක් ධර්මය දකියි නම් හෙතෙම බුදුන් දැක්කා හා සමාන වේ, යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එබැවින් පින්වත 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන මෙම කාලය තුළ බුදුරදුන් දේශනා කළ ධර්මය ඇසීමෙන් එම ධර්මය අනුව පිළිපැදීමෙන් ඔබට බුදුන් දැකිය හැකි වන බව සිතන්න. එය සැබෑ ලෙස සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම බවට පත් වෙයි.
ඔබට උතුම් නිවන අවබෝධ වේවා!,
Sunday, May 15, 2011
දයාබර දරුවනි, සීලයේ අගය තේරුම් ගන්න
දයාබර දරුවනි, සීලයේ අගය තේරුම් ගන්න
ජයසුමනා ද සිල්වා රොබට්සන්
පින්වත් දරුවෙනි. අන් සතුදේ සොර සිතින් ගැනීමෙන් වැළකීමද මේ හා සමානව පරහිතකාමි ආකල්පයකි. කුඩා අවධියේ පටන් මාගේ දයාබර හික්‍ෂාකාමි දරු කැල පිරිසුදු චරිතයක් ගොඩනගා ගැන්මට අතිශයින්ම පරික්‍ෂාකාරී විය යුතුයි. මෙමගින් තමාට මෙන්ම, අනෙකාට ද මුළු මහත් සමාජයට ද සෙතක් වේ. ශාන්තියක් වේ. පවට ලජ්ජා භය ඇතිකර ගැන්ම, චරිත පාරිශුද්ධියට මග පෙන්වන්නකි.
මගේ දයාබර පින්වත් දරුවනි, දිනක් එක් දේවතාවෙක් ඔබගේ මහා කාරුණික, අමාමෑණි, තුන් ලෝකාග්‍ර, ශාන්තිනායක ලොව්තුරා සම්මා සම්බුදු රාජෝත්මයාණන් වහන්සේ හමුවට පැමිණ , එකත්පස්ව සිට මෙවැනි ප්‍රශ්නයක් විචාළේය. “භවත් ගෞතමයන් වහන්ස, මහලුවිය දක්වා කෙනෙකුගේ යහපත උදෙසා පවත්නේ කුමක්ද?
“දිව්‍ය පුත්‍රය, මහලු විය දක්වා ශීලයම කෙනෙකුගේ යහපත පිණිස පවත්නේය යනු බුදුපියාණන් වහන්සේ දිව්‍ය පුත්‍රයාට දුන් පිළිතුර විය.
පින්වත් දරුවෙනි, මෙසේ, මහලු විය දක්වා ශීලය කෙනෙකුගේ යහපත පිණිස පවත්නේ්යැයි අපගේ ශාන්තිනායක සම්මා සම්බුද්ධොත්මයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ කුමක් නිසාද? ලොව පවත්නා සෑම දෙයක්ම කලින් කලට කාලානුරූපව, දේශානුරූපව මිනිස් සිතුවිලිවලට අනුරූපව, වයස් සීමාවන්ට අනුරූපව වෙනස් වේ. මාගේ භාග්‍යවත් ළමා ළපටීන්ද දන්නා පරිදි, ළදරුවා ගන්නා ආහාරය තරුණයෙකුට ද, තරුණයා ගන්නා ආහාරය මහලු වියේ පසුවන කෙනෙකුට ද සුදුසු නොවේ. එමෙන්ම ඇඳුම් සම්බන්ධයෙන් ද, කථා විලාසය, ගමන් ගන්නා ආකාරය, යනාදිය ද තත්ත්වය එසේමය. එහෙත් දයාබර දරුවෙනි, හැම කලට හා හැම අවධියටම ශීලය එකසේ වැදගත් වේ. එබැවින් ඔබගේ මහා කාරුණික ශාස්තෘවරයාණන් වහන්සේ, මහලු විය දක්වා ශීලය උචිතවේ යැයි එම දේවතාවාට මහා කරුණාවෙන් පෙන්වා වදාරා ඇත.
පින්වත් දරුවෙනි, මහානාම ශාක්‍ය පුත්‍රයාගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්, අපගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාරා ඇත්තේ, තිසරණ සරණ යෑමෙන් බුදු සසුනේ උපාසක යන ගරු නාමය ලබන තැනැත්තා සිල්වත් වීමෙන්ම මහා උපාසකයෙකු වන බවයි.
බෝසත් ළමා ළපටියනි, කෙනකු සිල්වත්වීමට නම් අඩු ගණනේ පංච ශීලයෙහි පිහිටා සිටිය යුතු වේ. සත්ව හිංසාවෙන, සොරකමින්, කාම මිථ්‍යාචාරයෙන් බොරු කීමෙන් හා සිහිල් විකල් කරන මත්ද්‍රව්‍යවලින්ද වැළකීම යනු පංච ශීලයෙහි පිහිටා සිටීමයි. පන්සිල් ආරක්‍ෂා කිරීමයි. බොරු කීම හැරුණු විට පරුෂ වචනයෙන් කේලාම් කීමෙන් හා හිස් වචන කථා කිරීමෙන් වැළැකීම මගින් කුඩා ඔබට වචනයෙන් සංවර විය හැක. සීලය යනු හික්මීම හෙවත් සංවරවීමයි. වචනයෙන් සංවරවීම වාචසික ශීලයෙහි පිහිටා සිටීම වේ. දයාබර දරුවෙනි, මෙසේ කයින් හා වචනයෙන් සංවරවීම ඔබ ගත කරන දැහැමි ජීවිතය ඉදිරියේ සීලානුස්සති භාවනාව වැඩීමට උපයෝගි කරගත හැකිය. සෑම සුගන්ධයක්ම අබිබවා ශීල සුගන්ධයම දස දිසා වෙහිම පැතිර යන බව මාගේ පින්වත් දරුවන් අසා කියවා තිබෙනවා නේද? අපගේ පූජනීය ග්‍රන්ථ රත්නයක් වන ධම්මපදයෙහි සඳහන් වන
“චන්දනං නගරං වාපි උප්පලං අථ වස්සති එතෙසා ගන්ධ ජාතානං
යනු බුදු මුවින් ප්‍රකාශිත අනර්ඝතම දේශනයකි.
මාගේ භාග්‍යවත් බෝසත් ළමයිනි, කයින් හා වචනයෙන් සිල්වත් වූ සංවරවූ තැනැත්තා කෙරෙන් නිතරම ප්‍රකට වන්නේ කරුණාව හා මෛත්‍රියයි.අවිහිංසාව ඇති තැන කරුණා, මෛත්‍රි ගුණ පෙරදැරිව පවතී. පස්පවින් වළකින තැනැත්තා තම ඇසුරට පැමිණෙන මිතුරාට සැනසුමක් ලබාදෙයි. සෙතක්ම සලසයි. කරුණා පෙරදැරිව ඔහු රැක බලා ගනියි.මේ වනාහි සත්පුරුෂයාගේ කලණ මිතුරාගේ ගති ලක්‍ෂණ වේ. මේ වනාහි කල්‍යාණ මිත්‍රයෙකු හඳුනාගත හැකි මිනුම් දණ්ඩයි.
සැදැහැවත් ළමා ළපටියනි, ඔබගේ ශාන්තිනායක මහා කාරුණික තුන්ලෝකාග්‍ර වූ ලොවුතුරා බුදු අමාමෑණියන් වහන්සේ මහා කරුණාවෙන් , මහා ප්‍රඥාවෙන්, මහා අනුකම්පාවෙන් යුතුව අප සැම වෙනුවෙන් දේශනා කොට වදාරා ඇත්තේ
’ සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බෙ සං ජීවිතං පියං අත්තානං උපමං කත්වා
සෑම සත්ත්වයෝම දඬුවමට බියවෙත්, මේ සැමටම ජීවිතය පි‍්‍රයය. මෙසේ තමන් හා උපමාකොට හිංසාවෙන් වැළකීම වටනේය.
පින්වත් දරුවෙනි. අන් සතුදේ සොර සිතින් ගැනීමෙන් වැළකීමද මේ හා සමානව පරහිතකාමි ආකල්පයකි. කුඩා අවධියේ පටන් මාගේ දයාබර හික්‍ෂාකාමි දරු කැල පිරිසිදු චරිතයක් ගොඩනගා ගැන්මට අතිශයින්ම පරික්‍ෂාකාරී විය යුතුයි. මෙමගින් තමාට මෙන්ම, අනෙකාට ද මුළු මහත් සමාජයට ද සෙතක් වේ. ශාන්තියක් වේ. පවට ලජ්ජා භය ඇතිකර ගැන්ම, චරිත පාරිශුද්ධියට මග පෙන්වන්නකි.
එමෙන්ම ශාරිරික මානසික නිරෝගී බව වගා වර්ධනය කරන්නකි මනා සිහි බුද්ධියට බාධා කරන්නා වූ මත්ද්‍රව්‍ය පරිහරණය කෙනෙකුගේ කායික මානසික පිරිහීමට මග පාදයි.
මෙසේ, කයින්, හා වචනයෙන් සංවරවීමට උත්සාහ කිරීම මාගේ සත්පුරුෂ, ගුණගරුක කුඩා දරුවනට අතිශය වැදගත් වේ. මුසාවෙන්, චාටු බසින්, අනෙකා රැවටීමට යොමුවන තැනැත්තා මුලින්ම රවටාගන්නේ තමාමය. අපිරිසිදු සිතින් ගලා එන වචනය මුසාවාදයක්ම වේ. ඵරුස වචනයක්ම වේ. කේලම බසක්ම වේ. හිස් වදනක්ම වේ. පහන් සිත ශ්‍රද්ධා සම්පන්න සිත මුල් කරගෙන, මනසිකාරය පිහිටුවා ගලා එන වදන් මටසිලිටු වේ. කර්ණ රසායන වේ. සමගිය වඩන සුලුවේ. අර්ථවත් වේ. සත්‍යයම වේ. මෙසේ කාය සංවරය හා වචී සංවරය මගින් ලැබෙනුයේ සැපයක්ම වේ.
‘මනසා චෙ පසන්නෙන භාසතිවා කරොතිවා තතො නං සුඛ මත්වෙති
දයාබර දරුවෙනි. ඔබ සැමදෙන කය වචන, දෙක සංවර කර ගනිමින්, ශීලයෙන් පරිපූර්ණ වී මෙවන් සීල සුගන්ධයෙන් ජීවිතය ප්‍රබෝධමත් කරගනිමින් ප්‍රඥාව නමැති ආලෝකය කරා ගමන් කිරීමට උත්සුක වන්න. එම වටිනා අරමුණ සාක්ෂාත්කර ගැනීම සඳහා මාගේ ශ්‍රද්ධා සම්පන්න පින්වත් දරු කැලට සම්මා සම්බුදු සරණයි!
Saturday, May 14, 2011
ධර්මාවබෝධයට කැමති වෙමු
ධර්මාවබෝධයට කැමති වෙමු
ධර්මය අවබෝධ කරගැනීමේ කැමැත්ත අපි ලඟ තියෙන්ට ඕනැ. ධර්මාවබෝධ කිරීමේ කැමැත්ත නැත්නම් අපේ හිත පිරිසිදු කරගන්ට අපිට කැමැත්තක් ඇතිවෙන්නෙ නෑ. එතකොට හිතේ තියෙන අපිරිසිදු දේවල් ම වැඩි වෙලා යන ආකාරයට කටයුතු කරනව.
යමෙක් තුළ ධර්මාවබෝධය පිණිස උවමනාව නැත්නම් කැමැත්ත නැත්නම්, එයාට ධර්මාවබෝධය පිණිස උපකාර ලැබෙනකොට ඒ උපකාර සතුටු සිතින් පිළිගන්නවද? පිළිගන්නෙ නෑ. ධර්මාවබෝධය පිණිස කැමැත්ත තියෙන කෙනෙක් ඉන්නවා නම්, ඒ කැමැත්ත තියෙන කෙනා ධර්මාවබෝධය පිණිස උපකාර ලැබෙනකොට සතුටු සිතින් ඒව පිළිගන්නව. එතන තමයි අපි තේරුම්ගත යුතු දේ.
ධර්මාවබෝධය පිණිස උපකාර ලැබෙද්දී ඒ උපකාර සතුටු සිතින් පිළිගන්ට බැරි නම්, හිතට ඒක වදයක් නම්, හිත එයින් පෙළනව නම්, තේරුම්ගන්ට ඕනැ "මගේ හිත ධර්මාවබෝධය පිණිස පිහිටල නෑ, ධර්මාවබෝධයට කැමැත්ත ඉපදිලා නෑ, හිත වෙන කොහේද යන්නෙ" කියල.
ධර්මාවබෝධය පිණිස අවවාද දෙද්දීත්, ධර්මාවබෝධය පිණිස උපාකර කරද්දීත්, ධර්මාවබෝධය පිණිස උනන්දු කරවද්දීත්, යමෙක් තුළ සතුටක් එන්නෙ නැතුව එන්නෙ අකමැත්ත නම් එහෙම නැත්නම් තරහ, අමනාපය, අහිතවත් බව ම ඇතිවෙනවා නම්, පිරිස සමඟ අමනාප වෙන සිතුවිළි එනව නම්, හිත කෙලෙසන ස්වභාවයන් ඇතිවෙනව නම්, "මගේ හිත ධර්මාවබෝධය පිණිස පිහිටල නෑ, මගේ හිත ධර්මාවබෝධයට කැමැත්ත ඉපදිලා නෑ" කියල තේරුම්ගන්න.
තමන්ගෙ හිත ධර්මාවබෝධයට කැමැත්ත ඉපදිලා නැත්නම් ඒ හිත මඟින් තමාට යහපත සලසල දෙයි ද? නෑ. තමන්ට යහපත සලසන්නෙ නැත්නම් අනුන්ට යහපත සලසයි ද? නෑ. එතකොට තමාටත් අනුන්ටත් අහයපත පිණිස ම නේද අපි තුළින් යම් කටයුත්තක් කෙරුනොත් කෙරෙන්නෙ? ඒක ඉතා ම අනතුරුදායක යි.
ඒ නිසා හොඳට තේරුම්ගන්ට අපි අපේ ජීවිතය පරිවර්තනය කරගන්නෙ ඒ විදිහට කල්පනා කරල. ධර්මාවබෝධ කරන්ට උවමනා කරන අවවාද අනුශාසනා, උපකාර, දිරිගැන්වීම්, බහුල වශයෙන් ලැබෙද්දී ලැබෙද්දී, ධර්මාවබෝධයට කැමති කෙනෙකුගේ හිත සතුටට නේද පත්වෙන්ට ඕනැ? සතුටට යි පත්වෙන්ට ඕනැ. එයා ඒ පිරිස සමඟ ධාර්මිකව එකතු වෙන්ට ඕනැ.
එහෙනම් අපි ගැන මැනගන්ට හොඳ මිම්මක් මේක. ධර්මාවබෝධය පිණිස උපකාර, අනුග්‍රහ, උනන්දු කිරීම්, දිරිගැන්වීම් බහුල වශයෙන් ලැබෙද්දී අපේ හිත තුළ, හිත අපිරිසිදු කරන ධර්මාවබෝධයට බාධා කරන නිරයගාමී අකුසල් ම බලවත් වෙවී එනවා නම්, පිරිස සමඟ අකුසල සහගත විදිහට නම් මිශ්‍ර වෙන්නෙ, පිරිස සමඟ සංසිඳූනු ආකාරයට නෙවෙයි නම් මුණගැහෙන්නෙ, මුහුවෙන්නෙ, අපි එයින් මොකක් ද තේරුම්ගත යුත්තෙ? අපේ හිත ධර්මාවබෝධය පිණිස පිහිටල නෑ කියල යි. අපේ හිත තුළ ධර්මාවබෝධයට කැමැත්තක් ඇතිවෙලා නෑ. ඒකයි මේ එකිනෙකට පරස්පර දෙයක් සිද්ධ වෙන්නෙ.
එහෙනම් ඒ ආකාරයට අපේ හිත නිකෙලෙස් වීම පිණිස අවවාද ලැබෙද්දීත්, නිකෙලෙස් වීම පිණිස උපාකර ලැබෙද්දීත්, නිකෙලෙස් වීම පිණිස දිරිගැන්වීම් ලැබෙද්දීත්, අපේ හිත කෙලෙස් තුළට ම යනවා නම්, ඉරිසියාව, එකටෙක කිරීම, අහිතවත්කම, එකෙනෙකා කෙරෙහි දොස් දකින ස්වභාවය, ගුණ මකුකම, මේ ආදී අකුසල් ම අපේ හිත් තුළ බලවත් වෙනවා නම්, කැකෑරෙනවා නම්, ඉක්මනින් අපි ඒක හදා ගන්ට ඕනැ. ඉක්මනින් අපේ හිත යහපත් පැත්තට ගන්ට ඕනැ.
දැන් බලන්න දේවදත්තට ධර්මාවබෝධය පිණිස උපාකර ලැබුන, දිරි ගැන්වීම් ලැබුන, අනුග්‍රහයන් ලැබුන, ප්‍රමාණ රහිත තරම් උපාකර ලැබුන. ඒ ලැබෙද්දී ලැබෙද්දී උනත් එයා ධර්මාවබෝධය පිණිස ඒ උපාකර භාවිතා කළා ද? කළේ නෑ. ඒ උපකාර ලැබෙද්දී එයාට මොකද වුනේ? එයාගේ හිත තිබුනට වඩා අපිරිසිදු කරගත්ත. ඒකෙ විපාක විදිහට එයාට මොනවද ලැබුනෙ. ප්‍රමාණ රහිත වූ කර්කෂ දුක් විඳින්ට එයාට සිද්ධවුනා.
එහෙම වුනේ ඇයි ඒ? ධර්මාවබෝධයට කැමැත්තක් උපදවාගෙන තිබුනෙ නෑ. කැමැත්ත තිබුනා නම් එයාට මොන තරම් අනුග්‍රහ ලැබුන ද එතන? උපකාර ලැබුනෙ නෑ කියල කියන්ට බැහැ නේද? මහා උපකාර ලැබෙද්දී උනත් එයා ඒ මහා දුක් සහිත විපාකය උපදවා ගත්ත. කොතනද වරද්දා ගත්තෙ? ධර්මාවබෝධය පිණිස කැමැත්ත ඇතිකර ගත්තෙ නෑ. වෙනත් ළාමක දේවල් උදෙසා තමයි ඒ අයගෙ කැමැත්ත තිබුනෙ. ඒකෙ විපාක විදිහට තමයි ඒ බිහිසුනු, භයානක දුක් විපාක එයාට උරුම වුනේ.
ඉතින් කොයි කල වුනත්, එ කල වුනත්, මෙ කල වුනත්, අනාගතයේ දී වුනත්, යමෙකුට වැරදුනොත් වැරදෙන්නෙ කොතනින් ද? ඒ ධර්මාවබෝධය පිණිස කැමැත්ත නැත්නම්. උපකාර අවම වුනත්, උපකාර බහුල වුනත් ධර්මාවබෝධය පිණිස කැමැත්ත නැත්නම්, එයාට සුගතියවත් උපදවා ගන්ට අවස්ථාව ඉපදෙන්නෙ නෑ.
උපකාර අවම මට්ටමක තිබෙද්දී උනත් ධර්මාවබෝධයට කැමැත්ත තියෙනවා නම් එයා ධර්මය කරා යනව, ධර්මාවබෝධ කරනව, සසරින් නිදහස් වෙනව. ඒ නිසා ධර්මාවබෝධයට තියෙන කැමැත්ත කියන ඒ බලවත් කුසලය උපදවාගන්න. ඒ බලවත් සිත උපදවා ගත්තොත් ධර්මාවබෝධය කිරීමට තියෙන කැමැත්ත හොඳට උපදවා ගත්තොත්, මේ හිත් වල තියෙන නිරයගාමී අකුසල් ප්‍රහාණය කරගන්ට කාටත් පුළුවන්කම තියෙයි.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
අපි අපි ගැන ම සොයා බලමු
අපි ධර්මය පුරුදු කරනවා කියල විවිධ කටයුතු කරද්දී අකුසල් ප්‍රහාණය වීමක් වෙන්නෙ නැත්නම්, නොතිබුනු අකුසල් ඉපදෙනවා නම්, තිබුනු අකුසල් බලවත් වෙනවා නම්, අපි ධර්මය පුරුදු කරල නෑ. දැන් දේවදත්ත සිල් සමාදන් වුනා ද නැද්ද? සමාදන් වුනා. සමාදන් වූ සිල් පද රැක්කද නැද්ද? සිල් රැක්ක.
එයත් බණ ඇහුව ද නැද්ද? ඇහුව. එයා බණ කිව්ව ද නැද්ද? කිව්ව. අන් අයට සිල් සමාදන් කෙරෙව්ව ද නැද්ද? සමාදන් කෙරෙව්ව. ඊට පස්සෙ එයා පින්ඩපාතෙ වැඩිය ද නැද්ද? වැඩිය. ඊලඟට එයා භාවනා කළා ද නැද්ද? භාවනා කළා. එයා සක්මන් කළා ද නැද්ද? සක්මන් කළා. ධර්ම සාකච්ඡා කළා ද නැද්ද? කළා.
සමාධිය ඉපදුව ද නැද්ද? උපදවා ගත්ත. ධර්මය පුරුදු කරනවා කියල යමෙක් කරන්නා වූ කටයුතු එයා කරගෙන ගියා. නමුත් එයා ගියෙ කොහෙට ද? ප්‍රමාණ රහිත වූ කර්කෂ දුක් විඳින්ට එයාට සිද්ධ වුනා. ඒ නිසා ඒ ධර්මය පුරුදු කිරීම පිණිස කරන කටයුතු වල බාහිර පෙනෙන දේ පමණක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ.
බාහිරට පේනවා අපි සිල් සමාදන් වෙලා ඉන්නව. නමුත් අපේ අභ්‍යන්තරය තමයි සොයා බැලිය යුත්තෙ. අපි මේ ධර්මය පුරුදු කිරීම පිණිස කරන්නා වූ කටයුතු කරද්දී අභ්‍යන්තරයට මොකද වෙන්නෙ කියල බැලිය යුතුයි. බාහිරින් අපි බැලුවොත් අපිට පේන්නෙ ධර්මය පුරුදු කරනවා කියල යම් යම් කටයුතු කරනව කියල යි.
බාහිර පැත්ත තමයි අපි බලන්නෙ. බලනකොට පේනව, අහවලා මට දොස් කිව්ව, අහවලා මාව පිළිගත්තෙ නෑ. බාහිරින් බැලුවොත් පේන්නෙ ඕව. ඒක මේ වගේ, ගෙදර අහුමුලු බලන්නෙ නෑ කෙනෙක්. පාරෙ ගිහින් බලනව කුණු දාල ද කියල.
අල්ලපු වත්ත බලනව ගිහිල්ල. "අන්න පෙනෙයි ද ජරාව වල් බිහිවෙලා" කියල. එතකොට තමන්ගෙ ගෙදර දේ හොයල බලන්නෙ නෑ. මොකද වෙන්නෙ? මොහොතින් මොහොත, දවසින් දවස තමාගෙ නිවස කිළිටි වෙලා යනව. ඒ නිසා අපි තමාගේ නිවස ගැන සොයල බැලිය යුතු යි.
ඒ නිසා කව්රුත් තේරුම් ගන්න ධර්මාවබෝධය පිණිස වුවමනා කරන කටයුතු කරගෙන යන අතර සොයල බැලිය යුතුයි තමන්ගෙ හිත ගැනත්. හොයල බලන්ට ඕනැ තමන්ගෙ හිත තුළ කාමච්ඡන්දය තියෙනවද? බහුල වශයෙන් තියෙනව ද? තරහ, ව්‍යාපාදය හිතේ තියෙනවද බහුල වශයෙන් හිතේ තියෙනව ද? ඒ තරහ, ව්‍යාපාදයට හිත යටවෙලා තියෙනව ද? මේ විදිහට යි බලන්ට ඕනැ.
ථීනමිද්දය හිතේ තියෙනව ද? ථීනමිද්දය බලවත් ව තියෙනව ද? ථීනමිද්දයට යටවෙලා හිත තියෙනව ද? කියල බලන්න ඕනැ. එකටෙක කරන ස්වභාවය හිතේ තියෙනව ද? කියල බලන්න. ඒ ස්වභාවයට හිත යටවෙලා තියෙනව ද? බහුල වශයෙන් යටවෙලා තිියෙනව ද? කියල බලන්න. ඊරිසියාව හිතේ තියෙනව ද? බලන්න.
ඊරිසියාව බහුල වශයෙන් තියෙනව ද? බලන්න. ඊරිසියාවට යටවෙච්ච හිත තියෙනව ද? කියල බලන්න. අනුන්ගේ ඇද කුද හොයන ස්වභාවය හිතේ තියෙනව ද? කියල බලන්න. ඒ ස්වභාවයට හිත යටවෙලා තියෙනව ද? කියල බලන්න. ගුණ මකන ස්වභාවය හිතේ තියෙනව ද? බලන්න. ඒ ස්වභාවයට හිත යටවෙලා තියෙනව ද? බලන්න.
ඒ විදිහට තමන්ගෙ හිතේ මේ නිරයගාමී විදිහට හිත කෙලෙසන කිළිටි ස්වභාවයන් තියෙනව ද? කියල විමසල බලන්න. එහෙම විමසල බලමින් ඒවා බැහැර කරගැනීම පිණිස කැමැත්ත උපදවාගෙන කටයුතු කරන්න. දැන් ඔබ විමස විමසා බලන්නෙ ඔබගෙ හිත ගැන නේද? ඔබගෙ හිත තුළ ම තියෙන කිළිටි ස්වභාවයන් ගැන විමස විමසා බලනව. බලමින් ඒව බැහැර කරගන්ට කටයුතු කරනව.
එතකොට කලක් ඒ විදිහට කටයුතු කරමින් යනකොට ඔබට මොකක් ද තේරෙන්නෙ? ආරම්භයේදී ඔබට තේරෙයි තමන්ගෙ හිතේ ඊරිසියාව තියෙනව. එකටෙක කරන ගතිය තියෙනවා. ආඩම්බරය තියෙනවා. ඇද හොයන ගතිය තියෙනවා තේරෙයි. තරහ, වෛරය, ඊරිසියාව මේව තියෙනව තේරෙයි.
එතකොට මේ අකුසලයන් අඳූනගෙන බැහැර කරගැනීම පිණිස කටයුතු කරන කෙනා ඒ ආකාරයෙන් කලක් කටයුතු කරගෙන යනකොට එයාට තේරෙයි දැන් මගේ හිතේ තරහ නෑ, ඊරිසියාව නෑ, එකටෙක කරන ස්වභාවය නෑ, ගුණමකුකම නෑ කියල. ඒ කෙලෙස්, කිලිටි ස්වභාවය දැන් තමන්ගෙ හිත තුළ නෑ කියල එයාට තේරෙන කලක් එනව. එතකොට තමන්ගෙ හිත තුළ කිලිටි නෑ කියල තෙරෙනකොට එයා තුළ සතුටක් ඉපදෙයි ද? කණගාටුවක් ඉපදෙයි ද? සතුටක් ඉපදෙයි.
එතකොට මේ කෙලෙස් දුරුවීම එකපාරට වෙනව ද? එකපාරට වෙන්නෙ නෑ. කලක් යයි මේකට. කලක් ගත වෙද්දී ඒ අකුසල් දුරුවෙන්ට නම් එයා සෝදිසි කර කර බලන්න ඕනැ නේද? සෝදිසි කර කර බැලුවෙ නැත්නම් එයාට හොයන්ට පුළුවන් ද? හොයන්ට බෑ. ඒ නිසා මේ පිටස්තර ලෝකයට එබිකම් කරන්ට එපා. වැඩක් නෑ. තමන්ගෙ හිත කිලිටිවෙන එකමයි වෙන්නෙ.
අනුන්ගෙ කුණු ගොඩවල් පහුරුගාන අය බවට පත්වෙන්ට එපා. එතකොට තමන් කිලිටි වෙනවද? නැද්ද? කිලිටි වෙනව. තමන්ගෙ කිලිටි ගැන හොය හොයා බල බලා ඒව බැහැර කරගන්ට කල්පනා කරන්න. එතකොට යම් කලකදී මේ කාටත් ඒ කිලිටි බැහැර කරගෙන පිරිසිදු සිත් ඇති අය බවට පත්වෙන්ට පුළුවන්.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
‘මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි’….. මේ සුන්දර වදන් පෙළ සිතෙන විට පවා කොයිතරම් ප්‍රබෝධයක්, ශ්‍රද්ධාවක් හිතේ ඇති වෙනව ද… ශාක්‍ය පුත්‍ර වූ අංගීරස වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම බුදුරදුන්ගේ සම්බුදු සසුනේ පහස ලබන්නට තරම් අපි වාසනාවන්ත වුනා. ඒවා මේ ආවාට ගියාට සිද්ධවෙන දේවල් නෙවේ….. පිං බලයෙනුයි ඒ දේවල් ඒ විදියට වෙන්නේ. ඉතින් ඒ ආශ්චර්යමත් මනුෂ්‍යරත්නය අපට දායාද කළ ඒ අති උතුම් ශ්‍රී සද්ධර්මය කොතරම් නම් සුන්දර ද…… සත්‍යවාදී ද…. කොතරම් නම් ස්වාක්ඛාත ද…….. අපේ බුදු පියාණන් වහන්සේ අප ගැන කොයිතරම් නම් අනුකම්පාවෙන් ද මේ දේවල් අපට දායද කළේ…..
මේ මිහිතලය මත එදා මෙදා තුර, කාලයේ වැලිතලා වලින් සැඟව ගිය සුන්දර අතීතයක යටගියාව අනාවරණදස්සී වූ අප මුණීන්ද්‍රයන් වහන්සේ විසින් අපට කියා දෙනු ලැබුවා. ඒ පහුගිය කල්ප 91 තුළදී මේ තුන්ලොවම තම ණැන පහන් ආලෝකයෙන් ඒකාත්මික කළ අසිරිමත් මහා පුරුෂෝත්තමයින් හයදෙනෙකු ගැන. ඒ මේ මිහිමත වැඩ සිටි තවත් අසමසම බුදුවරුන් හයනමක් ගැන……
ඉතින් ඒ කල්ප අනූ එකක් ඈතට දිව යන ඒ අසිරිමත් අතීතය ගැන කතා කරන්න කලින් කල්පයක් කියන්නෙ කොයිතරම් කාලයක් ද කියල අපි මොහොතක් කතා කරමු.
දවසක් මේ ප්‍රශ්නෙම භික්ෂූන් වහන්සේ නමක් අහනවා අපේ භාග්‍යවතුන් වහන්සේගෙන්. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, කල්පයක් කියන්නේ කොයිතරම් දීර්ඝ කාලයක් ද කියලා වර්ෂ වලින් කියන්න පුළුවනි ද?”
එතකොට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා “පිංවත් භික්ෂුව, කල්පයකට මෙතරම් වර්ෂ තියෙනවා, මෙතරම් වර්ෂ ලක්ෂයක් තියෙනවා, දස ලක්ෂයක් තියෙනවා, කෝටියක් තියෙනවා, කෝටි දස ලක්ෂයක් තියෙනවා කියල කල්පයක දීර්ඝ කම කියන්න බැහැ.” ……
තවත් විටෙක උන්වහන්සේ ලස්සන උපමාවකින් කල්පයක දීර්ඝ බව මේ විදියට පෙන්නලා දෙනවා….. ඔන්න යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස මහා පර්වතයක් තියෙනවා. යම් පුද්ගලයෙක් අවුරුදු 100කට වතාවක් බොහොම සිනිඳු සේද රෙදි කඩකින් මේ පර්වතය පිරිමදිනවා. මෙහෙම පිරිමදිත් දි කාලයක් යනකොට පිරිමැදීම නිසා අර පර්වතය ගෙවී නැතිවී යනවා. ඒත් කල්පය අවසන් වෙන්නෙ නැහැ…… කල්පය ගැන අදහසක් ගන්න ප්‍රමාණවත් නේද…..? ඉතින් මේ අපි කතා කරන අසිරිමත් බුදුවරුන්ගේ ඉතිහාසය එවැනි කල්ප 91ක් දක්වා ඈතට විහිදී යනවා මේ විදියට.
මෙතැනින් කල්ප අනූ එකකට එපිට මේ මිහිමත තිබුන මනුෂ්‍ය වාසයක්. එදා ජීවත් වුන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80000ක්. (දැන් කාලෙ 80 ඇදගන්නෙත් බොහොම අමාරුවෙන්නෙ) ඉතින් මේ කාලේදි මහා පුරුෂ ලක්ෂණ 32කින් හෙබි අසිරිමත් මනුෂ්‍ය රත්නයක් පහල වුනා දඹදිව බන්ධුමතී කියන නුවර බන්ධුමාන රජුට හා බන්ධුමතී දේවියට දාව ‘විපස්සී’ නමින්. පළොල් රුක් සෙවනකදි උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කොට සම්බුදු බව පසක් කළ ඒ මහා උත්තමයන් වහන්සේට ‘ඛණ්ඩ’ හා ‘තිස්ස’ නමින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, ‘අශෝක’ නමින් අග්‍ර උපස්ථායක ස්වාමීන්වහන්සේ නමකුත් වැඩ හිටියා. උන් වහන්සේගේ ශාසනය තුළ අනන්ත අප්‍රමාණ ශ්‍රාවක පිරිසක් මේ සසර කතරින් එතෙර වුනා. කෙළවර උන්වහන්සේ ආයු සංස්කාර නිමවා උතුම් පිරිනිවනට වැඩියා. තුන් ලොව එකළු කල පහන්සිළ එලෙස නිවී ගිහින් කාලයාගේ ඇවෑමෙන් ඒ බුද්ධ ශාසනය මිහිමතින් අතුරුදන් වුනා. අවාසනාවන්ත කාලපරිච්ඡේදයක් උදා වුනා කල්ප 60ක බුදුවරු නැති…. චතුරාර්ය සත්‍ය ධර්මය කතා නොකරන,මගඵල ලාභීන් නැති, බුද්ධ ශූන්‍ය වකවානුවක්….. කල්ප 60ක්ම.
අනතුරුව, ඒ කිව්වේ මෙතනින් කල්ප 31කට එපිට උදාවුනා තවත් වාසනාවන්ත යුගයක්. මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 70000ක් මේ වෙනකොට. තවත් අසිරිමත් මනුෂ්‍ය රත්නයක් ඒ දඹදිව් තලයේම ‘සිඛී’ නමින් අරුණවතී නුවර අරුණ රජතුමාට හා ප්‍රභාවතී බිසවට දාව මෙලොව උපත ලැබුවා. මාරසේනා පරදවා හෙළඹ රුක් සෙවනකදී උතුම් සම්බෝධිය සාක්ෂාත් කළ ඒ මුණීන්ද්‍රයන් වහන්සේටත් ‘අභිභූ’ හා ‘සම්භව’ නමින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, ‘ඛේමංකර’ නම් වූ අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමකුත් වැඩ සිටියා. තුන් ලොවම අමා සිහිලෙන් නැහැවූ ඒ අමා ගඟුළ ආයු සංස්කාර නිමවූවා. කළක් ඇවෑමෙන් ඒ බුදු සසුනේ නෂ්ඨාවෂේශත් මේ මිහිමතින් අතුරුදන් වුනා ලොව දහම පසක් කරමින්.
කාලය ගත වුනා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60000 දක්වා අඩු වුනා. අපි තාම මේ කතා කරන්නෙ 31 වෙනි කල්පය ගැන. මේ 31 වෙනි කල්පයේ මිනිස්සු එතරම්ම අවාසනාවන්ත නැහැ. ඒ මොකද ‘වෙස්සභූ’ නමින් තවත් බුදු වරයකු පහළ වුනා ඒ කල්පය තුළදී ම දඹදිව් තළයේ. අනෝම නුවර තමා මේ අසිරිමත් උපත සිද්ධ වුනේ සුප්පතීත රජු හා යසවතී බිසවට දාව. ගුරු උපදේශ නොමැතිව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සාක්ෂාත් කොට සාල රුක් සෙවනකදී සම්බුද්ධත්වයට පත් ‘වෙස්සභූ’ බුදුරජාණන් වහන්සේටත් පෙර බුදුවරුන්ට පරිදිම ‘සෝන’ හා ‘උත්තර’ නමින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, ‘උපශාන්ත’ නමින් අග්‍ර උපස්ථායක හිමි නමකුත් වැඩ සිටියා. සකළ සත හට සුවය සලසා තුන්ලොවටම දම් සුවඳ පතුරා ඒ බුදු සසුනත් කෙළවර වුනා.
ඉන් පස්සේ ආයෙමත් මහා අවාසනාවන්ත යුගයක්. කල්ප 30ක්ම බුද්ධ ශූන්‍ය යි. පොඩි කාලයක් ද…… කල්පම 30ක්. ඉතින් ඒ කල්ප 30 ඇවෑමෙන් උදා වුනා අපි මේ පහල වෙලා ඉන්න මහා භද්‍ර කල්පය. පසුගිය කල්ප සියය පුරාවටම උදා වුන වාසනාවන්තම කල්පය. ඇයි එහෙම කියන්නේ කියල ඔයාලටම තේරේවි ඉතුරු ටිකත් කියවන කොට. ඉතින් කල්ප 30කට පස්සෙ උදාවුන මේ මහා භද්‍ර කල්පය ආරම්භයේදී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000ක්.
දඹදිව් තලයේම ඛේමවතී නුවර අග්ගිදත්ත බ්‍රාහ්මණ තුමාට දාව විශාඛා බ්‍රාහ්මණ තුමියගේ කුසින් මහා පින්වත් පුත් රුවණක් බිහිවුනා. මහරි රුක් සෙවනකදී සියළු කෙළෙසුන්ගෙන් මිදී අමා නිවන සාක්ෂාත් කළ ‘කකුසඳ’ නම් වූ ඒ නරෝත්තමයන් වහන්සේටත් ‘විදුර’ හා ‘සංජීව’ නමින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, ‘බුද්ධිජ’ නම් වූ අග්‍ර උපස්ථායක වනසේ නමකුත් වැඩ සිටියා. අඳුරෙහි ගිලී සිටි සත්වයාගේ ණැනස පෑදූ ඒ අමා ගඟුලත් වියැලී ගියා ආයු සංස්කාර නිමවමින්.
අපි මේ එන්නේ කල්ප 100කට ආසන්න අතීතයක ඉඳන්… මතකයි නෙ? එදා මිනිස්සුන්ගෙ ආයුෂ අවුරුදු 80000ක් තරම් කියල අපි කිව්වනෙ. ඉතින් මේ මහා භද්‍ර කල්පයේ ඒ කිව්වේ අපි මේ ජීවත් වෙන වාසනාවන්ත වූ යුගයේ දෙවන යුග පුරුෂයානන් වහන්සේගේත් බෝසත් උපතත් සිද්ධ වෙනවා ඒ දඹදිව් තළයේම සෝභවතී නුවර යඤ්ඤදත්ත බ්‍රාහ්මණ තුමාටත්, උත්තරා බ්‍රාහ්මණ තුමියටත් මව්පිය පදවි පිරිනමමින්. හැබැයි මේ කාලෙ වෙනකොට මිනිස් ආයුෂ අවුරුදු 30000 දක්වාම අඩු වෙලා. ‘කෝණාගමන’ නමින් දිඹුල් රුක් සෙවනකදී මාර පරාජය කොට උතුම් සම්බුද්ධත්වයට පත් ඒ මහා මුණීන්ද්‍රයන් වහන්සේ හටත් ‘භීය්‍යෝස’ හා ‘උත්තර’ නමින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමකුත්, ‘සොත්ථිජ’ නමින් අග්‍ර උපස්ථායක ස්වාමීන් වහන්සේ නමකුත් එදා වැඩ හිටියා. තුන්ලොවට අමා පැන් බෙදා දුන් ඒ බුදු සසුනත් ලෝ දහම සාක්ෂාත් කරමින් කාලයේ වැලි යට සඟව ගියා.
ඒ වාසනාවන්ත කල්පයේ මේ මිහිමත තවත් සොඳුරු අභිමානවත් යුගයක් උදා වුනා මිනිස් ආයුෂ අවුරුදු 20000 දි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි ඒ මහා පුරුෂරත්නය දඹදිව කිකී නුවර බ්‍රහ්මදත්ත බ්‍රාහ්මණ තුමාටත්, ධනවතී භ්‍රාහ්මණතුමියටත් දාව ලොව පහල වී නුග රුක් සෙවනකදී සේනා සහිත මරු පරදවා ‘කාෂ්‍යප’ නමින් තුන්ලොව එක්සේසත් කොට ඒ මහා ධර්මරාජ්‍යය යළි බිහිකළා. ඒ ධර්මරාජ්‍යයේ සේනාධිපතිවරුන්, ඒ කියන්නෙ අග්‍රශ්‍රාවකයන් වුනේ ‘තිස්ස’ හා ‘භාරද්වාජ’ කියල උතුම් මහරහත් දෙනමක්. උපස්ථාන කලේ ‘සර්වමිත්‍ර’ නම් ස්වාමීන්වහන්සේ නමක්. ඇවිලගත් සිත් සතන් නිවාලමින් අමා දම් වැසි ඇද හැලුනා. සසරට වන් අසරණ සත්වයා සදා සැනසිල්ල ලැබුවා. කාලයාගේ ඇවෑමෙන් ඒ බුදු සසුනත් අතීතය තුළ ගිලී වැලලී ගියා කලින් වතාවල පරිද්දෙන්ම….
මිනිස්සුන්ගේ ආයුෂ වේගයෙන් අඩුවෙන්න වුනා. ආයු කාලය අවුරුදු 20000 ඉඳල 120 දක්වාම අඩු වුනා. නමුත් මතකද අපි කිව්වා මේ භද්‍ර කල්පයේ මිනිස්සු වාසනාවන්තයො කියල. ඉතින් ඒ වාසනාව මල් ඵල ගන්වමින්, පිනක මහිම මොනවාට කියපාමින් දඹදිව කපිලවස්තු නුවර සුදොවුන් රජුටත් මහාමායා දේවියටත් දාව පින්වත් පුත් රුවනක් මෙලොව එළිය දුටුවා සිද්ධාර්ථ නමින් මීට අවුරුදු 2632කට කලින්. ඇසතු රුක් මුලදී මාර පරාජය කොට උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කළ ඒ මහා නරෝත්තමයන් වහන්සේ තමයි අප මුළු හදින් සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් ‘ගෞතම’ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපටත් පිනක් තිබුනා බුද්ධ ශාසනයක් ලොව පවතින කාලයක මිනිස් උපතක් ලබන්න. අංගවිකල, මන්දබුද්ධික නොවී යහපත් සිතීමේ ශක්තියක් ඇතුව….. කළණ මිතුරන් ඇසුරේ….. අපටත් පින තිබුනා ඒ අමා වැස්සේ තෙමී නැහැවෙන්නට…. ඒ බුදු සුවඳ විඳගන්නට….. දුර්ලභව ලැබුනු මේ උතුම් අවස්ථාවේ අපි එතනින් නැවතුනොත් මේ වාසනාවන්ත යුගයේ පහල වුන අවාසනාවන්තම මිනිසුන්ගේ ගොඩට අපිත් වැටෙනවා. අපි මුලින් කතා කලානෙ පෙර කළ උන්නු බුදු වරු ගැන. ඉතින් අපි දැක්කනෙ විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කල්ප 60ක්ම බුද්ධ ශූන්‍යයි. ඊට පස්සේ ආයෙත් කල්ප 30ක් බුද්ධ ශූන්‍යයි. ඉතින් අපිට අප ලද මේ වාසනාව වටහා නොගත්තොතින් ආයෙත් කවදානම් අවස්ථාවක් ලැබේවිද මේ ඉපදෙන ලෙඩවෙන මැරෙණ දුක්ඛිත සසර ගමනේ අවසානයක් දකින්නට……
මේ සසරේ බියකරු, අනියත, අනාත්ම ස්වභාවය තේරුම් ගන්න බැරිවුන ඇතැම් මෛත්‍රී බුදු සසුන පතාගෙන යනවා. මේ කල්පයේ ඈතක, දුරක, කෙළවරක සැඟවුන කොනක, නොදන්නා ඉසව්වක තියෙන….. ඇයි අපි මේ තවමත් මුලා වෙලා…….?
ගෞතම බුදු සසුනේ පහස ලද පින්වත් මිතුරනේ….. ගිලිහෙන්න දෙන්න එපා මේ අති දුර්ලභව ලද ක්ෂණය…….. අමතක කරන්න එපා අපි මේ ඉන්නේ පිරිසිදු බුදු සසුනක් ලොව පවතින සමයක කියලා. දැනවත් හිතන්න මොහොතක්…. ප්‍රමාද නොවී.
ලද උතුම් දුලභ ක්ෂණය හතුරකුගෙන්වත් ගිලිහී නොයේවා……. ඒ අනන්ත සම්මා සම්බුදු ගුණ බලයෙන්…..!!!
විපස්සී බුදුරජාණන් හට – නමස්කාර වේවා
සියළු සතුන් හට – අනුකම්පා ඇති
සිඛී බුදුරජාණන් හට – නමස්කාර වේවා
සියළු කෙළෙස් නැති – වෙර වීරිය ඇති
වෙස්සභූ බුදුරජාණන් හට – නමස්කාර වේවා
දසමර සේනා – ඔද තෙද බිඳ හළ
කකුසඳ බුදුරජාණන් හට – නමස්කාර වේවා
කෙළෙස් බැහැර කල – බඹසර නිම කළ
කෝණාගමණ බුදුරජාණන් හට – නමස්කාර වේවා
හැම කෙලෙසුන්ගෙන් – හොඳි මිදී ගිය
කස්සප බුදුරජාණන් හට – නමස්කාර වේවා
ලොවේ සියළු දුක් – මැනවින් දුරු වන
මේ සිරි සදහම් පවසා වදහළ – යම් කෙනෙකුන් වෙද
සොඳුරු සිරිය ඇති – ශාක්‍ය පුත්‍ර වූ
අංගීරස වූ අපගේ ගෞතම බුදු සමිඳුන් හට – නමස්කාර වේවා
ඒ බුදුවරු ලොව – නිවනට වැඩිසේක් ම ය
හැම දේ ගැන සැබෑ තත්ත්වය – විදසුන් කළ සේක් ම ය
ඒ නරෝත්තමයන් වහන්සේලා – පිසුණු බස් නොපවසත් ම ය
මහානුභාව සම්පන්න ම ය – සසර බිය නැති සේක් ම ය
දෙව් මිනිසුන් හට – හිතසුව සලසන
ගෞතම නම් වූ – විජ්ජාචරණ සම්පන්න වූ
මහානුභාව සම්පන්න වූ – හැම බියෙන් නිදහස් වූ
බුදුරජාණන් වහන්සේට – දෙව් මිනිසුන් නමස්කාර කරන්නා හු ය
ගෞතම නම් වූ – විජ්ජාචරණ සම්පන්න වූ
ඒ බුදුරජාණන් වහන්සේට – අපගේ නමස්කාරය වේවා…!!!
Tuesday, May 10, 2011
..තමා නොදැවෙනු පිණිස..!
..තමා නොදැවෙනු පිණිස..!
නමෝ බුද්ධාය..!!! දයාබර යාලුවනේ.., මේ කාරණා ටික බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිස යි ලියන්න කල්පනා කළේ. මේ ලිපිය දීර්ඝ වෙන්නට ඉඩ තිබෙනවා.. නමුත් සම්පූර්ණයෙන් කියවීම ඔබට යහපත පිණිස පවතීවි.. අපේ භාග්‍යවතුන් වහන්සේ ගේ සම්බුද්ධ සාසනය කියල කියන්නේ ......Sunday, May 8, 2011
ධම්ම පදය පර්යේෂණාත්මක තොරතුරු
ධම්ම පදය පර්යේෂණාත්මක තොරතුරු
විලාන – උඩගම ශ්‍රී පූර්වාරාම විහාරවාසී,
කොණකලගල ශ්‍රී සද්ධානන්ද මහ පිරිවෙනේ
පරිවේනාචාර්ය, කඳුරට දේශීය ආයුර්වේද
වෛද්‍ය විද්‍යාලයෙහි සංස්කෘත විෂය
පිළිබඳ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
අංකුඹුරේ චන්දානන්ද හිමි
ක්‍රි.පූ. 6 වන ශතවර්ෂයේ දී භාරත දේශයේ පහළ වූ අග්‍රගණ්‍ය, අසමාන ශාස්තෘවරයකු වූ බුදුන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස දේශනා කළ ධර්මය විවිධ තැන්වල, විවිධ පුද්ගලයන් අතරත විසිරී පැවතිණ. මෙලෙස විසිරී පැවැති ධර්ම, විනය දෙක එක්තැන් කොට චිරස්ථායී වනු පිණිස ආරක්‍ෂා කරගෙන යෑමට ආර්ය මහා සංඝරත්නය දිවි හිමියෙන් ඇප කැප වූ බව නොරහසකි.
එහිදී තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර කොටස් හා විනය කොටස් එක්තැන් කොට ග්‍රන්ථ වශයෙන් පවත්වාගෙන යෑමෙහිලා සංගීති කාරක භික්‍ෂූන් වහන්සේ උත්සාහි වූ බව ද අපි දනිමු. ඒ අනුව තෘතීය ධර්ම සංගීතියෙන් පසුව අපට ථෙරවාදී සූත්‍ර පිටකයෙහි ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථයක් ලෙසින් ධම්මපදය හඳුනාගත හැකි වෙයි.
තථාගතයන් වහන්සේ විසින් විවිධ පුද්ගලයන් අරඹයා දේශනා කරන ලද, සෙසු සූත්‍ර පිටක ග්‍රන්ථවල ඇති ගාථා ධර්මයන් ද මෙම ධම්මපදය තුළ අන්තර්ගත වී තිබෙනු හඳුනාගත හැකි ය.
තවද මෙම ග්‍රන්ථය ලොව බොහෝ විද්වතුන්ගේ හස්තසාර ග්‍රන්ථයක් වී තිබෙනු පැහැදිලි ය. ඒ අනුව මෙම ධම්මපදය ථෙරවාද, මහායාන සම්ප්‍රදායයන් දෙකෙහිම හා ඒ ඒ නිකායයන්හිද විවිධ භාෂාවලින් රචනා වී තිබේ.
ධම්මපද නැතහොත් ධර්ම පද යන වදන ත්‍රිපිටකයෙහි දී විවිධ වූ අරුත් දැනවීම සඳහා යෙදී ඇති බව පෙනේ. ඒ පහත පරිදි ය.
1. ධර්මයට අදාළ කියමනක් හෝ කියමන්
2. ධර්මයේ පදයක් වූ ගාථාව
3. නිර්වාණයට මඟ පෙන්වන අධ්‍යාත්මික මාර්ගය වශයෙනි.
කෙසේ වතු දු බෞද්ධයාගේ අත්පොත වශයෙන් පවා ධම්මපද ග්‍රන්ථය සම්භාවනාවට පාත්‍ර වී ඇති බව බෞද්ධ සාහිත්‍යය පිළිබඳ විමසීමෙන් අපට පැහැදිලි වෙයි. සමස්ත බුදු දහමෙහි සාරාංශයක් වන් ධම්මපද ග්‍රන්ථය බෞද්ධ භික්‍ෂූන් වහන්සේ විසින් සතතයෙන් පරිශීලනය කරනු ලබන ග්‍රන්ථයක් වෙයි. එමෙන්ම ජීවිතයට මහෝපකාරී වන්නා වූ සදුපදේශ සමුදායක් ධම්මපදය තුළින් ලබාදෙන බැව් එම ග්‍රන්ථය පරිශීලනයෙන් දත හැකි ය. මෙකියනු ලබන ‘ධම්ම පදය’ බුද්ධභාෂිතයක් වන බව මිලින්ද පඤ්හයේ සඳහන් වෙයි.
එසේ වූවද මෙහි ශ්‍රාවක භාෂිතයන් ද ඇතුළත් වන බව දැනගෙන තිබීම අතිශයින් වටනේ ය.
එමෙන්ම ‘නිද්දේස’ නම් වූ ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථයෙහිද, අභිධර්ම පිටකයට අයත් කථාවත්ථුප්ප කරණයෙහිද ධම්මපදයෙහි එන ඇතැම් ගාථාවන් දක්නා ලැබෙයි. එපමණක්ද නොව මේ පිළිබඳ භාණක මතයන්ද සලකා බැලීම අපට වැදගත් වනුයේ ඒ පිළිබඳ වූ යම් යම් දුරවබෝධයන් පවතින හෙයිනි. මජ්ඣිම භාණකයන් ධම්මපදය ඛුද්දක නිකායට අයත් කොට සලකනු පෙනෙයි. ඛුද්දක නිකාය යනු කුඩා ග්‍රන්ථවල සංග්‍රහයකි.
සුමංගල විලාසිනී නම් වූ දීඝනිකායට්ඨ කථාවට අනුව ඛුද්දක නිකායෙහි ග්‍රන්ථ 45 ක් වන අතර එහි දෙවැනි ග්‍රන්ථය වනුයේ ධම්මපදයයි. දීඝ භාණකයන් ග්‍රන්ථ 11 ක් පමණක් ඛුද්දක ග්‍රන්ථ ලෙසින් පිළිගන්නා අතර, එහි පස්වැනි ග්‍රන්ථය වශයෙන් ධම්මපදය ඉදිරිපත් වී ඇත. එමෙන්ම ඛුද්දක නිකායේ ග්‍රන්ථවල කාලක්‍රමය විමසන විචාරකයෝ ධම්මපදය ඇතුළු තවත් ග්‍රන්ථ සතරක (ඛුද්දක පාඨ, සුත්ත නිපාත, උදාන, ඉතිවුත්තක) අධික ප්‍රාමාණික බුද්ධවචන ඇත්තේ යැයි පිළි ගනිති.
ධම්මපදයෙහි චීන අනුවාදද පවතින බැව් ක්‍රි.ව. 1951 දී භාරතසිංහ උපාධ්‍යාය විසින් හින්දි භාෂාවෙන් රචිත “පාලිසාහිත්‍ය කා ඉතිහාස” නම් ග්‍රන්ථයෙහි පැහැදිලිවම සඳහන් කොට තිබේ.
විචාරකයන්ගේ මතවාදයන්ට අනුව ධම්මපදය ප්‍රාචීනතම යුගයට අයත්වෙයි. මෙය බෞද්ධයන්ගේ හස්තසාර ග්‍රන්ථයක් වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවන අතර, ලක්දිව උපසම්පදා විනය කර්ම සඳහා ධම්මපදයේ වග්ග 10 ක් අවම වශයෙන් කටපාඩම් තිබීමද අනිවාර්ය අංගයකි.
වරක් අනුරුද්ධ හිමියන් සැවතෙහි දෙව්රම් වෙහෙරෙහිදී උදෑසන “ධම්මපද” කටපාඩම් කරමින් සිටි බව දේශනාපාලියෙහි සඳහන් වී තිබේ. එය ශ්‍රවණය කිරීමට පැමිණි ස්ත්‍රියක විසින් සිය පුතුගේ ශබ්දය නතර කරවාගෙන ධම්මපදය ඉගෙනීමේ වටිනාකම සිය පුතුට පවසනු ලබයි. තවද බුදුරජාණන් වහන්සේ විසින් සප්පිතිකා ගංතෙර පිහිටි පරිබ්‍රාජිකාරාමයේ දී සිව්වැදෑරුම් වූ ධර්ම පද දේශනා කරන ලද බැව් පෙළෙහි සඳහන් වී තිබේ.
මේ කරුණු අනුව පෙනීයන්නේ ධම්මපදය බුදුරදුන් ජීවමාන කාලයේ දී ම පාඩම් කරමින් පැවති බවයි.තවද ධම්පදයේ ගාථා කිහිපයක්ම නිද්දේසයෙහි හා කථාවත්ථුවෙහි ද දක්නා ලැබෙයි. ක්‍රි.ව. පළමුවැනි ශතවර්ෂයට සාමීපික වූ පශ්චාත්පේටක ප්‍රාග් අට්ඨකතා යුගයට අයත් වූ මිලින්ද පඤ්හයේ දී ස්ථාන දෙකක දී ධම්මපදයේ ගාථා උපුටා දක්වා තිබෙනු හඳුනාගත හැකි ය.
ලක්දිව භාවිත වන ධම්මපදයේ වග්ග 26 ක් සහ ගාථා 423 කි. එම වග්ග පහත පරිදි දැක්විය හැකි ය.
1. යමක වග්ග
2. අප්පමාද වග්ග
3. චිත්ත වග්ග
4. පුප්ඵ වග්ග
5. බාල වග්ග
6. පණ්ඩිත වග්ග
7. අරහන්ත වග්ග
8. සහස්ස වග්ග
9. පාප වග්ග
10. දණ්ඩ වග්ග
11. ජරා වග්ග
12. අත්ත වග්ග
13. ලෝක වග්ග
14. බුද්ධ වග්ග
15. සුඛ වග්ග
16. පිය වග්ග
17. කෝධ වග්ග
18. මල වග්ග
19. ධම්මට්ඨ වග්ග
20. මග්ග වග්ග
21. පකිණ්නක වග්ග
22. නිරය වග්ග
23. නාග වග්ග
24. තණ්හා වග්ග
25. භික්‍ඛු වග්ග
26. බ්‍රාහ්මණ වග්ග
බෝතානයේ ඛංඩිත ඛරෝෂ්ටි ලිපිවලින් ලැබී ඇති ප්‍රාකෘත ධම්මපදය, මහාවස්තුවෙන් තතු ලැබෙන ගාථා, සංස්කෘත නොහොත් මිශ්‍ර සංස්කෘතයෙන් රචිත පරිවර්තනය, චුහ ඛි – උ – ථිච් නම් වූ චීන අනුවාදය (අප්‍රකට), තුර්ෆාන්වලින් ලැබුණ පරිවර්තනය, ටිබැට් අනුවාදය, ෆ – ඛ්‍යු - කිඩ් නම් වූ චීන අනුවාදය (ක්‍රි.ව. 223) දැකිය හැකි ය. චීන අනුවාදවල ගාථා සංඛ්‍යා පාලි ධම්මපදයට වඩා වැඩි බව පෙනෙයි.
දැනට ලැබී ඇති ප්‍රාකෘත ධම්මපදයේ වග්ග 12 ක් පෙනෙයි. එහි වග්ග පාලි ධම්මපදයේ වග්ගවලට සමාන වන්නේ වූවද ගාථා වශයෙන් ඒවාහි සමානකමක් නොපෙනෙයි.
තවද පාලි ධම්මපදයේ සමාන වග්ගවල ගාථා සංඛ්‍යාවට වඩා වැඩි ගාථා සංඛ්‍යාවක් ප්‍රාකෘත ධම්පදයේ දී අපට හමුවෙයි. “ෆ - ඛ්‍යු - කිඩ්” නම් වූ චීන ධම්මපදය ප්‍රාකෘත ධම්පදයේම පරිවර්තනයකි. එමෙන්ම එය බොහෝ දුරට සමාන වනුයේ පාලි ධම්මපදයටය.
සකු ධම්ම පදයක ශේෂ වූ කොටස් තුර්ෆාන් වලින් ලැබී ඇති අතර ඉහත දී මිශ්‍ර සංස්කෘතයෙන් රචිත පරිවර්තනය ලෙසින් සඳහන් කළේ එයයි. එහි වර්ග 33 ක් පවතී. ටිබැට් අනුවාදය ලෙසින් සඳහන් කළ තිබ්බතීය පරිවර්තනය ක්‍රි.ව. 817 – 842 අතර කාලය තුළ දී කරන්නට ඇතැයි විචාරකයන් පිළිගන්නා අතර රොක්හිල් විසින් එය “උදාන වර්ග“ ලෙසින් නම් කරනු ලැබ තිබේ.
ඛුද්දක නිකාය පිළිබඳ සාරවත් පර්යේෂණයක නියැළුණු ආචාර්ය ඔලිවර් අබේනායක සිය ග්‍රන්ථයෙහිදී ඉදිරිපත් කර ඇති ඛුද්දක ග්‍රන්ථ නාමාවලි රැසක ද ධම්මපදය සඳහන් වී තිබෙනු පෙනේ. ඒ අනුව,
1. පාලි ග්‍රන්ථ සමාගමේ (PTS) සුමංගල විලාසිනී සංස්කරණයෙහිදී දීඝ භාණක මතයෙහි හා
2. සුමංගලවිලාසිනී සිංහල සංස්කරණයේ දීඝ භාණක මතයෙහි පස් වෙනුවද,
3. ‘සාරත්ථදීපනී’ අට්ඨකතාවෙහි සඳහන් දීඝභාණක මතය තුළදී සත් වෙනුවද,
4. පාලි ග්‍රන්ථ සමාගමේ සුමංගල විලාසිනී සංස්කරණයෙහිදී මජ්ඣිමභාණක මතයෙහි සය වෙනුවද,
5. සුමංගල විලාසිනී සිංහල සංස්කරණයෙහිදී මජ්ඣිම භාණක මතයෙහි පස් වෙනුවද,
6. සාරත්ථදීපනී මජ්ඣිම භාණක මතයෙහි සත් වෙනුවද,
7. අංගුත්තර භාණක මතයෙහි පස් වෙනුවද,
8. සුමංගල විලාසිනී බුද්ධ ඝෝෂ මතයෙහි දෙවනුවද,
9. සමන්තපාසාදිකා චීන පරිවර්තනයේ දී පළ වෙනුවද, (ධම්මපද අපදාන නමින්)
10. ධර්ම ගුප්ත විනයෙහි – ධර්මපද නමින් අට වෙනුවද,
11. මහා බෝධි වංශයෙහි – ධම්මපද නමින් දෙවනුවද,
12. සද්ධර්මරත්නාකරයෙහි – ධර්මපද නමින් දෙවෙනුවද
13. සිංහල මිලින්ද පඤ්හයෙහිදී – ධම්පියා නමින් අට වෙනුවද,
14. බුරුම සම්ප්‍රදායෙහි ද
15. ශ්‍යාම සම්ප්‍රදායෙහි ද මෙම ග්‍රන්ථය පිළිබඳ සඳහන් වී තිබීමෙන් ධම්මපදය පිළිබඳ පැවතියා වූ ප්‍රකටභාව හඳුනාගත හැකි ය.
තවද ධම්ම පදය පිළිබඳ මුල් පිටපත් 8 ක් වර්තමානය වන විට දක්නට හැකි ය. එනම්, පාලි ධම්මපදය, ප්‍රාකෘත ධම්මපදය, බෞද්ධ සංස්කෘත ධම්මපදය, චීන පිටපත් සතර හා ටිබෙට් ධම්මපදය වශයෙනි.
එපමණකුදු නොව මෙහි එන ඇතැම් ගාථා මෛත්‍රිය, බෘහදාරණ්‍යයක වැනි උපනිෂද් ග්‍රන්ථයන්හිද, දිව්‍යාවදාන, උත්තරදායන, මහාභාරත, මනුස්මෘති සහ ජාතකමාලා යන ග්‍රන්ථයන්හිද හමුවෙයි.
මේ අනුව අපට කිව හැක්කේ ධම්මපදය නම් වූ හස්තසාර ග්‍රන්ථය විවිධ භාෂාවන්ට පරිවර්තනය වෙමින් හා පරිමාණය ද අඩු වැඩි වෙමින් විකාශයට පත් වූ බවකි.
“සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා”
“සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා”
ගෞරව ශාස්ත්‍රවේදී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
බුදුරදුන්ගේ අවිහිංසක ගුණය බුද්ධ චරිතයේ පමණක් නොව බෝධිසත්ව අවධියේ පටන් පැවති ගුණයක් බව දාන පාරමිතාවන් තුළින් පවා පැහැදිලි ය.
සුවාසු දහසක් ධර්මස්කන්ධයෙහි බුදුරදුන් විසින් ප්‍රතික්‍ෂේපිත සංකල්පයකි හිංසනය. මිනිසුන් උදෙසා පමණක් නොව අජීවී වස්තු විෂයෙහි සිදු කරන හිංසනය පවා විනය පිටකයෙහි තහනම් කර ඇත. බුදු දහමෙහි මූලික වශයෙන් ම ශාරීරිකව සිදු කරන හිංසනය තහනම් කර ඇති අතර හිංසනය සිදු කිරීම හෝ ඊට අනුබල දීම ද එක හා සමාන අකුසල ගෙනෙන වරදකි.
බුද්ධ දේශනාව වූයේ කිසිවකු කිසිවකුට හිංසා නොකළ යුතු බවත් සියල්ලෝ ම හිංසනය හමුවේ සැලෙන බවත් ය. ධම්මපදයෙහි සඳහන් වන්නේ කෙනකු තමාගේ සැප විහරණය සඳහා අන්‍ය සත්වයන් දණ්ඩනයෙන් හිංසාවට පත් කරයි ද හෙතෙම පරලොව සැප නොලබන බවයි.
බුදුදහමෙහි මිනිසා හිංසනයෙන් වැළකිය යුතුය යන්න දේශනා කර ඇත්තේ හිංසනයට ලක්වන්නන් මෙලොවදී අපහසුතාවයට පත්වන අතර එසේම හිංසනය සිදු කරන්නන් සාංසාරික අපහසුතාවයට පත්වන බැවිනි. හිංසනයෙන් තොර වූවෝ පරම නිෂ්ඨාව වූ නිවන සාක්‍ෂාත් කර ගනිති. කෙතරම් පින්කම් සිදුකළත් එම පින්කම් සිදුකිරීමේ දී තවත් පිරිසක් පීඩාවට පත් වන්නේ නම් පරලොව සුගතිය අත්නොවේ. අහිංසක සූත්‍රයෙහි දැක්වෙන්නේ කෙනෙකු තම නාමයට ගැළපෙන ලෙස තම ඇවතුම් පැවතුම් සකස් කර ගත යුතු බවයි. නමින් අහිංසක වුවද ක්‍රියාවෙන් ඒ බව නොපෙනෙන්නේ නම් එය අර්ථ විරහිත ස්වභාවයකි.
බුදුදහම යනු ලෝකයෙහි ස්වභාවය පැහැදිලි කරනු ලබන දර්ශනයකි. සෑම සමාජ අකටයුත්තකදී මෙන්ම හිංසනය සම්බන්ධයෙන් ද බලපානු ලබන්නේ තෘෂ්ණාවයි. ඒ බව කොතෙකුත් දේශනාවලින් උන්වහන්සේ පැහැදිලි කර ඇත. සමාජයෙහි හිංසනය පවතින්නේ මිනිසුන් තුළ ඇති ආශාව, තෘෂ්ණාව, කාම වස්තුන් පිළිබඳ ඇති බැඳීම හේතුවෙනි. කෙනකු තවත් කෙනකුට හිංසා සිදුකරන්නේ තමන්ට ළඟාකර ගත යුතු එහෙත් ළඟාකර ගැනීමට අපහසු දේ ළඟාකර ගැනීමට ය. තණ්හාමූලික සූත්‍රයෙහි දැක්වෙන්නේ කෙනකු තවත් කෙනකුට හිංසා සිදු කරන්නේ නව තෘෂ්ණාමූල නිසා බවයි. එනම් වස්තු සෙවීමේ තෘෂ්ණාව නිසා විනිශ්චය, විනිශ්චය නිසා ඡන්දරාගය, ඡන්දරාගය නිසා බලවත් සනිටුහනය, බලවත් සනිටුහනය නිසා පරිග්‍රහණය, පරිග්‍රහණය නිසා මාත්සර්ය (ඊර්ෂ්‍යාව), මාත්සර්ය නිසා ආරක්‍ෂාය, ආරක්‍ෂාය හේතුවෙන් දණ්ඩාදානය, ශාස්ත්‍රදානය, කලහ, විග්‍රහ, විවාදය, තෝ තෝයි බිණුම, මුසාවාදය ආදී ළාමක අකුසල ධර්මයන් උපදනා බවත් ය. හිංසන ක්‍රියාවලට මිනිසා පෙළඹෙන්නේ දැඩි කාමය හේතුවෙනි. රටක් සමාජයක් ලෙස හිංසාකාරී බව ඉහවහා යාම නිසා ඇතිවන අනිටු ඵලවිපාක රාශියකි. හිංසාකාරී බව නිසා මනුෂ්‍යයන්ගේ පරමායුෂ කෙටි වේ. මිනිසා විසින් ගැහැණුන් මව ය, මවගේ සොහොයුරිය ආදී වශයෙන් හඳුනාගැනීමක් සිදු නොවනු ඇත. එවිට ලෝකය අතිශයින් සංකීර්ණ කාමුක හැසිරීම්වලට ගොදුරු වේ.
බමුණු සමාජයෙහි පැවති යාග සංකල්පය බුදුරදුන්ගේ දෝෂ දර්ශනයට ලක්වූයේ ද ඒ තුළින් තවත් කොටසක් හිංසනයට ලක්වන බැවිනි. බුදුදහමෙහි පරමාර්ථය වූයේ,
“සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා”
එනම් සියලු සත්ත්වයන් සුවපත් කිරීමයි. පිරිසක් හිංසනයට පත්කර තවකෙනකුට ආශිර්වාද කළ නොහැකි ය. මහා විජිත රජුගේ අවිහිංසාව මුල්කරගත් යාගය බුදුරදුන් අගය කළේ ය.
සමාජය තුළ හිංසනය ඇතිවීම විෂයෙහි බලපානු ලබන්නේ මිනිසුන්ගේ තිදොර සංවර නොවීම හා මිනිසුන් තුළ පවතින අඥාන බව යි. බුද්ධියේ ඇති හීනභාවය මේ සඳහා ඉවහල් වී ඇත. සෝණදන්ඩ සූත්‍රයෙහි දැක්වෙන ප්‍රඥාව ශීලයෙන් පිරිසුදු වේ. ශීලය ප්‍රඥාවෙන් පිරිසුදු වේ. සිල් ඇති තැන ප්‍රඥාව වේ. ප්‍රඥාව ඇත්තාට සිල් ඇත. එමඟින් පැහැදිලි වන්නේ හිංසනය සඳහා බොහෝ විට බලපානු ලබන්නේ මිනිසුන්ගේ නොහික්මුණු බව හා සංයමයෙන් තොර වූ බවයි.
බුදුරදුන්ගේ අවිහිංසක ගුණය බුද්ධ චරිතයේ පමණක් නොව බෝධිසත්ව අවධියේ පටන් පැවති ගුණයක් බව දාන පාරමිතාවන් තුළින් පවා පැහැදිලි ය. ආටානාටිය සූත්‍රයෙහි දැක්වෙන පරිදි යකුන් බොහෝවිට බුදුරදුන් කෙරෙහි නොපැහැදෙනුයේ බුදුරදුන් හිංසන ක්‍රියාවලින් වැළකීම පිණිස දහම් දෙසන නිසාවෙනි.
බුද්ධ දේශනාව මිනිසුන්ට හිංසාවෙන් වැළකෙන ලෙස දේශනා කරන අතර හිංසාව තුළ සසර අත්විය හැකි අනිටු විපාක ද දක්වයි. දුක්ඛුද්‍රය සූත්‍රය පැහැදිලි කරන්නේ හිංසාවේ අනුරූප විපාක වන්නේ සසර ජීවිතය දුක්ඛදායක තත්ත්වයකට ඇද වැටීමයි. කෙනකු තව කෙනකු පෙලන්නේ මිනිසුන් තුළ ඇති වැරදි දැකීම හේතුවෙනි. තපනීය සූත්‍රය මේ බව පැහැදිලි කර ඇත. නොදැකිය යුත්ත දැකීම දැකිය යුතු දේ නොදැකීම මිනිසා හිංසනාත්මක ක්‍රියා සඳහා යොමුවීමට හේතුවෙයි. බුද්ධ දේශනාව වන්නේ සියලුම සත්වයන් දඬුවමට, හිංසාවට බිය බවත් තමා උපමා කරගනිමින් අන්‍යයන්ට හිංසා පීඩා නොකරන ලෙසත් ය.
සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනො
අත්ථානං උපමං කත්වා
නහනෙය්‍ය නඝාතයේ
තමන්ට කෙනකු හිංසා පීඩා කරනවාට අකමැති සේම සමාජයෙහි අනෙක් පිරිස ද එසේම ය. එම තත්ත්වය හැමදෙනාම වටහාගත යුතු ය. බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම වන්නේ මිනිසුන් හිංසාවට ලක්වීමට හා කිරීමට බොහෝ හේතු ඇති බවත් එය නුවණින් අවබෝධ කරගෙන වැළකිය යුතු බවත් ය. එමඟින් දෙලොව අපහසුතාවයට කිසිදු පාර්ශ්වයක් පත් නොවේ. එවිට දෙලොව සතුටුවිය හැකි අතර පරම නිෂ්ඨාවට ළඟාවීමට ද පහසු වේ. බෞද්ධයාගේ සැබෑ වුවමනාව සසර කෙටි කර ගැනීම නම් ඇති කරගත යුතු උත්කෘෂ්ට තත්ත්වයක් ලෙස දැක්විය හැක්කේ අවිහිංසක ගුණය යි.
දැඩි ලෝභය දුරලමු
දැඩි ලෝභය දුරලමු
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද
පිරිවනේ ආචාර්ය
ගලේවෙල පුවක්පිටිය ශ්‍රී බෝධිරාජාරාමයේ
ගලගෙදර රතනවංස හිමි
බුදු, පසේ බුදු, මහ රහත් යන උතුමන් වහන්සේ හැර ලෝකය තුළ ජීවත්වන ඕනෑම සත්වයෙක් තුළ දැකිය හැකි ප්‍රධාන අකුසල මූලයක් ලෙස ලෝභ මූලික සිත හැඳින්විය හැකිය. එය මනසේ පවතින එක සාමාන්‍ය ස්වභාවයයි. සත්වයා සසරට ඇඳගෙන යන්නේද මෙම දැඩි ලෝභකම සිතේ පවතින බැවිනි. එසේ වුවද, බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ තෘෂ්ණාව මනසේ තිබුණද, එය සීමාව ඉක්මවා තිබීමෙන් හා ඒ අනුව කටයුතු කිරීමෙන් සත්වයාට එතුලින් විනාශය ගෙන දෙන බවයි. එය සත්‍ය බව,අපට නොයෙක් හේතුන් මත නිර්ණය කළ හැකිය.
තණ්හාය ජායතී සොකො - තණ්හාය ජායතී භයං
තණ්හාය විප්ප මුත්තස්ස - නත්ථි සොකො කුතො භයං
තණ්හාව නිසා ශෝකයත් , භයත් හට ගනී. තණ්හාව නැති කළ විට ශෝකයකුත්, බියකුත් නැත, යන අර්ථය ඉහත ගාථා ධර්මයෙන් පැහැදිලි වේ. ලෝභය, රාගය, පේ‍්‍රමය, ආශාව ආදි විවිධ නාමයන්ගෙන් විවිධ සන්දර්භයන්හිදී දැක්වෙනුයේ තණ්හාවමය. ප්‍රධාන වශයෙන් තෘෂ්ණාවේ කොටස් තුනක් පිළිබඳ චතුරාර්ය සත්‍යයයේ දෙවනි සත්‍ය වන සමුදය සත්‍ය තුළින් පෙන්වා දී ඇත. එනම්,
01. කාම තණ්හා
(පස්කම් සැප පිළිබඳ තෘෂ්ණාව)
02. භව තණ්හා
(නැවත නැවත ඉපදීම පිළිබඳ තෘෂ්ණාව)
03. විභව තණ්හා
( නැවත නො ඉපදීම පිළිබඳ තෘෂ්ණාව)
තෘෂ්ණාව වනාහි වේදනාව නිසා ඇති වන්නකි. ඒ තණ්හා වේදනා දෙකෙහිම හේතුව නොදැනීම නොහොත් අවිද්‍යාවයි. ඒ අනුව තෘෂ්ණාව දුක ඇති වීම සඳහා ආසන්න වශයෙන් ක්‍රියා කරන බලවත් හේතුවක් ලෙස ගැනීම වඩාත් යෝග්‍ය වේ.
ලෝකය දුක මත පිහිටියේය යන්න වෙනත් අයුරකින් කිවහොත්, ලොව පිහිටා ඇත්තේ තෘෂ්ණාව මතය. ආත්මාර්ථකාමිත්වය, මමත්වය ,අස්මීමානය, යනාදී නම් වලින් කෙරෙනුයේද, තෘෂ්ණාවෙහිම විවිධ අංශයන් හඳුන්වා දීමකි. මිනිසා අකුසලයට මෙන්ම කුසලයටද , නැඹුරු වන්නේ තෘෂ්ණාව නිසාය. ඒ අනුව දුකෙහි හෙවත් සංසාරික ජීවිතයෙහි හේතුව තෘෂ්ණාව බව වටහා ගත හැකිය.
සෑම දෙනා තුළම තෘෂ්ණාව ඇතත් එය අධිකව තිබීම තුළින් සිදුවන්නේ භෞතික විනාශය පමණක් නොව අධ්‍යාත්මික සැනසීමත් නැතිවී යෑමය. බුදුන් දවස සිටි තොදෙය්‍ය, ඉල්ලීස, ආනන්ද වැනි සිටුවරුන්ගේ ජීවිත කතා තුළින් පැහැදිලි වන්නේ කිසි දිනක සතුටු ජීවිතයක් ගත කර නොතිබීම බවත්, සතුටක් ලැබුවා නම් ඒ ධර්මය තුළින් පමණක් බවත්ය. මොන තරම් ධන සම්පත් තිබුණත්, මානසික තෘප්තියක් , සතුටක් නැත්නම් එම ජීවිතයෙන් ප්‍රයෝජනයක් නැත. “ සන්තුට්ඨී පරමං ධනං” යනුවෙන් දේශනා කළේ සතුට උතුම්ම ධනය බවයි.
සමහර පුද්ගලයින්ට හරකා බාන, වතුපිටි, ඉඩ කඩම්, යාන වාහන ප්‍රමාණයටත් වඩා තිබුණත් නොකා නොබී තවත් ඒ මතම ගැටී ඇලී ඒවා රැස් කිරීමට උත්සාහ කිරීම මොනතරම් සෝචනීයද? “ නොකා නොබී වස්තුව සරි කරන්නේ සදා කල්ම ලොව ඉන්නයි බලන්නේ” උදේ හවහා වස්තු සම්පත්ම රැස් කරන්නේ හරියට නොමැරෙන මිනිසුන් වගේ, ආහාරපාන වත් නොගෙනයි, එසේ ලෝභකමික් ධනය රැස් කර, ඒවා බැංකු වල තැන්පත්කොට, අන්තිමට තමන් මිය ගියාට පසු වෙනත් කෙනෙකුට එම ධන සම්පත් හිමිවන අවස්ථාද දැක ගත හැකිය.
ඇයි මේ තරම් මිනිසුන් තෘෂ්ණාව මතම ඇලී ගැලී ජීවිතය ගෙවන්නේ? සංසාරේ ඇති බිහිසුනු බව නොදැන නැවත ආත්ම භාවවල දුක් විදින්න සිදු වන බව නොදැන මේ යන ගමන කොතැනටද? මොහොතක් හිතන්න. දැඩි තෘෂ්ණාව නිසා අනුන්ගේ ජීවිතය පවා විනාශ කිරීමට උත්සාහ කරන බව. එයට හොඳම උදාහරණයක් ලෙස අසාත්මන්ත්‍ර ජාතක කථාව පෙන්වා දිය හැකිය.
තක්ෂිලා නුවර දිසාපාමොක් ආචාර්යවරයා දක්‍ෂ සුප්‍රකට ආචාර්යවරයෙක් ලෙස නම් දරා සිටියේය. එතුමා ලඟට විවිධ ප්‍රදේශ වලින් නොයෙක් ශිෂ්‍යයින් අධ්‍යාපනය ලැබීම සඳහා ආවේය. දිසාපාමොක් ඇදුරුතුමා සියලු නවාතැන් පහසුකම් තම නිවසේම ලබා දෙමින් එම ශිෂ්‍යයින්ට අධ්‍යාපනය ලබා දෙන්නේය. එසේ අධ්‍යාපනය හැදෑරු ශිෂ්‍යයින් අතර එක් ශිෂ්‍යයෙක් තම අධ්‍යාපන කටයුතු අවසන් කර දිසාපාමොක් ඇදුරුතුමාගෙන් නිවස බලා යන්නට අවසර පැතීය. එවිට දිසාපාමොක් ඇදුරුතුමා ඔබ ආසාත මන්ත්‍රය දන්නේද? යනුවෙන් ප්‍රශ්න කළේය. එය නොදන්නා බව ප්‍රකාශ කළ පසු ඒකත් ඉගෙනගෙනම නිවසට යන්න කියා මතක් කළේය.
ඒ වන විට දිසාපාමොක් ආචාර්යවරයාගේ මව ඇස් දෙක අන්ධව පසු වූ වයෝවෘද්ධ මවක් විය.ඇයට උපස්ථාන කිරීමට අර ශිෂ්‍යයාට පවරන ලදී. එම ශිෂ්‍යායාද, දිනපතා බේත් හේත්, ආහාර පානාදිය, නෑවීම් ආදි කටයුතු කළේය.
මෙසේ උපස්ථාන ලබන අර අන්ධ මව අර ශිෂ්‍යයාගේ සුරත දිනපතා ස්පර්ශ වීම් හේතුකොට ගෙන රාග සිතක් ඇති කර ගත්තේය. එසේ සිතා මගේ පුතා සිටින නිසා තම සිතුම් පැතුම් ඉටු කරගන්නට බැරි බව දැන පුතාව මැරීමට උපක්‍රමයක් සිතුවේය.
මෙසේ අර ශිෂ්‍යයාගෙන් ස්පර්ශය ලබන අදහසින් තම පුතු වන දිසාපාමොක් ඇඳුරුතුමා මැරීමට තීරණය කළේය. එසේ සිතා තම ඇඳ ලඟ ඉඳන් දිසාපාමොක් ඇදුරුතුමා නිදන ඇඳ ළඟට ලනුවක් ඇද, රාත්‍රි කාලයේදි අර ලණුව අල්ල අල්ලා ගොස් පොරෝ තලයකින් පුතාව කොටා මැරීමේ අදහස ඇතිව එය සූදානම් කරගෙන සංවිධානය විය. මෙය දැනගත් දිසාපාමොක් ඇඳුරා තමන් නිදන ඇඳෙ කොස් කොටයක් තබා එදා රාත්‍රියෙහි නොනිදා ඒ සිදුවීම බලා සිටියේය. එදා රාත්‍රි‍්‍රකාලයේ මව අර ලණුවෙන් අල්ල අල්ලා ( ඇස් නොපෙනෙන නිසා) දිසාපාමොක් ඇදුරු තුමාගේ ඇද ලගට ඇවිත්, අර පොරෝ තලයෙන් ඇඳට කෙටුවේය. දිසාපාමොක් ඇදුරුතුමා ඇදේ නොසිටි නිසා කොස් කොටයට පොරෝ පාර වැදුණි. පසුව දිසාපාමොක් ඇදුරුතුමා මව්නි, කුමක්ද ඒ කෙළ්? කියා ප්‍රශ්න කලාට පසු ඒ මවට ලැජ්ජාවක් ඇති විය.
මෙම කථා පුවතින් පැහැදිලි වන්නේ තෘෂ්ණාව දැඩිව තිබීම හේතුවෙන් තම පුත් වුවද, විනාශ කිරීමට පෙළඹෙන ආකාරයයි. ඒ තරමටම රාගය බලවත්ය. එහි විශේෂත්වය වන්නේ තෘෂ්ණාව ඇතිවී, ඒ තුළින් තම අරමුණු ඉෂ්ඨ සිද්ධ නොවුනොත් ද්වේෂයද ඇතිවී, එම ද්වේෂය නිසා මෝඩ ක්‍රියා කිරීමටද සත්වයා පෙළඹෙන බවයි. ඒ අනුව තෘෂ්ණාව එම අකුසල මූල සියල්ලටම හේතු වන මූල බීජය ලෙස දැක්වීමට පුලුවන.
තෘෂ්ණාව නිසා සමාජය තුළ වුවද, තමන්ගේ ආර්ථිකය විනාශ කරගන්නා අයුරු දැක ගත හැකිය. සමහර අය දැඩි ලෝභකම නිසා තියෙන මුදල් යොදවා කවුරුන් හෝ වංචාකාරයෙකුට අසු වී,අන්තිමට තිබුන මුදලත් නැති කරගෙන, ලොකු පාඩුවක් සිදුකරගෙන, දුක් වන අයුරු දැක ගත හැකිය.
එසේ වන්නේ, පුද්ගලයින් කවදාවත් ලද දෙයින් සතුටු නොවීම හේතුවෙනි. ඔවුනට කවදාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙලොව සතුටු විය හැකි කරුණු හතරක් වන අත්ථී සුඛ, භෝග සුඛ, අණන සුඛ, අනවජ්ජ සුඛ කියන්නා වූ සැප හතර ලැබීමට පුලුවන් කමක් නැත. එම සැප හතර ලැබීමට නම් දැඩි තෘෂ්ණාව නැති කරගත යුතුය. මිල මුදල් වස්තු පසු පස හඹා යන එක නතර කොට, ධාර්මික දිවිපවෙතකින් එදිනෙදා සැහැල්ලු ජීවිතයක් ගත කරමින්, යුතුකම්ද, ඉටු කරමින් , ගෙවන ජීවිතයකට පමණක් ඉහත සඳහන් කළ සැප හතර ලැබීමට පුලුවන්කමක් ඇත.
දැඩි ලෝභකම ඇති පුද්ගලයා නිරන්තරයෙන්ම අසතුටින් ජීවත් වන්නේය. ඔහුගේ එම අතෘප්තිකර බව අන්‍යයන්ටද කරදරයක් පිණිස පවතිනවාට කිසිදු සැකයක් නැත. එම නිසා සමාජයේ ජීවත් වන කළ දැඩි ලෝභකම නැති කර ගැනීම කාගේත් සුබ සිද්ධිය පිණිස හේතු වන්නේය. අප කිසිම කෙනෙක් මිය යන විට අඹමල් රේණුවක තරම් දෙයක්වත් ගෙනියන්නේ නැත. පින් පව් දෙක පමණක් අප පසු පස්සේ ගමන් කරනු ඇත.
එයිනුත් පව් ගෙනයෑම සසර දුක් විදීමට හේතු වන බැවින්, පින් රැස් කර ගැනීම වැදගත් වන්නේය. ඒ සඳහා දැඩි ලෝභකම දුරලා සොයන ධන සම්පත් තම ප්‍රයෝජනයටත් ගෙන, දුගී මගී යාචකාදි අන්ත අසරණ අය වෙනුවෙනුත් පිහිට වී, සමාජයේ පොදු කටයුතු සඳහාත් යොදවමින්, ආධ්‍යාත්මික ගුණ වගාව දියුණු කර ගැනීම සඳහා දන්පින් සිදු කරගැනීමත් කළ යුතුය.
තමන්ට පුලුවන් ආකාරයෙන් පින් දම් රැස්කර ගනිමින්, සසර ගමන වාසනාවන්ත කර ගැනීමත් තමන්ට සැප පිණිස හේතුවේ. දැඩි ලෝභකම දුරලා මෙලොව පරලොව සුවබර ජිවිතයක් ගතකොට අවසන උතුම් නිවන් සැපතත් ලබා ගැනීමට අධිෂ්ඨාන කර ගන්න.
සදහම් දැනුම
සදහම් දැනුම
වහුමුවේ
විජයවංස නා හිමි
ප්‍රශ්නය - සැවැත්නුවර ආනන්ද බෝධිය නමින් සුවිශේෂ වූ පූජනීය වස්තුවක් පිළිබඳ සඳහන් වෙයි. ඒ කුමක් පිළිබඳවද?
පිළිතුර -බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ නොසිටි අවස්ථාවලදී උන්වහන්සේ බැහැදැකීම සඳහා සැදැහැතියන්ට වැඳපුදා ගැනීමට ආනන්ද හිමියන් විසින් රෝපණය කරන ලද බෝධීන් වහන්සේ ආනන්ද බෝධිය නමින් හැඳින්වෙයි.
ප්‍රශ්නය - ඉපැරැණි ගොඩනැගිලි අතරෙන් අනුරාධපුර මහා විහාර සීමාව තුළ කරවන ලද නව මහල් ලෝවාමහා ප්‍රාසාදය කුමක් සඳහා කවුරුන් විසින් ඉදිකරන ලද්දක්ද?
පිළිතුර - මහා සංඝයා වහන්සේගේ විනය කර්ම කිරීම සඳහා උපෝෂථාගාරයක් වශයෙන් ද උන්වහන්සේලාගේ ආවාස ගෘහයක් වශයෙන්ද ප්‍රයෝජන වනසේ දුටුගැමුණු මහරජතුමා විසින් කරවා මහාසංඝරත්නයට පූජාකරන ලදී. ආරම්භයේදී නවමහලකින් යුතු වුවත් සද්ධාතිස්ස රජු දවස ගින්නෙන් විනාශවීම නිසා පසුකලෙක සත්මහලකින් යුතුව තැන වූයේ ය.
ප්‍රශ්නය - ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වූ ‘ධම්ම සේනාපති’ යන නමින් ප්‍රකට වූ ශ්‍රාවකයාණන් වහන්සේ කවුද?
පිළිතුර -සාරි නම් බැමිණියගේ පුත් උපතිස්ස ‘සාරිපුත්ත’ හෙවත් සැරියුත් නම් විය. උන්වහන්සේ පැවිදිව පසළොස් දිනක් ගියදා තම බෑණුනුවන් වූ ‘දීඝණඛ’ පිරිවැජියාට බුදුන් වහන්සේ දෙසූ ‘වෙදනාපරිග්ගහ’ සූත්‍රය අසා රහත් වූහ. බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ තෙරුන් නුවණැතියන් කෙරෙන් තමන් වහන්සේට දෙවැනිකොට අගතැන්පත් කොට උන්වහන්සේ දකුණත් සවු බවට ද පත්කළහ.
ප්‍රශ්නය - මහනුවර දළදා මාලිගාවට පත්තිරිප්පුව නමින් ගොඩනැගිල්ලක් එකතු කළ රජතුමා කවූද?
පිළිතුර - කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා
ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ ථෙරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීමේ ප්‍රථම අධ්‍යාපන ආයතනය වශයෙන් සැලකෙන්නේ කුමන ස්ථානයක් ද?
පිළිතුර - අනුරාධපුර මහාවිහාරයයි.
ප්‍රශ්නය - ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ජීවිතයේ අවසාන සමයේ හැඳීන්වූ නාමය කුමක් ද?
පිළිතුර - සිරි දේවමිත්ත ධම්මපාල ස්වාමීන් වහන්සේ යන නාමයෙනි.
ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ රජු වශයෙන් පිළිගත් කවරෙකු වුවද අනිවාර්යයෙන්ම ආරක්ෂා කළයුතු වගකීමක් වශයෙන් බැඳී සිටි පූජනීය වස්තු දෙකක් විය. ඒ මොනවාද?
පිළිතුර- දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව
ප්‍රශ්නය - එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩ වසන සේක්, මෙසේ වදාළහ. ‘ මහණෙනි! පැවිද්දන් විසින් අත්හළ යුතු අන්ත දෙකක් වෙයි. අත්හල යුතු මේ අන්තදෙක මොනවාද?
පිළිතුර - හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුන් මිනිසුන් විසින් සෙවනා ලද අනාර්ය වූ අවැඩ පිණිස මවන්නා වූ කාමසුඛල්ලිකානු යෝගය සහ දුක් සඳහාම හේතු වන්නා වූ අනාර්ය වූ අවැඩ පිණිසම වූ අත්තකිලමතානු යෝගයයි.
ප්‍රශ්නය - සෙංකඩගලපුර (මහනුවර) ඇසළ පෙරහර ආරම්භයේදී දේවාල පෙරහර නමින් හැඳින් වූ අතර පසු යුගයකදී මෙය දළදා පෙරහර යනුවෙන් භාවිතා විය. මෙය සිදුවූයේ කුමන රාජ්‍ය පාලන සමයේදීද?
පිළිතුර - කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේදී දළදා පෙරහර ආරම්භ විය.
ප්‍රශ්නය - සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේගේ ‘ප්‍රඥා පාරමිතාව‘ විස්තර කරන සම්මානනීය ජාතක කථා ප්‍රස්තුතයේ නාමය කුමක් ද?
පිළිතුර - උම්මග්ග ජාතකය
ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ ‘චන්ද කින්නර’ ජාතක කථාව (සඳකිඳුරු ජාතකය) දේශනා කළේ කුමන කරුණක් මුල් කරගෙනද?
පිළිතුර - දෙව්දහ නුවර ‘සුප්පබුද්ධ’ රජුගේ් දියණිය ‘භද්දකච්චායනා’ නම් වූවාය. ඇය සොළොස් වියෙහිදී සිද්ධාර්ථ කුමාරයා විවාහ වීමෙන් අනතුරුව ‘බිම්බාදේවි’ යශෝදරාදේවී යන නමින්ද ප්‍රසිද්ධ වූවාය.
බුදුන්වහන්සේ කිඹුල්වත්පුර නුවරට වැඩ දෙවන දින පිඬුසිඟා වඩිනා විට යශෝදරා දේවිය නරසීහ ගාථා අටකින් බුදුගුණ වනමින් මාලිගයෙහි සිටින්නී යශෝදරා දේවියගේ මාලිගයට වැඩමවා ඇයගේ ශෝකය නිවාලන්නට ‘සඳකිඳුරු දා’ දෙසා ඇයගේ ගුණ වර්ණනාකර වැඩිසේක.
ප්‍රශ්නය - ආනන්දය! ‘සුභද්‍ර’ට මා වෙත පැමිණීමට ඉඩ දෙන්න. ඔහු මා වෙහෙසට පමුණු වන්නෙක් නො වේ. තවදුරටත් කරුණු විමසා සැකදුරු කර ගැනීමට පැමිණ සිටී. මේ සිදුවීම කුමක්ද?
පිළිතුර - කුසිනාරානුවර විසූ ‘සුභද්‍ර’ නම් පිරිබ්‍රාජකයෙක් තථාගයන් කෙරේ පැහැද තමන් තුළ උපන් සැකයක් දුරුකර ගැනීම පිණිස පැමිණියේ ය.
ඔහු තථාගතයන් වහන්සේ දක්වන සේ තෙවරක් කී නමුත් තථාගතයන් වහන්සේගේ අවසන් මොහොත වෙහෙසකර වනු අකමැති ආනන්ද හිමියන් ඔහුට අවසර නුදුන්හ.
මේ දෙදෙනාගේ කථාව අසා සිටි බුදුහිමියන් ‘සුභද්‍ර’ පිරිවැජියා කැඳවන ලෙස අනඳ හිමියන්ට නියම කළහ.
ප්‍රශ්නය - වය ධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ’ සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ. එහෙයින් සිහියෙන් යුතුව නොපමාව නිවන පිණිස වූ සියලු කටයුතු සපුරා ගන්න.
මෙම බුද්ධ වචනය පිළිබඳව පැහැදිලි කරන්න.
පිළිතුර- බුදුරජාණන් වහන්සේ පිරිනිවීමට මොහොතකට පෙර ‘මහණෙනි! දැන් තොප අමතමි’ යනුවෙන් ඉහත සඳහන් අවවාදය දේශනා කළහ. එම දේශනය අවසාන බුද්ධ වචනය වශයෙන් බුදු සිරිතට එකතු විය.
ප්‍රශ්නය - අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම්මිනො
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති - තෙසං වූප සමො සු ඛො
“සංස්කාර ධර්ම සියල්ල අනිත්‍යයහ. හැමදෙන නැසෙන සුලුය. ඔව්හු ඉපිද නැතිවෙත් එබැවින් ඔවුන්ගේ් සංසිදීම සැප පිණිස වේ.
මේ ප්‍රකාශය කවුරුන් විසින් කුමන අවස්ථාවකදී කරන ලද්දක් ද?
පිළිතුර - තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් සහම්පති මහාබ්‍රහ්මයා ආදිකොට ඇති සුවිශේෂ පුද්ගල සංවේගාලාප අතර සක් දෙව්රජුගේ බුද්ධ පරිනිර්වානය පිළිබඳව කළ සංවේග ප්‍රකාශයයි මේ.
ප්‍රශ්නය - විපාක කර්මයකදී ‘මහද්ගත කුසල’ කර්ම නමින් සඳහන් වන කුසල කර්ම හා ආනන්තර්ය අකුසල කර්ම විපාක පිළිබඳ හැඳින්වීමක් කරන්න.
පිළිතුර - ප්‍රථමධ්‍යානයෙහිදී රූපාවචර ධ්‍යාන සතරද, ආකාසානඤ්චායතනාදී අරූපා වචර ධ්‍යාන සතරද යන සමාපත්ති අට මහද්ගත කුසල කර්ම වෙයි.
මෙයින් අනතුරු ආත්මභාවයෙහි (මරණින් මතු) ඒකාන්තයෙන් බඹලොව උපත ලබයි. මෙය ගරුක කුසල විපාක නමින්ද හැඳින්වෙනු ඇත. පංචානන්තර්ය කර්ම හා නියත මිත්‍යාදෘෂ්ටික අකුසල පක්ෂයෙහි ගරුක කර්මවෙයි. මහද්ගත කුසල කර්ම හා ආනන්තර්ය අකුසල කර්ම කළ පුද්ගලයාට පළමුකොට විපාක දෙන්නේ ආන්තර්ය අකුසල් කර්ම විපාකයයි. මුල් මහද්ගත කුසලකර්ම විපාකය ඉන් වැළකේ. දෙව්දත් තෙරුන් ධ්‍යානලාභී වුවද පළමු කළ මහද්ගත කුසල කර්ම විපාක වලකා පසුව කළ ‘ලෝහිතුප්පාදක’ සංඝභේද යන ආනන්තර්ය අකුසල කර්ම විපාක විඳීමට සිදුවිය.
පසුව පසුතැවිලි නොවනු මැනවි
පසුව පසුතැවිලි නොවනු මැනවි
මාතලේ ශ්‍රී විද්‍යානන්ද මහ පරිවේනාධිපති
උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාතේ
උප ප්‍රධාන අධිකරණ සංඝනායක
බටුගොඩ සංකිච්චායන නා හිමි
දස ඛලු ඉමානි ඨානානි යානි
පුබ්බේ අකාරිත්වා
ස පච්ඡා මනුතප්පති ඉච්චාහ
රාජා සනසන්ධා
ජනසන්ධ ජාතකය
ජාතක පාළි, ද්වාදසක නිපාතය
පින්වත්ති
බුදුරජාණන් වහන්සේ විසින් ජනසන්ධ ජාතකය දේශනා කළේ කොසොල් රජතුමාටයි. දිනක් කොසොල් රජතුමා බුදුරදුන් දැකීමට දෙව්රම් විහාරයට පැමිණියේ බලවත් වූ කණස්සල්ලකින් යුතුවයි. දින ගණනක් පන්සලට නො පැමිණ සිටි කොසොල් රජු බලවත් චිත්ත පීඩාවකින් පෙළෙමින් සිට තමන් වහන්සේ වෙතැ පැමිණ සිටි බව දැනගත් බුදුරජාණන් වහන්සේ මේ ජාතකය දේශනා කළා.
මේ මඟින් බුදුරජාණන්වහන්සේ පැහැදිලි කර ඇත්තේ පසුව පසුතැවිලි වීමට හේතුවන කරුණු දහයක් පිළිබඳවයි. ඒ පිළිබඳව අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වෙයි. පින්වතුනි, මෙහි සඳහන් වන පසුවට පසුතැවිලි වීමට හේතුවන කරුණු සුදුසු කාලයෙහි ධනය නො ලැබීම, සුදුසු කාලයෙහි ඉගෙනීම නොලැබීම, කූටකම් කිරීම, හිංසාකාරීවීම, කාමුකවීම, පරිත්‍යාගශීලි නොවීම, මවුපියන්හට නො සැලකීම, ආචාර්ය උපදෙස් නො ගැනීම, සිල්වතුන් ඇසුරු නොකිරීම, අශිලාචාරව කටයුතු කිරීම.
ජීවත්වීමට මිල මුදල් ඇතුළු විවිධ සම්පත් අවශ්‍ය වෙනව. ඒවා උපයා සපයා ගැනීමට තමාව උත්සාහවත් විය යුතුයි. නොපමාව, අලස නොවී, ධාර්මිකව, දහඩිය වගුරුවා මිල මුදල් සෙවීම වැදගත් වෙනවා. සම්පත් ඉපයීමට හැමදාම අපහසුයි. ඒ සඳහා විශේෂ කාලයක් තිබෙනවා. කායික හා මානසික ශක්තිය තිබෙන මොහොතේ තමයි ඒ සඳහා උත්සාහයත් විය යුත්තේ. ඒ කාලයේදී හරිහම්බ කර නො ගත්තොත්, පසුව පසුතැවීමට සිදුවෙනවා. හරිහම්බ කරගත් වෙනත් අය ගැන සිතමින් දුකට පත් වෙන්න සිදු වෙන්නේ එවිටයි.
ජීවිතයක සාර්ථකත්වය ඇති වෙන්න නම් ඉගෙනුම අත්‍යවශ්‍ය කරුණක්. උපන්දා සිට මරණ මොහොත දක්වාම ඉගෙනුමට බොහෝ දේ ඇතත්, ඒ සඳහා විශේෂ කාලයක් තිබෙනවා. ඒ කාලය තමයි කායික හා මානසික නිරෝගි බවින් යුතු කාලය, විශේෂයෙන් කුඩා කාලය, තරුණ කාලය කෙනෙක් ඉගෙනුම ලබන දේවලින් හතරෙන් තුනක්ම ඉගෙන ගන්නේ ළමා අවධියේ යි. ඉගෙනුම ලැබිය යුතු කාලයේ ඒ කාර්යය මැනවින් නො කළොත් පසුව පසුතැවිලිවීමට සිදු වෙනවාමයි. ඇතැම් අය, සුදුසු කාලයේ, අලසකම නිසාම ඉගෙන ගන්නේ නෑ. පස්සේ පුළුවන් යැයි කියමින් පසුවට කල් තබනවා. එවිට කාලය ගෙවෙනවා. වයස ගතවෙනවා. ඉගෙනුමට තිබූ කාලය ගෙවී යනවා. වෙනත් බාහිර වැඩකටයුතු වැඩි වෙනවා. විවේකයත් කායික මානසික නිරෝගි බවත් හීනවෙනවා. තම වයසේ සිටි බොහෝ අය ඉගෙන ගෙන සමාජයේ උසස් තැන්වල කටයුතු කරන තත්ත්වයට පත්වෙනවා. ඒ දෙස බලන නූගත් පුද්ගලයාට පසුතැවීම හැර වෙන දෙයක් කරන්නට ඉතිරිව නෑ.
කූටවේදී නම් කූටකම හෙවත් කපටිකම, බොරුව, වංචාව, රැවටීම යන අදහසයි. තමන් කරන කූටකම් නිසා අන් අය මුහුණ දෙන අපහසුතා ගැන කිසිවක් නොසිතන කපටි මිනිසුන් සමාජයට මහ පිළල වෙනවා. ඇතැම්විට චණ්ඩි ක්‍රියා අනුගමනය කරනවා. කේලාම් කියමින් අනුන් බිඳවන අදහසින් ක්‍රියා කර තම බලාපොරොත්තු ඉටුකරගෙන තාවකාලික තෘප්තියක් තමයි ඔවුන් අපේක්ෂා කරන්නේ. සමාජය විසින්ම ඔවුන් පිළිකුල් කරනවා. ප්‍රතික්ෂේප කරනවා. එදාට ඔවුන්ට සිදුවන්නේ පසුතැවීමට පමණයි.
බුදුදහමෙන් උගන්වන්නේ තමා උපමා කොට අනුන් ගැනත් සිතන ලෙසයි. අනුන්ට කුමක් වුවත්, තමන්ගේ බලාපොරොත්තු පමණක් ඉටුවුණොත් ඇතැයි යන අදහස කෙතරම් අකාරුණික ද? එය ශිෂ්ට සමාජය කෙදිනකටවත් අනුමත කරන්නේ නෑ.
හිංසාකාරි පිළිවෙතැ අගය කරන අයෙකුට කිසිලෙසකින් පසුව සතුටක් ඇති කරගත නො හැකි. සිල්වත්, ගුණවත් අයෙකුට නිකරුණේ දොස් නගා, ඔහුට මානසික පීඩාවක් ඇති කරන අයෙකුට, මේ අත්බවේදීම එහි විපාක ලැබෙනව. අන්‍යයන්ට රහසින් හිංසාකාරි ක්‍රියාවන් කළත් තම සිතට ඒවා රහසක් වන්නේ නෑ. එම වැරැදි ක්‍රියා සිහිපත් වන සෑම මොහොතකම මානසික වශයෙන් මහත් පීඩාවකට පත්වෙන්න ඔහුට සිදුවෙනව.
පරදාර සේවනය හෙවත්, පරඅඹු සේවනය සමාජය තුළ පිළිකුල් බවට පත්වීමට හේතුවක්. එසේම පරපුරුෂ සේවනයත් එසේමයි. වාසනාවන්ත යුග ජීවිතයක් ගත කිරීමට නම් පරඅඹු, පරපුරුෂ සේවනය, අනාචාරයේ යෙදීම, ආදියෙන් ඈත්විය යුතුයි. තම බිරිඳ සමග පමණක් ආදරයෙන්, සෙනෙහසින් විශ්වාසවන්ත ලෙස ජීවත්වීමත්, තම ස්වාමියා සමග විශ්වාසනීය ලෙස සෙනෙහසින් කටයුතු කිරීමත් පී‍්‍රතිමත් යුග ජීවිතයක පදනමයි.
දීම හෙවත් පරිත්‍යාගය යහපත් දෙයක්. තමන් සතු දෙයක් අනුන්ගේ යහපත පතා දීම සතුටට හේතුවක්. දුන්නොත් තමයි නැවත ලැබෙන්නේ යනුවෙන් අප අතර කියමනක් තිබෙනවා. ඔබ අනුන්ට සිනාසුනොත් අනුන් ඔබටත් සිනාසේවි. සිත සතුටින් දීම නෑ...බෑ.... නොකියා ජීවත්වීමට හේතුවක්. ආයුෂ, සැප, බල, වර්ණ, ප්‍රඥා ලැබීමට හා ධන ධාන්‍ය වස්තු සම්පත් ලැබීමටත්, පිරිස් බලය ලැබීමටත්, හේතුවක්. නොදුන්නොත්, ඒ එක දෙයක්වත් නො ලැබේවි. ලැබෙන්නේ දුප්පත්කමත් පසුතැවීමත් පමණයි.
හැකියාව තිබියදීත් තම මවුපියන් පෝෂණය නොකිරීම, පවක්. වයස්ගත වූ මවුපියන්ට සතුටින් ජීවත්වීමට, මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම, පින්දහම් කර ගැනීමට අවස්ථාව සැලසීම දරුවන්ගේ යුතුකමක්. දරුවන් එසේ කරනවිට මවුපියන් සතුටු වෙනවා. අපේ දරුවන් හරි හොඳයි, අපට සලකනවා යැයි ඔවුන් සිතනවා. ඒ සමගම ඔවුන් අපේ දරුවන්ට තව තවත් හරියන්ට ඕනෑයැයි සිතනවා. දරුවන්ට ලැබෙන මවුපිය ආශිර්වාදය ඒකයි. එනිසා දරුවන් සිතන පතන දේ සාර්ථක වෙනවා. මවුපියන්ට නො සලකන කොට ඒ මවුපිය ආශිර්වාදය ලැබෙන්නේ නෑ. මවුපිය සැලකීම නොකරන තැනැත්තාට පසුව දුක්වීමට සිදුවෙනවා. තම යුතුකම ඉටු කළේ නැතැයි සිතමින් තමන් ද වයස්ගත වූ විට තමන්ටත් තම දරුවන් නො සලකන තත්ත්වයක් ඇතිවෙනවා. එවිට කෙසේද සතුටක් ලැබෙන්නේ. ලැබෙන්නේ පසුතැවීම පමණයි.
අපගේ ගුරුවරුන් මෙන්ම දෙමවුපිය වැඩිහිටියන් අපට වඩා වයසින්, දැනුමෙන් අත්දැකීම්වලින් වැඩියි. ඕනෑම වැඩකදී ඔවුන්ගේ එවැනි උපදෙස් ලැබීම කීකරු අයෙකුගේ ලක්ෂණයක්. දියුණු වන්නෙකුගේ ලක්ෂණයක්. තමා හරියැයි ද තමාගේ හිතුමතේ වැඩකර, පසුව එම වැඩවල අඩුපාඩු මෙන්ම අසාර්ථකකම් දුටුවම පසුතැවෙන්නට සිදුවෙන අවස්ථා තිබෙනවා. වැඩිහිටි උපදෙස් ලැබීම ඔවුන්ගේ ආශිර්වාදය ලැබීමටත් හේතුවක්.
ජීවිතයක සාර්ථකත්වයට හොඳ ආශ්‍රය ඉතා වැදගත්. එනිසා කුඩාකල සිටම හොඳ ආශ්‍රයට යොමුවිය යුතුයි. ශීලාචාර ගති පැවැතුම් ඇති අය සිල්වතුන් ලෙස සැලකෙනවා. ඔවුන්ගේ සිතිවිලි යහපත්, වචන යහපත්, ක්‍රියාවන් යහපත්. එවැනි අයගේ ඇසුරින් තමන්ටත්, එවැනි හොඳ දේ හුරු වෙනවා. ළමා අවධියේදී විශේෂයෙන්ම ආශ්‍රයෙන් හා දැකීමෙන් ග්‍රහණය කර ගන්න දේ වැඩියි. ඒ අවධියේ යහපත් ආශ්‍රයට වැටුණොත් හොඳ දේ ග්‍රහණය කර ගන්නවා. එනිසා තමයි කුඩා අවධියේම අපේ දරුවන් පන්සලට, ගරුතර මහ සංඝරත්නයේ ආශ්‍රයට යොමුකළ යුත්තේ. බෞද්ධයින් පන්සලේ ඇසුර තුළින් ඈත් වුණොත් ජීවිතයේ බොහෝ අඩුපාඩුකම් දකින්නට ලැබෙනවා. විවිධ අඩුපාඩුකම් සකසා ගෙන දිවිගමන සාර්ථක කරගත හැක්කේ සිල්වතුන්ගේ ඇසුරෙන්මයි. එයින් ඈත් වුවහොත් දිවිගමන අසාර්ථක වෙනවා. පසුතැවීම ඇතිවෙනවා.
පසුතැවීමට හේතුවන දසවන කරුණ නම් ත්‍රිවිධ සුචරිතයන්හි නො යෙදීමයි. කරුණාව, දයාව මෛත්‍රිය වැනි උදාර ගති සිතෙහි ඇතිකර ගැනීම, ගුණධර්මවලින් මනස පෝෂණය කර ගැනීම ඉතා වැදගත්. මනස යහපත් වූ විට, කයින් කෙරෙන සියලු ක්‍රියාවන් යහපත් වෙනවා. වචනය යහපත් වෙනවා. තිදොර සංවර කරගත්විට සමාජයට ප්‍රයෝජනවත් අයෙකු වෙනවා. එවැනි අයෙකුට කවුරුත් කැමතියි. ඔහුගේ සියලු කටයුතු සපලවීමට ත්‍රිවිධ සුචරිතයන් ඉතා වැදගත්. ත්‍රිවිධ සුචරිතයන්හි නොයෙදීම මෙලොවත් පරලොවත් අසාර්ථක වීමට හා පසුතැවීමට හේතුවෙනවා.
පසුව පසුතැවීමට හේතුවන ඉහත සඳහන් කරුණු වලින් ඈත් වූ අයෙකුට මුළු ජීවිත කාලය පුරාමත්, ඉන් පසුව පරලොවත් සැනසීමට හැකිවෙයි. එනිසා පින්වතුනි පසුව පසුතැවීමට නොව පසුව සැනසීමට හේතුවන කරුණු අනුගමනය කර, මෙලොවත්, පරලොවත් සැනසුම ලැබීමට උත්සාහ කරන්න.
දමනය කර ගත යුතු සිත
ප්‍රංශයේ ජේතවනාරාමාධිපති
මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං
යේ චිත්තං සංය මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා”
පින්වත්නි,
ධම්ම පදයෙහි දැක්වෙන ඉහත සඳහන් ගාථාවෙන් දැක්වෙනුයේ අපගේ සිතෙහි ඇති තත්ත්වය හෙවත් ස්වභාවයයි. දුර ගමන් යන තනිව හැසිරෙන සිරුරක් නැති ශරීර කූඩුවෙහි වාසය කරන සිත යමෙක් දමනය කරනවා නම් මාර බන්ධනයෙන් මිදෙන බවයි සඳහන් වන්නේ.
අපේ ජීවිත ඉදිරියට ගමන් කරවීමේ ක්‍රියාකාරීත්වය රඳා පවතිනුයේ අපගේ සිත තුළ ය. ඒ සිතෙහි ඇතිවන පහළවන අදහස් සිතිවිලි ක්‍රියාවට නැංවීම තුළින් මනුෂ්‍යයා හොඳ හෝ නරක අයකු බවට පත්වන බව කල්පනා කළ යුතු ය. එබැවින් අප උත්සාහ කළ යුත්තේ සිතේ ඇති තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කිරීමට ය.
සිත නිතරම විසිරී පවතී. ඒ නිසා ඒ සිත නිතරම දුර ගමන් කරයි. අපගේ ශරීරය කොතනක තිබුණත් අප දන්නා බොහෝ ස්ථානවලට සිතිවිලි තනිවම ගමන් කරයි. ඒ නිසා සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විමසීමෙන් සිටිය යුතු ය. එසේ විමසීමෙන් තොරව කටයුතු කරන පුද්ගලයාට ජීවිතයේ විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුවන බවත් කල්පනා කළ යුත්තකි.
ඒ නිසා සිත දමනය කළ යුත්තේ කෙසේදැයි අප කල්පනා කළ යුතු ය. අපේ පංචේන්ද්‍රියන් තුළින් ඇතිවන ආරම්මන අරමුණු පාලනය කිරීමට සිත දමනය කරගෙන කටයුතු කළ යුතු ය.
ඇසට යමක් දුටුවිට කනට යමක් ඇසුණු පමණින් එය ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැංවීමට උත්සාහ කිරීමෙන් ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවේ. සිත පාලනය නොකිරීමෙන් කටයුතු කිරීම නිසා අපේ ජීවිතවලට රෝගපීඩා පවා පැමිණෙන බව කල්පනා කළ යුතුª වේ.
මනුෂ්‍යයාට ඇතිවන රෝගාබාධ තුළින් වැඩි ප්‍රමාණයක් මානසික අසහනය හෙවත් මානසික ආතතිය නිසා ඇතිවන බව වත්මන් ඇමරිකානු වෛද්‍යවරුන් සොයාගෙන තිබේ. එසේ නම් අපේ රෝගවලටත් සිතේ ක්‍රියාකාරීත්වය බලපාන බව එමඟින් පැහැදිලි වනවා. සම්බුදු දහමට අනුව පුහුදුන් පුද්ගලයාගේ සිත නිතරම විවිධාකාරයේ සිතිවිලිවලින් භරිත වේ. ඒ නිසා පුහුදුන් සිත ඉතා ඉක්මනින් උමතුබවට පවා පත්වීමට ද ඉඩ ඇත.
සිත දමනය කර ගන්නා භාවනා ක්‍රම විදේශවල ද අනුගමනය කරනු ලැබේ. සිත දමනය කිරීමට අපේ කය පිළිබඳ සිතන්නට ස්කොට්ලන්තය වැනි රටවල අය කටයුතු කර තිබේ. කේශාන්තයේ සිට අනුක්‍රමයෙන් පාදාන්තය දක්වාත් පාදාන්තයේ සිට කේශාන්තය දක්වාත් සිතෙහි අරමුණු ගමන් කරවීමට ඒ භාවනා ක්‍රම උපයෝගී කර ගැනේ. කයට අනුව සිතිවිලි යොමුකරවීම තුළින් මනසෙහි ඇතිවන මානසික ආතතිය සමනය කර ගැනීමට ඒ භාවනා ක්‍රමය උපයෝගී කර ගන්නවා. එය අමුතු දෙයක් නොව අපේ සිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ගෙන් ඇසුවත් ඒ අය පැහැදිලි කර දෙයි. අපේ දහමෙහි දැක්වෙන කායානුපස්සනා භාවනාව වඩන අයුරුයි ඒ කියල.
අÀථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරූ අට්ඨි, අටිඨිමිඤජා ආදී වශයෙන් කායානුපස්සනාව තුළින් උපයෝගී කර ගන්නෙ පිළිකුල් භාවනාවටය. කය ඇසුරෙන් භාවනා කරන්නේ් කෙසේදැයි සතර සතිපට්ඨාන භාවනාවෙන් විස්තර කැරේ. ජීවිතයේ කරනු ලබන සෑම ක්‍රියාවකදීම මනා සිහියෙන් හා අවබෝධයෙන් සිටිය යුතු ය. බුදුදහමේ නාමයෙන් නොවූවද බටහිර රටවල මෙම ක්‍රම අනුගමනය කරනු ලබන්නේ මෙහි ඇති වැදගත්කම නිසයි.
සිත එකඟ කර ගැනීමට සිත ස්ථාවර කර ගැනීමට දමනය කර ගැනීමට අප සියලු දෙනාම උත්සාහ කළ යුතු ය.
දුර ගමන් යන තනිව හැසිරෙන ගුහාවක වාසය කරන මේ සිත දමනය කර ගැනීමෙන් මාර බන්ධනයෙන් මිදෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා නූතන විද්‍යාව අනුවත් මේ භාවනා ක්‍රම උපයෝගී කර ගැනීම තුළින් කයට ඇතිවන රෝගවලින් සහනයක් ඇතිවීමටත් හේතුවේ.
යහපත් ජීවිතයක් ගත කිරීමට මේ අනුව සිත දමනය කර ගැනීම අත්‍යවශ්‍ය බව පෙනේ.
මේ අනුව කටයුතු කිරීමට විශේෂ කාලයක් වැය කළ යුතු නොවේ. ජීවිතයේ කුදුමහත් සෑම ක්‍රියාවකදීම මනා සිහියෙන් කටයුතු කිරීමයි අවශ්‍ය වන්නේ. යාන්ත්‍රික මෙන් ජීවිත ගත කරන මනුෂ්‍යයාගේ සිත දියුණුකර ගැනීමට සිත තැන්පත් කර ගැනීමට හැම කටයුත්තකදීම මනා සිහියෙන් හා අවබෝධයෙන් කටයුතු කිරීමෙන් කය සුවපත් කරන්නට, මනස සුවපත් කරන්නට සසර ගමන සුවපත් කරන්නට මාර බන්ධනයෙන් මිදීමට ඉවහල් වන මේ සිතේ දමනය ඇති කර ගැනීමට ඉවහල් වන අයුරින් කටයුතු කිරීමෙන් ඔබේ ජීවිතයෙන් ඔබට ම සැනසීම උදාවනු ඇත.
Saturday, April 30, 2011
වැරැදි සෙවීමේ අදහසින් බණ ඇසීම උපාසක පරිහානිය යි
ශාස්ත්‍රපති
සූරියගොඩ සිරිධම්ම හිමි
පෙර බෞද්ධයාට උපාසක යන නාමය භාවිත වී ඇතිබව ද පෙනේ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදුන අය ඉල්ලා සිටිනුයේ... ‘උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේත සරණං ගතන්ති’ ‘භාග්‍යවතුන් වහන්ස! අද පටන් දිවි ඇති තෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සලකන සේක්වා යි යනුවෙනි.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
දස්සන භාවිතත්තානං - යෝ හාපේති උපාසකෝ
සවණං ච අරියධම්මානං - අධිසීලේ න සික්ඛති
පින්වත්නි!
අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ උපාසක පරිහානි සූත්‍රයට අනුව උපාසක පරිහානිය කරුණු හතෙකි. එනම්, සඟුන්ගේ දැකීම පිරිහෙළීම, සද්ධර්ම ශ්‍රවණය පමා කිරීම, අධිසීලයෙහි නො හික්මීම, ස්ථවිර, මධ්‍යම, නවක යන භික්ෂූන් කෙරෙහි අප්‍රසාද බහුලවීම, දොස් දක්නා සිතින් සිදුරු සෙවීමට බණ ඇසීම, බුදු සසුනෙන් බැහැර ශාසනයන්හි දක්ෂිණර්හයන් සෙවීම, පූර්වාකාර නොකිරීම, යනු සූත්‍රාගත කරුණු හතයි. උපාසක විපත්ති සූත්‍රය බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙද්දී දේශනා කරන ලද්දකි.
බෞද්ධයකු වීමට නම් තිසරණය සමාදන් වියයුතු බව මහානාම සූත්‍රයෙන් මහානාම ශාක්‍යයාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බුදුරදුන් පෙන්වා දී ඇත. පෙර බෞද්ධයාට උපාසක යන නාමය භාවිත වී ඇතිබව ද පෙනේ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදුන අය ඉල්ලා සිටිනුයේ... ‘උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේත සරණං ගතන්ති’ ‘භාග්‍යවතුන් වහන්ස! අද පටන් දිවි ඇති තෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සලකන සේක්වා යි යනුවෙනි. මෙයින් පැහැදිලි වනුයේ බෞද්ධයා නම් උපාසකතුමා ම බවයි.
බුද්ධ ධම්ම සංඝ යන රත්න ත්‍රය එකිනෙකට සාපේක්ෂව පවතී. බුදුරජාණන් වහන්සේ අපට දැකගත හැක්කේ ධර්මය තුළිනි. උන්වහන්සේගේ ගුණය උන්වහන්සේගේ මහා ප්‍රඥාව ධර්මයෙන් පැහැදිලි වෙයි. මේ නිසා ධර්මය දකින්නා බුදුන් දකියි. ‘යෝ ධම්මං පස්සති සො මං පස්සති’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ වක්කලී හිමියන්ට දේශනා කළේ එහෙයිනි. මෙම ධර්මය ප්‍රායෝගිකව පිළිපදින්නෝ මහා සංඝ රත්නය යි. එනිසා උපාසකතුමාට හෙවත් බෞද්ධයාට ප්‍රායෝගිකව ධර්මය දැකීමටත් පිළිපැදීමටත් හැකිවන්නේ සංඝයා ආශ්‍රය කිරීමෙනි. ‘සමණානං ච දස්සනං’ ශ්‍රමණයන්ගේ දැකීම මංගල කරුණක් යැයි දේශනා කළ සේක. ‘මං වුච්චති අපායං’ මං යන්නෙන් කියැවෙන්නේ අපාය යි. ‘ග‘ යනු ගමනාර්ථයෙහි යෙදේ. ‘ල’ යන්නෙන් කියැවෙන්නේ වැළැක්වීම යි. එවිට ගැනෙන්නේ අපායට යන ගමන වළක්වන දේ මංගල යනුවෙනි. සංඝයා යනු ධර්මයේ ප්‍රතිමූර්තිය බැවින් එම සංඝයා ආශ්‍රය කිරීමෙන් සංඝයා අනුගමනය කිරීමෙන් අපායට යන ගමන වැළකේ. එවිට සඟුන් දර්ශනය පිරිහෙළීමෙන් වන්නේ අපායට යන මග සාදා ගැනීම යි.
කරුණු පසකින් බෞද්ධයා භික්ෂූන් වහන්සේට සංග්‍රහ කළ යුතුයි. ඒ කරුණු පස නම් මෛත්‍රී සහගත කාය කර්මය, මෛත්‍රී සහගත වාග්කර්මය, මෛත්‍රී සහගත මනඞ කර්මය, අනාවචාරතාව හා ආමිසානුප්පදානය යනුයි. මෛත්‍රී සහගත කාය කර්මය නම් කුල දේවතාවුන් වන භික්ෂූන්ට ගෞරවයෙන් වැඳීම පිදීම හා හුනස්නෙන් නැගී සිටීම් ආදිය යි. ගෞරවයෙන් කතාබස් කිරීම මෙත්තා සහගත වාග් කර්මය යි. සිතින් ද ශුභ පැතීම මනඞ කර්මය යි. භික්ෂූන්ගේ පැමිණීමට තම නිවස විවෘතව තැබීම අනාවචාරතාවයි. භික්ෂූන්ට අවශ්‍ය කටයුතු සපුරාලීම ආමිසානුප්පදානය යි’. ගිහි පින්වතුන්ගෙන් මෙබදු සංග්‍රහ ලබන භික්ෂුව පෙරළා සංග්‍රහ කරයි. ඒ සංග්‍රහය නම් පාපයෙන් වැළැක්වීම, කුසල ධර්මයන්හි යෙදවීම, හොඳ සිතින් අනුකම්පා කිරීම, නො ඇසූ දෙය ඇස්සවීම, ඇසූ දෙයෙහි සැක සංකා දුරු කිරීම, නිවන් මග පෙන්නාදීම, යන කරුණුවලින් සංග්‍රහ කිරීම යි. භික්ෂූන් දැකීම පිරිහෙළන පුද්ගලයන්ට මේ ආනිසංස ලබාගත නො හැකිය. එනිසා ඔවුන් වැරදි මගට වැටී අපාගත විය හැකිය එය උපාසක පරිහානියකි.
ධර්ම ශ්‍රවණයට පමා වීම ද උපාසක පරිහානියට මගකි. බණ ඇසීම දුර්ලභ කරුණකි. අබුද්ධෝත්පාද කාලවල බණ යන වචනයවත් අසන්නට නැත. එසේම ධර්මාවබෝධය තනිවම ලබාගත හැක්කේ බුදු පසේබුදු යන උත්තමයන් වහන්සේට පමණි. අවශේෂ සෑම දෙනෙකුටම ධර්මාවබෝධය ලැබෙනුයේ අනුන්ගෙන් බණ පදයක් හෝ ඇසීමෙනි. එයට පරතෝඝොෂ ප්‍රත්‍යය යයි කියනු ලැබේ. සැරියුත් තෙරුන්ට අස්සජි මහරහතන් වහන්සේගෙන් ‘යෙ ධම්මා හේතුප්පභවා’ යන ගාථා පදය ඇසීමෙන් සෝවාන් මඟ ලබා ගැනීමට හැකිවිය. බණ ඇසීමට පමා වුවහොත් එයින් නිවන් ලැබීමත් පමාවී යයි. එසේ ම නො ඇසු දේ ඇසීම, ඇසු දේ පිිරිසුදු වීම, සැක දුරුවීම, දෘෂ්ටිය සෘජුවීම, සිත පැහැදීම යන බණ ඇසීමෙන් ලැබෙන ආනිශංසයන් ද නො ලැබී යන්නේ්ය.
සීලය නම් කය හා වචනය සංවර කර ගැනීමයි. ගිහියෙක් රැකිය යුතු නිත්‍යශීලය යයි හඳුන්වන පංචශීලයක් ඇත. ගිහියෙක් වශයෙන් අෂ්ටාංග ශීලය, දස සීලය ආදි ශීල ආරක්ෂා කිරීම අධිශීලය නම් වේ. විකාල භෝජනයෙන් වැළකීම, බ්‍රහ්මචාරීවීම, සැමවිටම ගිහි බෞද්ධයන්ට කළ නො හැකි ය. එහෙත් විවාහ වීමට පෙර අධ්‍යාපනය ලබන වකවානුවේ දී බ්‍රහ්මචාරී වීම වැදගත් ය. කුමර බඹසර කුමරි බඹසර නමින් සඳහන් වන්නේ එයයි. මෙම සිල් නිසි ආකාරයෙන් ආරක්ෂා කිරීම ද අධිසීලය වශයෙන් සලකනු ලැබේ. සීලයෙහි පමාවීම සීලය නො රැකීම මුළු මහත් සමාජයටම හානිකර වේ. එසේ ම තමාට ද මරණින් පසු අපාගාමී වීමට සිදුවේ.
ස්ථවිර මධ්‍යම නවක යන භික්ෂුන් කෙරෙහි අප්‍රසාදය බහුලවීම ද උපාසකයාගේ පිරිහීමට කරුණකි. මෙහි ස්ථවිර නම් උපසම්පදා වී දසවසරක් ඉක්ම වූ භික්ෂූන්ය. මධ්‍යම නම් උපසම්පදාවෙන් පස් වසරක් සම්පූර්ණ වූ භික්ෂුවයි. නවක නම් උපසම්පන්න වී වසරක් වසර පහකට අඩු භික්ෂූන් ය. සාමණේරයන් වහන්සේ පිළිබඳ ධර්මානුකූල ව්‍යවහාරය යති - යතිපුත්‍ර නම් වේ. මෙම භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය බහුල වනවිට උන්වහන්සේලාට අපහාස කිරීම, අවමන් කිරීමාදිය සිදුවීම වැළැක්විය නො හැකිය. එනිසා ඔවුන්ට ආර්යෝපවාද අකුසලය සිදුවීමට පිළිවන. සංඝරත්නය අරමුණු කොට දෙන දානය සාංඝික වන්නාක් මෙන් සංඝයාට ම දොස්කීම, බැණීම ද සාංඝික දොස්කීමත් බැණීමක් වෙයි. . ශාසනාභිවෘද්ධිකාමි බෞද්ධයෙක් නම් කළ යුත්තේ් මෙත්තාවාචී කර්මයෙන් දෝෂය පෙන්නාදීමයි.
රන්ධුගවේශී ව බණ ඇසීම නම් දොස් දක්නා සිතින් දේශනා කරන ධර්මයෙහි වරදක් අල්ලාගෙන දේශකයන් වහන්සේට අපහාස කිරීමට බණ ඇසීම යි. එය පවක් මිස පිනක් නොවේ. දේශකයන් වහන්සේ නමක් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහම් කොටසකි. අමතකවීමකින් හෝ අවබෝධ කරගත් ආකාරය වැරැදිවීම නිසා හෝ සමහර විට ධර්ම දේශකයන් වහන්සේ නමකගෙන් අඩුපාඩුවක්, වැරැද්දක් වීමට බැරි නැත. එබඳු අවස්ථාවකදී දේශකයන් වහන්සේට නින්දාවක් අපහාසයක් කිරීම පාපකර්මයකි. බුදුබණ යයි අත්තනෝමතික අදහස් ප්‍රකාශ කරන්නේ නම් ඒවා දේශකයන් වහන්සේ සමග කරුණු සහගත ව සාකච්ඡා කොට නිවැරැදි කරගත යුතුය. බණ ඇසීමේ දී ධර්ම ගෞරවය, දේශක ගෞරවය උපදවාගෙන ශ්‍රද්ධා භක්තියෙන් ඇසිය යුතුය. බණ ඇසීමේ පින ලැබෙන්නේ එවිට ය. සිදුරු සෙවීමේ අදහසින් බණ ඇසීම උපාසක පරිහානියකි.
උපාසක පරිහානියට හේතුවන සවැනි කරුණි නම් ‘ඉතො ච බහින්ධා දක්ඛිණ්‍යෙං ගවෙස්සති’ මේ බුදු සස්නෙන් බැහැර දක්ෂිණාර්ගයන් සෙවීම යි. දක්ෂිණාර්ගයන් නම් ශ්‍රද්ධාවෙන් දෙන දෙය පිළිගැනීමට සුදුසු වීමයි. දක්ෂිණා යනු පරලොව සැප විපාක පතා දෙන දීමනාව යි.
උපාසක පරිහානි කරුණු සතෙන් අවසාන කරුණ ‘තත්ථ න පුබ්බාකාරං කරොති’ යන්න යි. මෙහි පුබ්බාකාර නම් ශාසනය පිළිබඳ කළයුතු කරුණු මොනවාදැයි සොයා බලා කිරීමයි.
බොදු හැදියාවයි ගිලන් උවැටනයි
බොදු හැදියාවයි ගිලන් උවැටනයි
රෝග තත්ත්වයන් ගැනත් හෙද සේවාව ගැනත් අපේ ත්‍රිපිටකයේ විවිධ තැන්වල සඳහන් කර ඇත. මිනිස් සමාජයේ තුන් වර්ගයක ගිලනුන් සිටින බව අංගුත්තර නිකායේ තික නිපාතයේ පුද්ගල වර්ගයේ සඳහන්ය
දෙහිවල නැදිමාලේ
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ
කිරම විමලජෝති හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
‘ආරෝග්‍යා පරමාලාභා සන්තුට්ඨී පරමං ධනං’
කරුණික පින්වත්නි,
හෙද සේවය බෞද්ධ සංස්කෘතියේ උතුම් සමාජ වටිනාකමකි. වෙද හෙදකම් වෙනුවෙන් අපේ සිංහල සාහිත්‍යයේ යෙදීමක් වේ. වෙදකම නම් බෙහෙත් කිරීමයි. හෙදකම නම් තමන් රෝගී අවස්ථාවක තමන්ගේ කටයුතු තමන්ට කර ගැනීමට නොහැකි අයට ඇප උපස්ථාන කිරීමයි. සමහරවිට වෙදකමට වඩා හෙදකම අවශ්‍ය අවස්ථා ඇත.
සමහර අවස්ථාවල රෝගීන් නිරෝගී වන්නේ වෙදකමේ හාස්කමට වඩා හෙදකමේ හාස්කමෙනි. අත්ගුණය නමින් වහරන උතුම් දායාදයක් අපට තිබේ. මේ අත්ගුණය බොහෝ විට පිහිටන්නේ හෙද, හෙදියන් තුළය. වෛද්‍යවරයා බෙහෙත් නියම කරයි. ඒ නියමිත බෙහෙත් රෝගියාට දෙන්නේ හෙදියගේ අතින්. ඒ තැනදී අත්ගුණය හෙදිය සතු දායාදයකි. සිංහල වෛද්‍යවරුන් තුළ නම් මේ අත්ගුණය වෛද්‍යවරයා තුළම පිහිටයි. ඒ අනුව හෙද හෙදියෝ අපේ ජාතික සහායකයෝ වෙති.
හෙද සේවයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. හෙද සේවයේ වටිනාකම, අගය, මිල ගුණය අපට මුලින්ම පෙන්වා වදාළේ අපේ තථාගත සම්බුදුන් වහන්සේ ය. පූතිගත්ත තිස්ස තෙරණුවෝ බුදු සසුනේ පැවිදි වී ගුණ දහම් වැඩූ තැනැත්තෙකි. උන්වහන්සේ වයසට යාමත් සමඟ අසනීප විය. ඇඟ පුරා ගෙඩි දැමීමේ රෝගයකි. එක එක ප්‍රමාණයේ ගෙඩි ඇඟ පුරා විය. නිරෝගී හාමුදුරුවරු බෙහෙත් කරමින් උවැටන් කරත් සුවපත් වූයේ නැත. අවසානයේ මරණය ඉදිරියේ තබාගෙන වැතිරිණ. මේ තත්ත්වය දුටු බුදු හාමුදුරුවෝ තමන්ම වතුර උණු කර සකස් කර, තෙල් බෙහෙත් ද ගෙන භික්‍ෂූන් ලවා ඇඳ පිටින්ම ලෙඩා ගෙන්වාගෙන පළමුව උණු දියෙන් ඇඟ සෝදා, තෙල් ගල්වා, හැඳ පෙරව සිටි සිවුරු හෝදා රෝගියාට පළමුව කයට සහනයක් දුන්හ. බුදුහාමුදුරුවන් ගැල්වූ තෙල් වලට වඩා බුදු හිමියන්ගේ අත්ගුණය ලෙඩාට පිහිට විය. ඒ පිළියම් කළේ මහා කරුණාවෙනි. මෛත්‍රියෙනි. දයාවෙනි. ඒ අපිරිමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රතිකාර කිරීමේ අත්ගුණය රෝගියාගේ රෝගය සුව වන්නට හේතු විය. පළමුව කය සැනසූ බුදුහිමි සුදුසු පරිසරය තුළ පූතිගත්ත තිස්ස තෙරුන්ට දහම් දෙසීය. ඒ මගින් රෝගියාගේ සිතට සැනසුම උදා විය. සිත සැනසීම රෝගය මුළුමනින්ම සුව වීමට හේතු විය.
බටහිර වෛද්‍ය ක්‍රමය අනුව රෝහලට යන බොහෝ රෝගීන්ගෙන් හෙදියෝ ලේ ගනිති. එම ලේ රසායනාගාර වලට යවා පරීක්‍ෂා කර එම ලේ වල විෂ බීජ තිබේද, වෛරස් තිබේද, සීනි තිබේද, ග්ලූකෝස් තිබේද, ක්ලෝස්ට්‍රෝල් තිබේද කියා පරීක්‍ෂා කර ඒ අනුව බෙහෙත් නියම කරති.
මෙය අලුත් දෙයක් නොවේ. සප්ත බොජ්ඣංග තේරුම්ගෙන ඒවා සිහි කිරීමෙන් සතුට ඇතිවන බවත් ඒ ධර්මාන්විත සතුට නිසා ලේ පිරිසුදු වන බවත් ලේ පිරිසුදු වීම නිසා රෝග සුව වන බවත් බුදුහාමුදුරුවෝ ගිරිමානන්ද සූත්‍රයේ හා බොජ්ඣංග සූත්‍ර වල පැහැදිලිව විවරණය කර ඇත. මේ අනුව හෙදියන්ගේ අත්ගුණය, හෙදියන් විසින් රෝගීන්ගේ සිත සතුටු කර තබාගැනීම රෝග සුව වීමට හේතු කාරක වේ. පූතිගත්ත තිස්ස තෙරුන්ට උවටැන් කළ බුදුහිමියෝ ගිලනුන්ට උවැටන් කිරීම තමන්ට උවැටන් කිරීම හා සමානයැයි භික්‍ෂූන්ට වදාළහ.
රෝග තත්ත්වයන් ගැනත් හෙද සේවාව ගැනත් අපේ ත්‍රිපිටකයේ විවිධ තැන්වල සඳහන් කර ඇත. මිනිස් සමාජයේ තුන් වර්ගයක ගිලනුන් සිටින බව අංගුත්තර නිකායේ තික නිපාතයේ පුද්ගල වර්ගයේ සඳහනි. ඒ මෙසේ ය.
01. සුදුසු ආහාරපාන, සුදුසු නියමිත බෙහෙත්, සුදුසු උපස්ථාන හෙද සේවය ලැබුණත් නොලැබුණත් සුවය නොලබන ගිලනා,
02. සුදුසු ආහාරපාන,නියමිත සුදුසු ඖෂධ, නියමිත උපස්ථාන ලැබුණත් නොලැබුණත් සුවය ලබන ගිලනා,
03. සුදුසු ආහාරපාන, සුදුසු පරිසරය, සුදුසු ඖෂධ, සුදුසු උපස්ථාන ලැබීමෙන් ම සුවය ලබන ගිලනා,
මේ තුන් ආකාර ගිලනුන්ම රෝහල්වලට එති. මේ කවර ගිලනාදැයි එක් වරම තීන්දු කිරීමට වෛද්‍යවරුන්ට හෝ හෙද හෙදියන්ට නුපුළුවන. ඒ නිසා වෛද්‍යවරුන්ගෙත්, හෙද හෙදියන්ගෙත් සදාචාර සම්පන්න යුතුකම නම් මෙහෙය නම් සෑම රෝගියෙක්ම තුන්වන අවධියේ රෝගියෙක්යැයි සිතා නියම සුදුසු ආහාර පාන, සුදුසු ඖෂධ, උපරිම අයුරින් උපස්ථානය හෙද සේවය ලබා දී රෝගියා සුව කිරීමට වෙහෙස ගැනීමයි.
හෙදකු හෝ හෙදියක වීමට හැම දෙනාටම නුපුළුවන. හෙදකම හැම දෙනාටම නොපිහිටන බැවිනි. හෙද හෙදියන් වීමට සුදුසු තැනැත්තන් පිළිබඳව අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ ගිලාන වර්ගයේත් චුල්ල වග්ගයේ විස්තර කර ඇත.
මොනවාද ඒ සුදුසුකම්,
01. බෙහෙත්, ඖෂධ සංයෝජනයේ දක්ෂතාවය, බෙහෙත් හඳුනාගැනීම, ඖෂධවල මාත්‍රාව හඳුනාගැනීම, ගතයුතු ප්‍රමාණය, ගතයුතු වෙලාව ආදිය දැනගැනීම.
02. රෝගියාට පථ්‍ය, අපථ්‍ය දේ දැන පථ්‍ය දේ දෙන්නට අපථ්‍ය දේ නොදෙන්නට වග බලාගැනීම, ඒ ගැන දැනුම අවබෝධය තිබීම.
03. මෙත්සිතින්, කරුණාවෙන් කිසියම් ලාභයක් බලාපොරොත්තුව නොව ගිලාන උපස්ථාන පිළිබඳවම එක හිතින් හිතා කටයුතු කිරීම.
හෙද හෙදියන් සේවය කිරීම නිසා රජයෙන් වැටුපක් ලැබෙන බව සත්‍යයය. එහෙත් හෙද හෙදියන් සේවය කළ යුත්තේ එයට වහල් වීමෙන් නොවේ. මෙත් සිත, කරුණාව, දයානුකම්පාව, අත්ගුණය, මානුෂික පැවැත්ම ඇති හෙද හෙදියකගේ සේවය එසේ ලැබෙන වැටුපෙන් මිල කළ නොහැකි ය. එවැන්නක් තුළ පවතින්නේ ගුණාත්මක අගයකි. එවැන්නෝ අසරණ රෝගීන් ශරීර ඇපයට තබාගෙන වැඩ වර්ජන ආදිය නොකරති. හෙද සේවයේ පවතින්නේ වැටුපෙන් තීරණය කරන වටිනාකමක් නොව සමාජමය වටිනාකමකි.
04. රෝගියා පිළිබඳව පිළිකුල් සහගතව නොබලා සත්පුරුෂ මිනිසෙකුගේ ඇසින් බැලීම.
තමා වාට්ටුවට රෝගියෙකු ගෙන එන විට තවත් කරදරයක්යැයි නොසිතා සිනහ මුහුණින් රෝගියා පිළිගෙන අවශ්‍ය ක්ෂණික ප්‍රතිකාර දීම හෙද හෙදියන් තුළ තිබිය යුතු ගුණයකි.
05 කලින් කල රෝගියා දැහැමි කථාවෙන් පහදවාලීමේ සමත්කම,
හෙද සේවයට තිබිය යුතු පස්වැනි ගුණය සුදුසුකම එයයි. දැහැමි කථා නොහැකි නම් සතුටු සාමීචී කතා මගින් රෝගියාගේ සිත රෝගයෙන් ඉවත් කර නිතරම රෝගියා සතුටු සිතින් තබා ගැනීම. හෙද සේවයේ යුතුකමයි. වගකීමයි. නියම හෙද සේවයක් වන්නේ එවිටය. වර්තමානය විද්‍යා යුගය බැවින් රෝගීන්ට පිරිත්, බණ ආදිය අසන්නට සලස්වන්න පුළුවන.
මේ අන්දමේ සුදුසුකම් ඇති යහපත් හෙද හෙදියන් වෙතොත් එවැනි රෝහල් ජනයාගේ ආදර ගෞරවයට පාත්‍ර වන බව සිද්ධාන්තයකි.
වර්තමාන හෙද සේවය බටහිර ආභාෂය අනුව අද පැවතුනත් හෙද සේවය අපට බටහිරින් ආ දෙයක් නොවේ. අනුරපුර, පොළොන්නරු යුගවලදී සුවිශාල ජාතික රෝහල් තිබුණු බවත්, ඒවායේ හෙද හෙදියන් සේවය කළ බවත් සඳහන්ව ඇත. අනුරපුර යුගයේ භික්‍ෂුණීන් සඳහා පැවැති රෝහල් වල හෙද සේවයේ යෙදී ඇත්තේ මෙහෙණින් වහන්සේලාමය. ඒඅයට පැවරුණු එක මෙහෙවරක් දෙමව්පියන් නැති දරුවෙක් හෝ අතරමං වුණු දරුවන් සොයා බලා එවැනි දරුවන් රජයේ ළමාරක්‍ෂක අංශවලට භාරදීමය. ඒ අනුව හෙද සේවය වූ කලී අපේ සංස්කෘතික සමාජ ධර්මයකි.
ගිලනුන්ට උපස්ථාන කරන භික්‍ෂූන්ට විශේෂ වරප්‍රසාද හිමි වන බව විනය පොත් වල සඳහන්ව ඇත. යම්කිසි ගිලන් භික්‍ෂුවකට උවටැන් කරන භික්‍ෂුවක් වෙතොත් ගිලනාටද උපස්ථායකයාටද ආහාර පාන ලබාදීම අනෙක් භික්‍ෂූන්ට නියම කර ඇත. මෙය මෙලොව පරලොව දෙකටම නීරෝගී සැප දිගාසිරි ගෙන දෙන මාහැඟි පින්කමක් ද වන්නේ ය.
යම්කිසි විධියකින් ගිලන් භික්‍ෂුව මිය ගියහොත් ඒ භික්‍ෂුව සතු සිවුරු පිරිකර පොත පත ආදී සම්පත් උවටැන් කළ භික්‍ෂුවට අයිතිවීම විනය නීතියයි. මේ අන්දමට සිතා බලන විට හෙද සේවයේ උපස්ථායක සේවයේ අගය කෙතරම් අගේදැයි වැටහේ.
රජයේ රෝහල් වලට එන්නේ නැති බැරි අහිංසක දුප්පත් රෝගීන් ය. ධනය ඇත්තෝ පුද්ගලික රෝහල් කරා ඇදෙති. මේ අනුව රජයේ රෝහල්වලට එන අහිංසක රෝගීන්ට මානව දයාවෙන් වෙද හෙදකම් කිරීම හෙද හෙදියන්ගේ වගකීමය. දිය පොදක් ඉල්ලා කෑ ගහන රෝගියෙකුට අනුකම්පා විරහිතව බැණ වදින හෙද හෙදියකගෙන් මෙම ජාතියට කවර පිළිසරණක්ද? එය සිංහල බෞද්ධ හැදිච්චකම නොවේ. ඒ අනුව හෙද සේවය යනු සිංහල ශිෂ්ටාචාරය අතින්ද, බෞද්ධ සංස්කෘතිය අතින්ද උත්තරීතර සමාජ ධර්මයකි. ඒ උත්තරීතර සමාජ ධර්මය අපේ වර්තමාන හෙදි පරපුර විසින් ද අවබෝධ කර ගනිමින් එහි ගරුත්වය, ගුණාත්මක බව හා අගය රකින්නට පරාර්ථ හා දයානුකම්පාවෙන් සිතත්වායි ආශිංසනය කරමි.
පසුව පසුතැවිලි නොවනු මැනවි
පසුව පසුතැවිලි නොවනු මැනවි
මාතලේ ශ්‍රී විද්‍යානන්ද මහ පරිවේනාධිපති
උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාතේ
උප ප්‍රධාන අධිකරණ සංඝනායක
බටුගොඩ සංකිච්චායන නා හිමි
දස ඛලු ඉමානි ඨානානි යානි
පුබ්බේ අකාරිත්වා
ස පච්ඡා මනුතප්පති ඉච්චාහ
රාජා සනසන්ධා
ජනසන්ධ ජාතකය
ජාතක පාළි, ද්වාදසක නිපාතය
පින්වත්ති
බුදුරජාණන් වහන්සේ විසින් ජනසන්ධ ජාතකය දේශනා කළේ කොසොල් රජතුමාටයි. දිනක් කොසොල් රජතුමා බුදුරදුන් දැකීමට දෙව්රම් විහාරයට පැමිණියේ බලවත් වූ කණස්සල්ලකින් යුතුවයි. දින ගණනක් පන්සලට නො පැමිණ සිටි කොසොල් රජු බලවත් චිත්ත පීඩාවකින් පෙළෙමින් සිට තමන් වහන්සේ වෙතැ පැමිණ සිටි බව දැනගත් බුදුරජාණන් වහන්සේ මේ ජාතකය දේශනා කළා.
මේ මඟින් බුදුරජාණන්වහන්සේ පැහැදිලි කර ඇත්තේ පසුව පසුතැවිලි වීමට හේතුවන කරුණු දහයක් පිළිබඳවයි. ඒ පිළිබඳව අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වෙයි. පින්වතුනි, මෙහි සඳහන් වන පසුවට පසුතැවිලි වීමට හේතුවන කරුණු සුදුසු කාලයෙහි ධනය නො ලැබීම, සුදුසු කාලයෙහි ඉගෙනීම නොලැබීම, කූටකම් කිරීම, හිංසාකාරීවීම, කාමුකවීම, පරිත්‍යාගශීලි නොවීම, මවුපියන්හට නො සැලකීම, ආචාර්ය උපදෙස් නො ගැනීම, සිල්වතුන් ඇසුරු නොකිරීම, අශිලාචාරව කටයුතු කිරීම.
ජීවත්වීමට මිල මුදල් ඇතුළු විවිධ සම්පත් අවශ්‍ය වෙනව. ඒවා උපයා සපයා ගැනීමට තමාව උත්සාහවත් විය යුතුයි. නොපමාව, අලස නොවී, ධාර්මිකව, දහඩිය වගුරුවා මිල මුදල් සෙවීම වැදගත් වෙනවා. සම්පත් ඉපයීමට හැමදාම අපහසුයි. ඒ සඳහා විශේෂ කාලයක් තිබෙනවා. කායික හා මානසික ශක්තිය තිබෙන මොහොතේ තමයි ඒ සඳහා උත්සාහයත් විය යුත්තේ. ඒ කාලයේදී හරිහම්බ කර නො ගත්තොත්, පසුව පසුතැවීමට සිදුවෙනවා. හරිහම්බ කරගත් වෙනත් අය ගැන සිතමින් දුකට පත් වෙන්න සිදු වෙන්නේ එවිටයි.
ජීවිතයක සාර්ථකත්වය ඇති වෙන්න නම් ඉගෙනුම අත්‍යවශ්‍ය කරුණක්. උපන්දා සිට මරණ මොහොත දක්වාම ඉගෙනුමට බොහෝ දේ ඇතත්, ඒ සඳහා විශේෂ කාලයක් තිබෙනවා. ඒ කාලය තමයි කායික හා මානසික නිරෝගි බවින් යුතු කාලය, විශේෂයෙන් කුඩා කාලය, තරුණ කාලය කෙනෙක් ඉගෙනුම ලබන දේවලින් හතරෙන් තුනක්ම ඉගෙන ගන්නේ ළමා අවධියේ යි. ඉගෙනුම ලැබිය යුතු කාලයේ ඒ කාර්යය මැනවින් නො කළොත් පසුව පසුතැවිලිවීමට සිදු වෙනවාමයි. ඇතැම් අය, සුදුසු කාලයේ, අලසකම නිසාම ඉගෙන ගන්නේ නෑ. පස්සේ පුළුවන් යැයි කියමින් පසුවට කල් තබනවා. එවිට කාලය ගෙවෙනවා. වයස ගතවෙනවා. ඉගෙනුමට තිබූ කාලය ගෙවී යනවා. වෙනත් බාහිර වැඩකටයුතු වැඩි වෙනවා. විවේකයත් කායික මානසික නිරෝගි බවත් හීනවෙනවා. තම වයසේ සිටි බොහෝ අය ඉගෙන ගෙන සමාජයේ උසස් තැන්වල කටයුතු කරන තත්ත්වයට පත්වෙනවා. ඒ දෙස බලන නූගත් පුද්ගලයාට පසුතැවීම හැර වෙන දෙයක් කරන්නට ඉතිරිව නෑ.
කූටවේදී නම් කූටකම හෙවත් කපටිකම, බොරුව, වංචාව, රැවටීම යන අදහසයි. තමන් කරන කූටකම් නිසා අන් අය මුහුණ දෙන අපහසුතා ගැන කිසිවක් නොසිතන කපටි මිනිසුන් සමාජයට මහ පිළල වෙනවා. ඇතැම්විට චණ්ඩි ක්‍රියා අනුගමනය කරනවා. කේලාම් කියමින් අනුන් බිඳවන අදහසින් ක්‍රියා කර තම බලාපොරොත්තු ඉටුකරගෙන තාවකාලික තෘප්තියක් තමයි ඔවුන් අපේක්ෂා කරන්නේ. සමාජය විසින්ම ඔවුන් පිළිකුල් කරනවා. ප්‍රතික්ෂේප කරනවා. එදාට ඔවුන්ට සිදුවන්නේ පසුතැවීමට පමණයි.
බුදුදහමෙන් උගන්වන්නේ තමා උපමා කොට අනුන් ගැනත් සිතන ලෙසයි. අනුන්ට කුමක් වුවත්, තමන්ගේ බලාපොරොත්තු පමණක් ඉටුවුණොත් ඇතැයි යන අදහස කෙතරම් අකාරුණික ද? එය ශිෂ්ට සමාජය කෙදිනකටවත් අනුමත කරන්නේ නෑ.
හිංසාකාරි පිළිවෙතැ අගය කරන අයෙකුට කිසිලෙසකින් පසුව සතුටක් ඇති කරගත නො හැකි. සිල්වත්, ගුණවත් අයෙකුට නිකරුණේ දොස් නගා, ඔහුට මානසික පීඩාවක් ඇති කරන අයෙකුට, මේ අත්බවේදීම එහි විපාක ලැබෙනව. අන්‍යයන්ට රහසින් හිංසාකාරි ක්‍රියාවන් කළත් තම සිතට ඒවා රහසක් වන්නේ නෑ. එම වැරැදි ක්‍රියා සිහිපත් වන සෑම මොහොතකම මානසික වශයෙන් මහත් පීඩාවකට පත්වෙන්න ඔහුට සිදුවෙනව.
පරදාර සේවනය හෙවත්, පරඅඹු සේවනය සමාජය තුළ පිළිකුල් බවට පත්වීමට හේතුවක්. එසේම පරපුරුෂ සේවනයත් එසේමයි. වාසනාවන්ත යුග ජීවිතයක් ගත කිරීමට නම් පරඅඹු, පරපුරුෂ සේවනය, අනාචාරයේ යෙදීම, ආදියෙන් ඈත්විය යුතුයි. තම බිරිඳ සමග පමණක් ආදරයෙන්, සෙනෙහසින් විශ්වාසවන්ත ලෙස ජීවත්වීමත්, තම ස්වාමියා සමග විශ්වාසනීය ලෙස සෙනෙහසින් කටයුතු කිරීමත් පී‍්‍රතිමත් යුග ජීවිතයක පදනමයි.
දීම හෙවත් පරිත්‍යාගය යහපත් දෙයක්. තමන් සතු දෙයක් අනුන්ගේ යහපත පතා දීම සතුටට හේතුවක්. දුන්නොත් තමයි නැවත ලැබෙන්නේ යනුවෙන් අප අතර කියමනක් තිබෙනවා. ඔබ අනුන්ට සිනාසුනොත් අනුන් ඔබටත් සිනාසේවි. සිත සතුටින් දීම නෑ...බෑ.... නොකියා ජීවත්වීමට හේතුවක්. ආයුෂ, සැප, බල, වර්ණ, ප්‍රඥා ලැබීමට හා ධන ධාන්‍ය වස්තු සම්පත් ලැබීමටත්, පිරිස් බලය ලැබීමටත්, හේතුවක්. නොදුන්නොත්, ඒ එක දෙයක්වත් නො ලැබේවි. ලැබෙන්නේ දුප්පත්කමත් පසුතැවීමත් පමණයි.
හැකියාව තිබියදීත් තම මවුපියන් පෝෂණය නොකිරීම, පවක්. වයස්ගත වූ මවුපියන්ට සතුටින් ජීවත්වීමට, මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම, පින්දහම් කර ගැනීමට අවස්ථාව සැලසීම දරුවන්ගේ යුතුකමක්. දරුවන් එසේ කරනවිට මවුපියන් සතුටු වෙනවා. අපේ දරුවන් හරි හොඳයි, අපට සලකනවා යැයි ඔවුන් සිතනවා. ඒ සමගම ඔවුන් අපේ දරුවන්ට තව තවත් හරියන්ට ඕනෑයැයි සිතනවා. දරුවන්ට ලැබෙන මවුපිය ආශිර්වාදය ඒකයි. එනිසා දරුවන් සිතන පතන දේ සාර්ථක වෙනවා. මවුපියන්ට නො සලකන කොට ඒ මවුපිය ආශිර්වාදය ලැබෙන්නේ නෑ. මවුපිය සැලකීම නොකරන තැනැත්තාට පසුව දුක්වීමට සිදුවෙනවා. තම යුතුකම ඉටු කළේ නැතැයි සිතමින් තමන් ද වයස්ගත වූ විට තමන්ටත් තම දරුවන් නො සලකන තත්ත්වයක් ඇතිවෙනවා. එවිට කෙසේද සතුටක් ලැබෙන්නේ. ලැබෙන්නේ පසුතැවීම පමණයි.
අපගේ ගුරුවරුන් මෙන්ම දෙමවුපිය වැඩිහිටියන් අපට වඩා වයසින්, දැනුමෙන් අත්දැකීම්වලින් වැඩියි. ඕනෑම වැඩකදී ඔවුන්ගේ එවැනි උපදෙස් ලැබීම කීකරු අයෙකුගේ ලක්ෂණයක්. දියුණු වන්නෙකුගේ ලක්ෂණයක්. තමා හරියැයි ද තමාගේ හිතුමතේ වැඩකර, පසුව එම වැඩවල අඩුපාඩු මෙන්ම අසාර්ථකකම් දුටුවම පසුතැවෙන්නට සිදුවෙන අවස්ථා තිබෙනවා. වැඩිහිටි උපදෙස් ලැබීම ඔවුන්ගේ ආශිර්වාදය ලැබීමටත් හේතුවක්.
ජීවිතයක සාර්ථකත්වයට හොඳ ආශ්‍රය ඉතා වැදගත්. එනිසා කුඩාකල සිටම හොඳ ආශ්‍රයට යොමුවිය යුතුයි. ශීලාචාර ගති පැවැතුම් ඇති අය සිල්වතුන් ලෙස සැලකෙනවා. ඔවුන්ගේ සිතිවිලි යහපත්, වචන යහපත්, ක්‍රියාවන් යහපත්. එවැනි අයගේ ඇසුරින් තමන්ටත්, එවැනි හොඳ දේ හුරු වෙනවා. ළමා අවධියේදී විශේෂයෙන්ම ආශ්‍රයෙන් හා දැකීමෙන් ග්‍රහණය කර ගන්න දේ වැඩියි. ඒ අවධියේ යහපත් ආශ්‍රයට වැටුණොත් හොඳ දේ ග්‍රහණය කර ගන්නවා. එනිසා තමයි කුඩා අවධියේම අපේ දරුවන් පන්සලට, ගරුතර මහ සංඝරත්නයේ ආශ්‍රයට යොමුකළ යුත්තේ. බෞද්ධයින් පන්සලේ ඇසුර තුළින් ඈත් වුණොත් ජීවිතයේ බොහෝ අඩුපාඩුකම් දකින්නට ලැබෙනවා. විවිධ අඩුපාඩුකම් සකසා ගෙන දිවිගමන සාර්ථක කරගත හැක්කේ සිල්වතුන්ගේ ඇසුරෙන්මයි. එයින් ඈත් වුවහොත් දිවිගමන අසාර්ථක වෙනවා. පසුතැවීම ඇතිවෙනවා.
පසුතැවීමට හේතුවන දසවන කරුණ නම් ත්‍රිවිධ සුචරිතයන්හි නො යෙදීමයි. කරුණාව, දයාව මෛත්‍රිය වැනි උදාර ගති සිතෙහි ඇතිකර ගැනීම, ගුණධර්මවලින් මනස පෝෂණය කර ගැනීම ඉතා වැදගත්. මනස යහපත් වූ විට, කයින් කෙරෙන සියලු ක්‍රියාවන් යහපත් වෙනවා. වචනය යහපත් වෙනවා. තිදොර සංවර කරගත්විට සමාජයට ප්‍රයෝජනවත් අයෙකු වෙනවා. එවැනි අයෙකුට කවුරුත් කැමතියි. ඔහුගේ සියලු කටයුතු සපලවීමට ත්‍රිවිධ සුචරිතයන් ඉතා වැදගත්. ත්‍රිවිධ සුචරිතයන්හි නොයෙදීම මෙලොවත් පරලොවත් අසාර්ථක වීමට හා පසුතැවීමට හේතුවෙනවා.
පසුව පසුතැවීමට හේතුවන ඉහත සඳහන් කරුණු වලින් ඈත් වූ අයෙකුට මුළු ජීවිත කාලය පුරාමත්, ඉන් පසුව පරලොවත් සැනසීමට හැකිවෙයි. එනිසා පින්වතුනි පසුව පසුතැවීමට නොව පසුව සැනසීමට හේතුවන කරුණු අනුගමනය කර, මෙලොවත්, පරලොවත් සැනසුම ලැබීමට උත්සාහ කරන්න.
සමථ - විදර්ශනා වැඩෙන රටාව හඳුනා ගනිමු
|