Saturday, April 30, 2011

වැරැදි සෙවීමේ අදහසින් බණ ඇසීම උපාසක පරිහානිය යි

පෙර බෞද්ධයාට උපාසක යන නාමය භාවිත වී ඇතිබව ද පෙනේ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදුන අය ඉල්ලා සිටිනුයේ... ‘උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේත සරණං ගතන්ති’ ‘භාග්‍යවතුන් වහන්ස! අද පටන් දිවි ඇති තෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සලකන සේක්වා යි යනුවෙනි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
දස්සන භාවිතත්තානං - යෝ හාපේති උපාසකෝ
සවණං ච අරියධම්මානං - අධිසීලේ න සික්ඛති

පින්වත්නි!

අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ උපාසක පරිහානි සූත්‍රයට අනුව උපාසක පරිහානිය කරුණු හතෙකි. එනම්, සඟුන්ගේ දැකීම පිරිහෙළීම, සද්ධර්ම ශ්‍රවණය පමා කිරීම, අධිසීලයෙහි නො හික්මීම, ස්ථවිර, මධ්‍යම, නවක යන භික්ෂූන් කෙරෙහි අප්‍රසාද බහුලවීම, දොස් දක්නා සිතින් සිදුරු සෙවීමට බණ ඇසීම, බුදු සසුනෙන් බැහැර ශාසනයන්හි දක්ෂිණර්හයන් සෙවීම, පූර්වාකාර නොකිරීම, යනු සූත්‍රාගත කරුණු හතයි. උපාසක විපත්ති සූත්‍රය බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙද්දී දේශනා කරන ලද්දකි.

බෞද්ධයකු වීමට නම් තිසරණය සමාදන් වියයුතු බව මහානාම සූත්‍රයෙන් මහානාම ශාක්‍යයාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බුදුරදුන් පෙන්වා දී ඇත. පෙර බෞද්ධයාට උපාසක යන නාමය භාවිත වී ඇතිබව ද පෙනේ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදුන අය ඉල්ලා සිටිනුයේ... ‘උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේත සරණං ගතන්ති’ ‘භාග්‍යවතුන් වහන්ස! අද පටන් දිවි ඇති තෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සලකන සේක්වා යි යනුවෙනි. මෙයින් පැහැදිලි වනුයේ බෞද්ධයා නම් උපාසකතුමා ම බවයි.

බුද්ධ ධම්ම සංඝ යන රත්න ත්‍රය එකිනෙකට සාපේක්ෂව පවතී. බුදුරජාණන් වහන්සේ අපට දැකගත හැක්කේ ධර්මය තුළිනි. උන්වහන්සේගේ ගුණය උන්වහන්සේගේ මහා ප්‍රඥාව ධර්මයෙන් පැහැදිලි වෙයි. මේ නිසා ධර්මය දකින්නා බුදුන් දකියි. ‘යෝ ධම්මං පස්සති සො මං පස්සති’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ වක්කලී හිමියන්ට දේශනා කළේ එහෙයිනි. මෙම ධර්මය ප්‍රායෝගිකව පිළිපදින්නෝ මහා සංඝ රත්නය යි. එනිසා උපාසකතුමාට හෙවත් බෞද්ධයාට ප්‍රායෝගිකව ධර්මය දැකීමටත් පිළිපැදීමටත් හැකිවන්නේ සංඝයා ආශ්‍රය කිරීමෙනි. ‘සමණානං ච දස්සනං’ ශ්‍රමණයන්ගේ දැකීම මංගල කරුණක් යැයි දේශනා කළ සේක. ‘මං වුච්චති අපායං’ මං යන්නෙන් කියැවෙන්නේ අපාය යි. ‘ග‘ යනු ගමනාර්ථයෙහි යෙදේ. ‘ල’ යන්නෙන් කියැවෙන්නේ වැළැක්වීම යි. එවිට ගැනෙන්නේ අපායට යන ගමන වළක්වන දේ මංගල යනුවෙනි. සංඝයා යනු ධර්මයේ ප්‍රතිමූර්තිය බැවින් එම සංඝයා ආශ්‍රය කිරීමෙන් සංඝයා අනුගමනය කිරීමෙන් අපායට යන ගමන වැළකේ. එවිට සඟුන් දර්ශනය පිරිහෙළීමෙන් වන්නේ අපායට යන මග සාදා ගැනීම යි.

කරුණු පසකින් බෞද්ධයා භික්ෂූන් වහන්සේට සංග්‍රහ කළ යුතුයි. ඒ කරුණු පස නම් මෛත්‍රී සහගත කාය කර්මය, මෛත්‍රී සහගත වාග්කර්මය, මෛත්‍රී සහගත මනඞ කර්මය, අනාවචාරතාව හා ආමිසානුප්පදානය යනුයි. මෛත්‍රී සහගත කාය කර්මය නම් කුල දේවතාවුන් වන භික්ෂූන්ට ගෞරවයෙන් වැඳීම පිදීම හා හුනස්නෙන් නැගී සිටීම් ආදිය යි. ගෞරවයෙන් කතාබස් කිරීම මෙත්තා සහගත වාග් කර්මය යි. සිතින් ද ශුභ පැතීම මනඞ කර්මය යි. භික්ෂූන්ගේ පැමිණීමට තම නිවස විවෘතව තැබීම අනාවචාරතාවයි. භික්ෂූන්ට අවශ්‍ය කටයුතු සපුරාලීම ආමිසානුප්පදානය යි’. ගිහි පින්වතුන්ගෙන් මෙබදු සංග්‍රහ ලබන භික්ෂුව පෙරළා සංග්‍රහ කරයි. ඒ සංග්‍රහය නම් පාපයෙන් වැළැක්වීම, කුසල ධර්මයන්හි යෙදවීම, හොඳ සිතින් අනුකම්පා කිරීම, නො ඇසූ දෙය ඇස්සවීම, ඇසූ දෙයෙහි සැක සංකා දුරු කිරීම, නිවන් මග පෙන්නාදීම, යන කරුණුවලින් සංග්‍රහ කිරීම යි. භික්ෂූන් දැකීම පිරිහෙළන පුද්ගලයන්ට මේ ආනිසංස ලබාගත නො හැකිය. එනිසා ඔවුන් වැරදි මගට වැටී අපාගත විය හැකිය එය උපාසක පරිහානියකි.

ධර්ම ශ්‍රවණයට පමා වීම ද උපාසක පරිහානියට මගකි. බණ ඇසීම දුර්ලභ කරුණකි. අබුද්ධෝත්පාද කාලවල බණ යන වචනයවත් අසන්නට නැත. එසේම ධර්මාවබෝධය තනිවම ලබාගත හැක්කේ බුදු පසේබුදු යන උත්තමයන් වහන්සේට පමණි. අවශේෂ සෑම දෙනෙකුටම ධර්මාවබෝධය ලැබෙනුයේ අනුන්ගෙන් බණ පදයක් හෝ ඇසීමෙනි. එයට පරතෝඝොෂ ප්‍රත්‍යය යයි කියනු ලැබේ. සැරියුත් තෙරුන්ට අස්සජි මහරහතන් වහන්සේගෙන් ‘යෙ ධම්මා හේතුප්පභවා’ යන ගාථා පදය ඇසීමෙන් සෝවාන් මඟ ලබා ගැනීමට හැකිවිය. බණ ඇසීමට පමා වුවහොත් එයින් නිවන් ලැබීමත් පමාවී යයි. එසේ ම නො ඇසු දේ ඇසීම, ඇසු දේ පිිරිසුදු වීම, සැක දුරුවීම, දෘෂ්ටිය සෘජුවීම, සිත පැහැදීම යන බණ ඇසීමෙන් ලැබෙන ආනිශංසයන් ද නො ලැබී යන්නේ්ය.

සීලය නම් කය හා වචනය සංවර කර ගැනීමයි. ගිහියෙක් රැකිය යුතු නිත්‍යශීලය යයි හඳුන්වන පංචශීලයක් ඇත. ගිහියෙක් වශයෙන් අෂ්ටාංග ශීලය, දස සීලය ආදි ශීල ආරක්ෂා කිරීම අධිශීලය නම් වේ. විකාල භෝජනයෙන් වැළකීම, බ්‍රහ්මචාරීවීම, සැමවිටම ගිහි බෞද්ධයන්ට කළ නො හැකි ය. එහෙත් විවාහ වීමට පෙර අධ්‍යාපනය ලබන වකවානුවේ දී බ්‍රහ්මචාරී වීම වැදගත් ය. කුමර බඹසර කුමරි බඹසර නමින් සඳහන් වන්නේ එයයි. මෙම සිල් නිසි ආකාරයෙන් ආරක්ෂා කිරීම ද අධිසීලය වශයෙන් සලකනු ලැබේ. සීලයෙහි පමාවීම සීලය නො රැකීම මුළු මහත් සමාජයටම හානිකර වේ. එසේ ම තමාට ද මරණින් පසු අපාගාමී වීමට සිදුවේ.

ස්ථවිර මධ්‍යම නවක යන භික්ෂුන් කෙරෙහි අප්‍රසාදය බහුලවීම ද උපාසකයාගේ පිරිහීමට කරුණකි. මෙහි ස්ථවිර නම් උපසම්පදා වී දසවසරක් ඉක්ම වූ භික්ෂූන්ය. මධ්‍යම නම් උපසම්පදාවෙන් පස් වසරක් සම්පූර්ණ වූ භික්ෂුවයි. නවක නම් උපසම්පන්න වී වසරක් වසර පහකට අඩු භික්ෂූන් ය. සාමණේරයන් වහන්සේ පිළිබඳ ධර්මානුකූල ව්‍යවහාරය යති - යතිපුත්‍ර නම් වේ. මෙම භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය බහුල වනවිට උන්වහන්සේලාට අපහාස කිරීම, අවමන් කිරීමාදිය සිදුවීම වැළැක්විය නො හැකිය. එනිසා ඔවුන්ට ආර්යෝපවාද අකුසලය සිදුවීමට පිළිවන. සංඝරත්නය අරමුණු කොට දෙන දානය සාංඝික වන්නාක් මෙන් සංඝයාට ම දොස්කීම, බැණීම ද සාංඝික දොස්කීමත් බැණීමක් වෙයි. . ශාසනාභිවෘද්ධිකාමි බෞද්ධයෙක් නම් කළ යුත්තේ් මෙත්තාවාචී කර්මයෙන් දෝෂය පෙන්නාදීමයි.

රන්ධුගවේශී ව බණ ඇසීම නම් දොස් දක්නා සිතින් දේශනා කරන ධර්මයෙහි වරදක් අල්ලාගෙන දේශකයන් වහන්සේට අපහාස කිරීමට බණ ඇසීම යි. එය පවක් මිස පිනක් නොවේ. දේශකයන් වහන්සේ නමක් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහම් කොටසකි. අමතකවීමකින් හෝ අවබෝධ කරගත් ආකාරය වැරැදිවීම නිසා හෝ සමහර විට ධර්ම දේශකයන් වහන්සේ නමකගෙන් අඩුපාඩුවක්, වැරැද්දක් වීමට බැරි නැත. එබඳු අවස්ථාවකදී දේශකයන් වහන්සේට නින්දාවක් අපහාසයක් කිරීම පාපකර්මයකි. බුදුබණ යයි අත්තනෝමතික අදහස් ප්‍රකාශ කරන්නේ නම් ඒවා දේශකයන් වහන්සේ සමග කරුණු සහගත ව සාකච්ඡා කොට නිවැරැදි කරගත යුතුය. බණ ඇසීමේ දී ධර්ම ගෞරවය, දේශක ගෞරවය උපදවාගෙන ශ්‍රද්ධා භක්තියෙන් ඇසිය යුතුය. බණ ඇසීමේ පින ලැබෙන්නේ එවිට ය. සිදුරු සෙවීමේ අදහසින් බණ ඇසීම උපාසක පරිහානියකි.

උපාසක පරිහානියට හේතුවන සවැනි කරුණි නම් ‘ඉතො ච බහින්ධා දක්ඛිණ්‍යෙං ගවෙස්සති’ මේ බුදු සස්නෙන් බැහැර දක්ෂිණාර්ගයන් සෙවීම යි. දක්ෂිණාර්ගයන් නම් ශ්‍රද්ධාවෙන් දෙන දෙය පිළිගැනීමට සුදුසු වීමයි. දක්ෂිණා යනු පරලොව සැප විපාක පතා දෙන දීමනාව යි.

උපාසක පරිහානි කරුණු සතෙන් අවසාන කරුණ ‘තත්ථ න පුබ්බාකාරං කරොති’ යන්න යි. මෙහි පුබ්බාකාර නම් ශාසනය පිළිබඳ කළයුතු කරුණු මොනවාදැයි සොයා බලා කිරීමයි.

බොදු හැදියාවයි ගිලන් උවැටනයි

බොදු හැදියාවයි ගිලන් උවැටනයි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
‘ආරෝග්‍යා පරමාලාභා සන්තුට්ඨී පරමං ධනං’

කරුණික පින්වත්නි,

හෙද සේවය බෞද්ධ සංස්කෘතියේ උතුම් සමාජ වටිනාකමකි. වෙද හෙදකම් වෙනුවෙන් අපේ සිංහල සාහිත්‍යයේ යෙදීමක් වේ. වෙදකම නම් බෙහෙත් කිරීමයි. හෙදකම නම් තමන් රෝගී අවස්ථාවක තමන්ගේ කටයුතු තමන්ට කර ගැනීමට නොහැකි අයට ඇප උපස්ථාන කිරීමයි. සමහරවිට වෙදකමට වඩා හෙදකම අවශ්‍ය අවස්ථා ඇත.

සමහර අවස්ථාවල රෝගීන් නිරෝගී වන්නේ වෙදකමේ හාස්කමට වඩා හෙදකමේ හාස්කමෙනි. අත්ගුණය නමින් වහරන උතුම් දායාදයක් අපට තිබේ. මේ අත්ගුණය බොහෝ විට පිහිටන්නේ හෙද, හෙදියන් තුළය. වෛද්‍යවරයා බෙහෙත් නියම කරයි. ඒ නියමිත බෙහෙත් රෝගියාට දෙන්නේ හෙදියගේ අතින්. ඒ තැනදී අත්ගුණය හෙදිය සතු දායාදයකි. සිංහල වෛද්‍යවරුන් තුළ නම් මේ අත්ගුණය වෛද්‍යවරයා තුළම පිහිටයි. ඒ අනුව හෙද හෙදියෝ අපේ ජාතික සහායකයෝ වෙති.

හෙද සේවයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. හෙද සේවයේ වටිනාකම, අගය, මිල ගුණය අපට මුලින්ම පෙන්වා වදාළේ අපේ තථාගත සම්බුදුන් වහන්සේ ය. පූතිගත්ත තිස්ස තෙරණුවෝ බුදු සසුනේ පැවිදි වී ගුණ දහම් වැඩූ තැනැත්තෙකි. උන්වහන්සේ වයසට යාමත් සමඟ අසනීප විය. ඇඟ පුරා ගෙඩි දැමීමේ රෝගයකි. එක එක ප්‍රමාණයේ ගෙඩි ඇඟ පුරා විය. නිරෝගී හාමුදුරුවරු බෙහෙත් කරමින් උවැටන් කරත් සුවපත් වූයේ නැත. අවසානයේ මරණය ඉදිරියේ තබාගෙන වැතිරිණ. මේ තත්ත්වය දුටු බුදු හාමුදුරුවෝ තමන්ම වතුර උණු කර සකස් කර, තෙල් බෙහෙත් ද ගෙන භික්‍ෂූන් ලවා ඇඳ පිටින්ම ලෙඩා ගෙන්වාගෙන පළමුව උණු දියෙන් ඇඟ සෝදා, තෙල් ගල්වා, හැඳ පෙරව සිටි සිවුරු හෝදා රෝගියාට පළමුව කයට සහනයක් දුන්හ. බුදුහාමුදුරුවන් ගැල්වූ තෙල් වලට වඩා බුදු හිමියන්ගේ අත්ගුණය ලෙඩාට පිහිට විය. ඒ පිළියම් කළේ මහා කරුණාවෙනි. මෛත්‍රියෙනි. දයාවෙනි. ඒ අපිරිමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රතිකාර කිරීමේ අත්ගුණය රෝගියාගේ රෝගය සුව වන්නට හේතු විය. පළමුව කය සැනසූ බුදුහිමි සුදුසු පරිසරය තුළ පූතිගත්ත තිස්ස තෙරුන්ට දහම් දෙසීය. ඒ මගින් රෝගියාගේ සිතට සැනසුම උදා විය. සිත සැනසීම රෝගය මුළුමනින්ම සුව වීමට හේතු විය.

බටහිර වෛද්‍ය ක්‍රමය අනුව රෝහලට යන බොහෝ රෝගීන්ගෙන් හෙදියෝ ලේ ගනිති. එම ලේ රසායනාගාර වලට යවා පරීක්‍ෂා කර එම ලේ වල විෂ බීජ තිබේද, වෛරස් තිබේද, සීනි තිබේද, ග්ලූකෝස් තිබේද, ක්ලෝස්ට්‍රෝල් තිබේද කියා පරීක්‍ෂා කර ඒ අනුව බෙහෙත් නියම කරති.

මෙය අලුත් දෙයක් නොවේ. සප්ත බොජ්ඣංග තේරුම්ගෙන ඒවා සිහි කිරීමෙන් සතුට ඇතිවන බවත් ඒ ධර්මාන්විත සතුට නිසා ලේ පිරිසුදු වන බවත් ලේ පිරිසුදු වීම නිසා රෝග සුව වන බවත් බුදුහාමුදුරුවෝ ගිරිමානන්ද සූත්‍රයේ හා බොජ්ඣංග සූත්‍ර වල පැහැදිලිව විවරණය කර ඇත. මේ අනුව හෙදියන්ගේ අත්ගුණය, හෙදියන් විසින් රෝගීන්ගේ සිත සතුටු කර තබාගැනීම රෝග සුව වීමට හේතු කාරක වේ. පූතිගත්ත තිස්ස තෙරුන්ට උවටැන් කළ බුදුහිමියෝ ගිලනුන්ට උවැටන් කිරීම තමන්ට උවැටන් කිරීම හා සමානයැයි භික්‍ෂූන්ට වදාළහ.

රෝග තත්ත්වයන් ගැනත් හෙද සේවාව ගැනත් අපේ ත්‍රිපිටකයේ විවිධ තැන්වල සඳහන් කර ඇත. මිනිස් සමාජයේ තුන් වර්ගයක ගිලනුන් සිටින බව අංගුත්තර නිකායේ තික නිපාතයේ පුද්ගල වර්ගයේ සඳහනි. ඒ මෙසේ ය.

01. සුදුසු ආහාරපාන, සුදුසු නියමිත බෙහෙත්, සුදුසු උපස්ථාන හෙද සේවය ලැබුණත් නොලැබුණත් සුවය නොලබන ගිලනා,
02. සුදුසු ආහාරපාන,නියමිත සුදුසු ඖෂධ, නියමිත උපස්ථාන ලැබුණත් නොලැබුණත් සුවය ලබන ගිලනා,
03. සුදුසු ආහාරපාන, සුදුසු පරිසරය, සුදුසු ඖෂධ, සුදුසු උපස්ථාන ලැබීමෙන් ම සුවය ලබන ගිලනා,

මේ තුන් ආකාර ගිලනුන්ම රෝහල්වලට එති. මේ කවර ගිලනාදැයි එක් වරම තීන්දු කිරීමට වෛද්‍යවරුන්ට හෝ හෙද හෙදියන්ට නුපුළුවන. ඒ නිසා වෛද්‍යවරුන්ගෙත්, හෙද හෙදියන්ගෙත් සදාචාර සම්පන්න යුතුකම නම් මෙහෙය නම් සෑම රෝගියෙක්ම තුන්වන අවධියේ රෝගියෙක්යැයි සිතා නියම සුදුසු ආහාර පාන, සුදුසු ඖෂධ, උපරිම අයුරින් උපස්ථානය හෙද සේවය ලබා දී රෝගියා සුව කිරීමට වෙහෙස ගැනීමයි.

හෙදකු හෝ හෙදියක වීමට හැම දෙනාටම නුපුළුවන. හෙදකම හැම දෙනාටම නොපිහිටන බැවිනි. හෙද හෙදියන් වීමට සුදුසු තැනැත්තන් පිළිබඳව අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ ගිලාන වර්ගයේත් චුල්ල වග්ගයේ විස්තර කර ඇත.

මොනවාද ඒ සුදුසුකම්,

01. බෙහෙත්, ඖෂධ සංයෝජනයේ දක්ෂතාවය, බෙහෙත් හඳුනාගැනීම, ඖෂධවල මාත්‍රාව හඳුනාගැනීම, ගතයුතු ප්‍රමාණය, ගතයුතු වෙලාව ආදිය දැනගැනීම.
02. රෝගියාට පථ්‍ය, අපථ්‍ය දේ දැන පථ්‍ය දේ දෙන්නට අපථ්‍ය දේ නොදෙන්නට වග බලාගැනීම, ඒ ගැන දැනුම අවබෝධය තිබීම.
03. මෙත්සිතින්, කරුණාවෙන් කිසියම් ලාභයක් බලාපොරොත්තුව නොව ගිලාන උපස්ථාන පිළිබඳවම එක හිතින් හිතා කටයුතු කිරීම.

හෙද හෙදියන් සේවය කිරීම නිසා රජයෙන් වැටුපක් ලැබෙන බව සත්‍යයය. එහෙත් හෙද හෙදියන් සේවය කළ යුත්තේ එයට වහල් වීමෙන් නොවේ. මෙත් සිත, කරුණාව, දයානුකම්පාව, අත්ගුණය, මානුෂික පැවැත්ම ඇති හෙද හෙදියකගේ සේවය එසේ ලැබෙන වැටුපෙන් මිල කළ නොහැකි ය. එවැන්නක් තුළ පවතින්නේ ගුණාත්මක අගයකි. එවැන්නෝ අසරණ රෝගීන් ශරීර ඇපයට තබාගෙන වැඩ වර්ජන ආදිය නොකරති. හෙද සේවයේ පවතින්නේ වැටුපෙන් තීරණය කරන වටිනාකමක් නොව සමාජමය වටිනාකමකි.

04. රෝගියා පිළිබඳව පිළිකුල් සහගතව නොබලා සත්පුරුෂ මිනිසෙකුගේ ඇසින් බැලීම.

තමා වාට්ටුවට රෝගියෙකු ගෙන එන විට තවත් කරදරයක්යැයි නොසිතා සිනහ මුහුණින් රෝගියා පිළිගෙන අවශ්‍ය ක්ෂණික ප්‍රතිකාර දීම හෙද හෙදියන් තුළ තිබිය යුතු ගුණයකි.

05 කලින් කල රෝගියා දැහැමි කථාවෙන් පහදවාලීමේ සමත්කම,

හෙද සේවයට තිබිය යුතු පස්වැනි ගුණය සුදුසුකම එයයි. දැහැමි කථා නොහැකි නම් සතුටු සාමීචී කතා මගින් රෝගියාගේ සිත රෝගයෙන් ඉවත් කර නිතරම රෝගියා සතුටු සිතින් තබා ගැනීම. හෙද සේවයේ යුතුකමයි. වගකීමයි. නියම හෙද සේවයක් වන්නේ එවිටය. වර්තමානය විද්‍යා යුගය බැවින් රෝගීන්ට පිරිත්, බණ ආදිය අසන්නට සලස්වන්න පුළුවන.

මේ අන්දමේ සුදුසුකම් ඇති යහපත් හෙද හෙදියන් වෙතොත් එවැනි රෝහල් ජනයාගේ ආදර ගෞරවයට පාත්‍ර වන බව සිද්ධාන්තයකි.

වර්තමාන හෙද සේවය බටහිර ආභාෂය අනුව අද පැවතුනත් හෙද සේවය අපට බටහිරින් ආ දෙයක් නොවේ. අනුරපුර, පොළොන්නරු යුගවලදී සුවිශාල ජාතික රෝහල් තිබුණු බවත්, ඒවායේ හෙද හෙදියන් සේවය කළ බවත් සඳහන්ව ඇත. අනුරපුර යුගයේ භික්‍ෂුණීන් සඳහා පැවැති රෝහල් වල හෙද සේවයේ යෙදී ඇත්තේ මෙහෙණින් වහන්සේලාමය. ඒඅයට පැවරුණු එක මෙහෙවරක් දෙමව්පියන් නැති දරුවෙක් හෝ අතරමං වුණු දරුවන් සොයා බලා එවැනි දරුවන් රජයේ ළමාරක්‍ෂක අංශවලට භාරදීමය. ඒ අනුව හෙද සේවය වූ කලී අපේ සංස්කෘතික සමාජ ධර්මයකි.

ගිලනුන්ට උපස්ථාන කරන භික්‍ෂූන්ට විශේෂ වරප්‍රසාද හිමි වන බව විනය පොත් වල සඳහන්ව ඇත. යම්කිසි ගිලන් භික්‍ෂුවකට උවටැන් කරන භික්‍ෂුවක් වෙතොත් ගිලනාටද උපස්ථායකයාටද ආහාර පාන ලබාදීම අනෙක් භික්‍ෂූන්ට නියම කර ඇත. මෙය මෙලොව පරලොව දෙකටම නීරෝගී සැප දිගාසිරි ගෙන දෙන මාහැඟි පින්කමක් ද වන්නේ ය.

යම්කිසි විධියකින් ගිලන් භික්‍ෂුව මිය ගියහොත් ඒ භික්‍ෂුව සතු සිවුරු පිරිකර පොත පත ආදී සම්පත් උවටැන් කළ භික්‍ෂුවට අයිතිවීම විනය නීතියයි. මේ අන්දමට සිතා බලන විට හෙද සේවයේ උපස්ථායක සේවයේ අගය කෙතරම් අගේදැයි වැටහේ.

රජයේ රෝහල් වලට එන්නේ නැති බැරි අහිංසක දුප්පත් රෝගීන් ය. ධනය ඇත්තෝ පුද්ගලික රෝහල් කරා ඇදෙති. මේ අනුව රජයේ රෝහල්වලට එන අහිංසක රෝගීන්ට මානව දයාවෙන් වෙද හෙදකම් කිරීම හෙද හෙදියන්ගේ වගකීමය. දිය පොදක් ඉල්ලා කෑ ගහන රෝගියෙකුට අනුකම්පා විරහිතව බැණ වදින හෙද හෙදියකගෙන් මෙම ජාතියට කවර පිළිසරණක්ද? එය සිංහල බෞද්ධ හැදිච්චකම නොවේ. ඒ අනුව හෙද සේවය යනු සිංහල ශිෂ්ටාචාරය අතින්ද, බෞද්ධ සංස්කෘතිය අතින්ද උත්තරීතර සමාජ ධර්මයකි. ඒ උත්තරීතර සමාජ ධර්මය අපේ වර්තමාන හෙදි පරපුර විසින් ද අවබෝධ කර ගනිමින් එහි ගරුත්වය, ගුණාත්මක බව හා අගය රකින්නට පරාර්ථ හා දයානුකම්පාවෙන් සිතත්වායි ආශිංසනය කරමි.

පසුව පසුතැවිලි නොවනු මැනවි

පසුව පසුතැවිලි නොවනු මැනවි

දස ඛලු ඉමානි ඨානානි යානි
පුබ්බේ අකාරිත්වා
ස පච්ඡා මනුතප්පති ඉච්චාහ
රාජා සනසන්ධා
ජනසන්ධ ජාතකය
ජාතක පාළි, ද්වාදසක නිපාතය

පින්වත්ති

බුදුරජාණන් වහන්සේ විසින් ජනසන්ධ ජාතකය දේශනා කළේ කොසොල් රජතුමාටයි. දිනක් කොසොල් රජතුමා බුදුරදුන් දැකීමට දෙව්රම් විහාරයට පැමිණියේ බලවත් වූ කණස්සල්ලකින් යුතුවයි. දින ගණනක් පන්සලට නො පැමිණ සිටි කොසොල් රජු බලවත් චිත්ත පීඩාවකින් පෙළෙමින් සිට තමන් වහන්සේ වෙතැ පැමිණ සිටි බව දැනගත් බුදුරජාණන් වහන්සේ මේ ජාතකය දේශනා කළා.

මේ මඟින් බුදුරජාණන්වහන්සේ පැහැදිලි කර ඇත්තේ පසුව පසුතැවිලි වීමට හේතුවන කරුණු දහයක් පිළිබඳවයි. ඒ පිළිබඳව අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වෙයි. පින්වතුනි, මෙහි සඳහන් වන පසුවට පසුතැවිලි වීමට හේතුවන කරුණු සුදුසු කාලයෙහි ධනය නො ලැබීම, සුදුසු කාලයෙහි ඉගෙනීම නොලැබීම, කූටකම් කිරීම, හිංසාකාරීවීම, කාමුකවීම, පරිත්‍යාගශීලි නොවීම, මවුපියන්හට නො සැලකීම, ආචාර්ය උපදෙස් නො ගැනීම, සිල්වතුන් ඇසුරු නොකිරීම, අශිලාචාරව කටයුතු කිරීම.

ජීවත්වීමට මිල මුදල් ඇතුළු විවිධ සම්පත් අවශ්‍ය වෙනව. ඒවා උපයා සපයා ගැනීමට තමාව උත්සාහවත් විය යුතුයි. නොපමාව, අලස නොවී, ධාර්මිකව, දහඩිය වගුරුවා මිල මුදල් සෙවීම වැදගත් වෙනවා. සම්පත් ඉපයීමට හැමදාම අපහසුයි. ඒ සඳහා විශේෂ කාලයක් තිබෙනවා. කායික හා මානසික ශක්තිය තිබෙන මොහොතේ තමයි ඒ සඳහා උත්සාහයත් විය යුත්තේ. ඒ කාලයේදී හරිහම්බ කර නො ගත්තොත්, පසුව පසුතැවීමට සිදුවෙනවා. හරිහම්බ කරගත් වෙනත් අය ගැන සිතමින් දුකට පත් වෙන්න සිදු වෙන්නේ එවිටයි.

ජීවිතයක සාර්ථකත්වය ඇති වෙන්න නම් ඉගෙනුම අත්‍යවශ්‍ය කරුණක්. උපන්දා සිට මරණ මොහොත දක්වාම ඉගෙනුමට බොහෝ දේ ඇතත්, ඒ සඳහා විශේෂ කාලයක් තිබෙනවා. ඒ කාලය තමයි කායික හා මානසික නිරෝගි බවින් යුතු කාලය, විශේෂයෙන් කුඩා කාලය, තරුණ කාලය කෙනෙක් ඉගෙනුම ලබන දේවලින් හතරෙන් තුනක්ම ඉගෙන ගන්නේ ළමා අවධියේ යි. ඉගෙනුම ලැබිය යුතු කාලයේ ඒ කාර්යය මැනවින් නො කළොත් පසුව පසුතැවිලිවීමට සිදු වෙනවාමයි. ඇතැම් අය, සුදුසු කාලයේ, අලසකම නිසාම ඉගෙන ගන්නේ නෑ. පස්සේ පුළුවන් යැයි කියමින් පසුවට කල් තබනවා. එවිට කාලය ගෙවෙනවා. වයස ගතවෙනවා. ඉගෙනුමට තිබූ කාලය ගෙවී යනවා. වෙනත් බාහිර වැඩකටයුතු වැඩි වෙනවා. විවේකයත් කායික මානසික නිරෝගි බවත් හීනවෙනවා. තම වයසේ සිටි බොහෝ අය ඉගෙන ගෙන සමාජයේ උසස් තැන්වල කටයුතු කරන තත්ත්වයට පත්වෙනවා. ඒ දෙස බලන නූගත් පුද්ගලයාට පසුතැවීම හැර වෙන දෙයක් කරන්නට ඉතිරිව නෑ.

කූටවේදී නම් කූටකම හෙවත් කපටිකම, බොරුව, වංචාව, රැවටීම යන අදහසයි. තමන් කරන කූටකම් නිසා අන් අය මුහුණ දෙන අපහසුතා ගැන කිසිවක් නොසිතන කපටි මිනිසුන් සමාජයට මහ පිළල වෙනවා. ඇතැම්විට චණ්ඩි ක්‍රියා අනුගමනය කරනවා. කේලාම් කියමින් අනුන් බිඳවන අදහසින් ක්‍රියා කර තම බලාපොරොත්තු ඉටුකරගෙන තාවකාලික තෘප්තියක් තමයි ඔවුන් අපේක්ෂා කරන්නේ. සමාජය විසින්ම ඔවුන් පිළිකුල් කරනවා. ප්‍රතික්ෂේප කරනවා. එදාට ඔවුන්ට සිදුවන්නේ පසුතැවීමට පමණයි.

බුදුදහමෙන් උගන්වන්නේ තමා උපමා කොට අනුන් ගැනත් සිතන ලෙසයි. අනුන්ට කුමක් වුවත්, තමන්ගේ බලාපොරොත්තු පමණක් ඉටුවුණොත් ඇතැයි යන අදහස කෙතරම් අකාරුණික ද? එය ශිෂ්ට සමාජය කෙදිනකටවත් අනුමත කරන්නේ නෑ.

හිංසාකාරි පිළිවෙතැ අගය කරන අයෙකුට කිසිලෙසකින් පසුව සතුටක් ඇති කරගත නො හැකි. සිල්වත්, ගුණවත් අයෙකුට නිකරුණේ දොස් නගා, ඔහුට මානසික පීඩාවක් ඇති කරන අයෙකුට, මේ අත්බවේදීම එහි විපාක ලැබෙනව. අන්‍යයන්ට රහසින් හිංසාකාරි ක්‍රියාවන් කළත් තම සිතට ඒවා රහසක් වන්නේ නෑ. එම වැරැදි ක්‍රියා සිහිපත් වන සෑම මොහොතකම මානසික වශයෙන් මහත් පීඩාවකට පත්වෙන්න ඔහුට සිදුවෙනව.

පරදාර සේවනය හෙවත්, පරඅඹු සේවනය සමාජය තුළ පිළිකුල් බවට පත්වීමට හේතුවක්. එසේම පරපුරුෂ සේවනයත් එසේමයි. වාසනාවන්ත යුග ජීවිතයක් ගත කිරීමට නම් පරඅඹු, පරපුරුෂ සේවනය, අනාචාරයේ යෙදීම, ආදියෙන් ඈත්විය යුතුයි. තම බිරිඳ සමග පමණක් ආදරයෙන්, සෙනෙහසින් විශ්වාසවන්ත ලෙස ජීවත්වීමත්, තම ස්වාමියා සමග විශ්වාසනීය ලෙස සෙනෙහසින් කටයුතු කිරීමත් පී‍්‍රතිමත් යුග ජීවිතයක පදනමයි.

දීම හෙවත් පරිත්‍යාගය යහපත් දෙයක්. තමන් සතු දෙයක් අනුන්ගේ යහපත පතා දීම සතුටට හේතුවක්. දුන්නොත් තමයි නැවත ලැබෙන්නේ යනුවෙන් අප අතර කියමනක් තිබෙනවා. ඔබ අනුන්ට සිනාසුනොත් අනුන් ඔබටත් සිනාසේවි. සිත සතුටින් දීම නෑ...බෑ.... නොකියා ජීවත්වීමට හේතුවක්. ආයුෂ, සැප, බල, වර්ණ, ප්‍රඥා ලැබීමට හා ධන ධාන්‍ය වස්තු සම්පත් ලැබීමටත්, පිරිස් බලය ලැබීමටත්, හේතුවක්. නොදුන්නොත්, ඒ එක දෙයක්වත් නො ලැබේවි. ලැබෙන්නේ දුප්පත්කමත් පසුතැවීමත් පමණයි.

හැකියාව තිබියදීත් තම මවුපියන් පෝෂණය නොකිරීම, පවක්. වයස්ගත වූ මවුපියන්ට සතුටින් ජීවත්වීමට, මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම, පින්දහම් කර ගැනීමට අවස්ථාව සැලසීම දරුවන්ගේ යුතුකමක්. දරුවන් එසේ කරනවිට මවුපියන් සතුටු වෙනවා. අපේ දරුවන් හරි හොඳයි, අපට සලකනවා යැයි ඔවුන් සිතනවා. ඒ සමගම ඔවුන් අපේ දරුවන්ට තව තවත් හරියන්ට ඕනෑයැයි සිතනවා. දරුවන්ට ලැබෙන මවුපිය ආශිර්වාදය ඒකයි. එනිසා දරුවන් සිතන පතන දේ සාර්ථක වෙනවා. මවුපියන්ට නො සලකන කොට ඒ මවුපිය ආශිර්වාදය ලැබෙන්නේ නෑ. මවුපිය සැලකීම නොකරන තැනැත්තාට පසුව දුක්වීමට සිදුවෙනවා. තම යුතුකම ඉටු කළේ නැතැයි සිතමින් තමන් ද වයස්ගත වූ විට තමන්ටත් තම දරුවන් නො සලකන තත්ත්වයක් ඇතිවෙනවා. එවිට කෙසේද සතුටක් ලැබෙන්නේ. ලැබෙන්නේ පසුතැවීම පමණයි.

අපගේ ගුරුවරුන් මෙන්ම දෙමවුපිය වැඩිහිටියන් අපට වඩා වයසින්, දැනුමෙන් අත්දැකීම්වලින් වැඩියි. ඕනෑම වැඩකදී ඔවුන්ගේ එවැනි උපදෙස් ලැබීම කීකරු අයෙකුගේ ලක්ෂණයක්. දියුණු වන්නෙකුගේ ලක්ෂණයක්. තමා හරියැයි ද තමාගේ හිතුමතේ වැඩකර, පසුව එම වැඩවල අඩුපාඩු මෙන්ම අසාර්ථකකම් දුටුවම පසුතැවෙන්නට සිදුවෙන අවස්ථා තිබෙනවා. වැඩිහිටි උපදෙස් ලැබීම ඔවුන්ගේ ආශිර්වාදය ලැබීමටත් හේතුවක්.

ජීවිතයක සාර්ථකත්වයට හොඳ ආශ්‍රය ඉතා වැදගත්. එනිසා කුඩාකල සිටම හොඳ ආශ්‍රයට යොමුවිය යුතුයි. ශීලාචාර ගති පැවැතුම් ඇති අය සිල්වතුන් ලෙස සැලකෙනවා. ඔවුන්ගේ සිතිවිලි යහපත්, වචන යහපත්, ක්‍රියාවන් යහපත්. එවැනි අයගේ ඇසුරින් තමන්ටත්, එවැනි හොඳ දේ හුරු වෙනවා. ළමා අවධියේදී විශේෂයෙන්ම ආශ්‍රයෙන් හා දැකීමෙන් ග්‍රහණය කර ගන්න දේ වැඩියි. ඒ අවධියේ යහපත් ආශ්‍රයට වැටුණොත් හොඳ දේ ග්‍රහණය කර ගන්නවා. එනිසා තමයි කුඩා අවධියේම අපේ දරුවන් පන්සලට, ගරුතර මහ සංඝරත්නයේ ආශ්‍රයට යොමුකළ යුත්තේ. බෞද්ධයින් පන්සලේ ඇසුර තුළින් ඈත් වුණොත් ජීවිතයේ බොහෝ අඩුපාඩුකම් දකින්නට ලැබෙනවා. විවිධ අඩුපාඩුකම් සකසා ගෙන දිවිගමන සාර්ථක කරගත හැක්කේ සිල්වතුන්ගේ ඇසුරෙන්මයි. එයින් ඈත් වුවහොත් දිවිගමන අසාර්ථක වෙනවා. පසුතැවීම ඇතිවෙනවා.

පසුතැවීමට හේතුවන දසවන කරුණ නම් ත්‍රිවිධ සුචරිතයන්හි නො යෙදීමයි. කරුණාව, දයාව මෛත්‍රිය වැනි උදාර ගති සිතෙහි ඇතිකර ගැනීම, ගුණධර්මවලින් මනස පෝෂණය කර ගැනීම ඉතා වැදගත්. මනස යහපත් වූ විට, කයින් කෙරෙන සියලු ක්‍රියාවන් යහපත් වෙනවා. වචනය යහපත් වෙනවා. තිදොර සංවර කරගත්විට සමාජයට ප්‍රයෝජනවත් අයෙකු වෙනවා. එවැනි අයෙකුට කවුරුත් කැමතියි. ඔහුගේ සියලු කටයුතු සපලවීමට ත්‍රිවිධ සුචරිතයන් ඉතා වැදගත්. ත්‍රිවිධ සුචරිතයන්හි නොයෙදීම මෙලොවත් පරලොවත් අසාර්ථක වීමට හා පසුතැවීමට හේතුවෙනවා.

පසුව පසුතැවීමට හේතුවන ඉහත සඳහන් කරුණු වලින් ඈත් වූ අයෙකුට මුළු ජීවිත කාලය පුරාමත්, ඉන් පසුව පරලොවත් සැනසීමට හැකිවෙයි. එනිසා පින්වතුනි පසුව පසුතැවීමට නොව පසුව සැනසීමට හේතුවන කරුණු අනුගමනය කර, මෙලොවත්, පරලොවත් සැනසුම ලැබීමට උත්සාහ කරන්න.

සමථ - විදර්ශනා වැඩෙන රටාව හඳුනා ගනිමු

16

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

සමථ - විදර්ශනා වැඩෙන රටාව හඳුනා ගනිමු

අප සමථයත් විදර්ශනාවත් කියන භාවනා දෙකම පුරුදු කර ගන්නට ඕනෑ සමථය, විදර්ශනාව කියන භාවනා අර්ථ විදියට වෙනස් වාගේම ඒවයේ සමාධියත් එකිනෙකට වෙනස් කියල අප තේරුම් ගන්න ඕනෑ. ඒවායින් ඇතිවන ප්‍රතිලාභය , එහෙම නැත්නම් ප්‍රයෝජනය එකිනෙකට වෙනස්. නමුත් ආරම්භය්දි ඒ සමාධි වැඩෙන මූලික ස්වභාවය, වැඩෙන රටාව එක වගේ ඒ නිසා අපි ඒ රටාව තේරුම් ගන්නට ඕනෑ. ඒ රටාව තේරුම් ගත්තොත්, අපිට පුළුවන්කමක් තියෙනව, සමාධිය ක්‍රමානුකූ®ලව දියුණු කර ගන්න.

සමථය මඟින් ඇතිවන සමාධිය, විදර්ශනාවෙන් ඇතිවන සමාධියට වඩා වෙනස්, ඒ දෙක එක සමාන නෑ. ඒ නිසා ඒ භාවනා දෙකෙන්ම එකම විදියේ සමාධි ඇති කරගන්නට බෑ. ඒක අප තේරුම් ගන්නට ඕනෑ.දෙයාකාරයකින් තමයි ඒ සමාධි පුරුදු කරගත යුත්තේ. දැන් තේරුම් ගන්න ඒ සමාධිවල වෙනස්කම තිබුණා වුණත්, ඒ සමාධිවල මූලික අවස්ථා දියුණු වෙන්නේ එක රටාවකටයි.

මුලින්ම අප සමථය, විදර්ශනාව කියන භාවනා දෙකම පුරුදු කරන්නට ඕනෑ. මේ භාවනාවන් පුරුදු කරනකොට, ක්‍රමක්‍රමයෙන් අකුසල් අඳුරගෙන, බැහැර කරන්න ඕනෑ ඒ කියන්නේ නීවරණ දුරුකරගන්ට ඕනෑ. ඒ තමයි ආරම්භය. ඒ අකුසල් බැහැර කිරීමත් සමඟම සිතේ නැවුම් බවක්, ප්‍රබෝධයක්, අලුත් බවක් හටගන්නවා. සිත් ප්‍රමුදිත බවට පත්වෙනවා. ප්‍රමුදිතයි කියල කියන්නේ නීවරණවලින් ලැබෙන පීඩා දුරුවූ ස්වභාවයයි. ඊට පස්සේ ඉතාම පහසුවෙන් භාවනාව කරගෙන යන්නට පුළුවන්. නීවරණ රහිත වීමෙන් සිත විවේකයට පත්වෙනවා. ඉතාම විවේකයෙන් ඒ භාවනාව කරගන්නට පුළුවන්. මේ විදියට භාවනා කරගෙන යනකොට පී‍්‍රතිය ඇතිවෙනවා. ඊට පස්සෙ පී‍්‍රතියෙන් යුක්තව භාවනාව කරගෙන යනවා.

ඊට පස්සේ පී‍්‍රතිය නැති වෙලා කය සැහැල්ලුවෙනවා. ඒ සැහැල්ලුව සහිතව තව දුරටත් සුව පහසුවෙන් භාවනාව කරගෙන යන්න පුළුවන්. ඊට පස්සෙ එයාගෙ සිතට සැපය ඇතිවෙනවා. දැන් එයා සැපසේ භාවනාව කරගෙන යනවා.මේ විදියට සැපවත් වූ සිතින් භාවනාව කරගෙන යන කෙනා, සමථ විදර්ශනා ධර්මයන් පහළ වෙනවා. පිහිටනවා, එතන තමයි බලවත් සමාධිය ඇතිවෙන්නේ.

සමථය හෝ වේවා, විදර්ශනාව හෝ වේවා ඒ කුමන භාවනාවකින් හෝ සමාධිය ඇතිවෙන පිළිවෙළ එයයි. අන්න ඒ රටාව අනුපිළිවෙළට මතක තියාගන්න. මතක තියාගෙන ඒව හොයන්නට යන්න එපා. භාවනාව කරගෙන යනකොට ඒව තේරෙයි.

තේරෙනකොට හදුනගන්න. ඒව හොය හොය භාවනා කළොත් එයාට භාවනාව දියුණු කරගන්න බෑ. ඒක ඈත බලාගෙන පයින් යන්න වගේ පාරෙ ඈත බලාගෙන පයින් යන කෙනෙකුට මොකද වෙන්නෙ? එයා අනතුරට ලක්වීමේ ඉඩකඩ වැඩියි. ඒ නිසා අපි කකුල් දෙක දිහා බලාගෙන ගියොත් මොකද වෙන්නේ? ඒ්ත් බෑ. එයාටත් අනතුරු වෙනවා. එයා සුදුසු දුර බලාගෙන යන්න ඕනෑ. එයා ඉන්න වටපිටාව තමයි දැකගෙන යා යුත්තේ. හැබැයි එයාට අවශ්‍යනම්, ඈත බලන්නත් පුළුවන්කම තියෙන්ට ඕනෑ. ඒ කියන්නෙ හැම වෙලාවකම ඈත බලාගෙන යනව කියන එක නෙවෙයි.

ඈත බලන විදිය තමයි කලින් සඳහන් කළේ. භාවනාව වැඩෙන්නෙ මෙහෙමයි කියල ඒ වැඩෙන රටාව හඳුන ගන්නවා. හැබැයි ඒක දිහා බල බලා යන්නේ නෑ. බල බලා යන්නෙ තමන් කරන තැන තමන් ඉන්නෙ කොතනද ? අන්න එතන පුරුදු කරගෙන යන්න. එතකොට අදාළ තැන පහු කරනකොට තේරෙයි, මා ඉන්නෙ දැන් මෙතන කියල.

තමා ප්‍රමුදිතව ඉන්න කොට තේරෙයි මා දැන් ප්‍රමුදිතව ඉන්නේ කියලා.නැත්නම් පටන් ගත්ත ගමන් පී‍්‍රතිය කෝ? සැපය කෝ? කිය කිය හෙව්වොත් මොකද වෙන්නෙ? එයාට කවදාවත් භාවනා අරමුණ හිතාගන්ට බෑ. එයා සිහින මාලිගාවක් මව මවා ඉදියි.

ඒ නිසා මේ මග හඳුනගෙන, මාර්ගයේ ඈත බලමින් ඉන්න එපා. ඉන්න තැන අඳුන ගන්න, මම දැන් මෙතන ඉන්නේ කියලා.අප මඟ සලකුණු විතරයි ඉස්සෙල්ල අඳුරගන්නේ. මඟ සලකුණු අඳුරගන්නවා. දැන ගන්නවා. ඊට පස්සෙ මාර්ගයේ යනකොට ඒ සලකුණු පෙනෙයි. ප්‍රමුදිතභාවය කියන්නෙ මේකයි, පී‍්‍රතිය කියන්නෙ මේකයි. පස්සද්ධිය කියන්නෙ මේකයි, සැපය කියන්නෙ මේකයි කියල තමාටම තේරෙයි. ඒව මුලින් ඉගෙන ගත්තට, ඒවා හොය හොයා ඉන්න එපා. අපට තියෙන්නෙ අර අකුසල් ටික බැහැර කරමින්, ඒ භාවනා අරමුණ හොඳින් පවත්වාගෙන යාම පමණයි. එතකොට අපේ සිත ටිකෙන් ටික වැඩෙන්නට වැඩෙන්ට එහෙම නැත්නම් ඒ භාවනා අරමුණේ පිහිටන්න පිහිටන්න ඒ අදාළ දේවල් මුණගැහෙයි. ඒව පහුකරගෙන සිත වැඩෙයි.

ඒ නිසා සිත වැඩෙන රටාව ඉගෙන ගන්න, තේරුම් ගන්න. ඒ රවාට හොය හොයා ඉන්න එපා. නැත්නම් අපට භාවනාව පුරුදු කරන්න ගියා ම යම් යම් ගැටලු ඇතිවෙනවා. ඒ කරුණු මතක තියාගෙන, කලබල නොවී ටික ටික පුරුදු කර ගන්න. එතකොට යම් දවසක අපට හොඳින් සමාධිය දියුණු කරගෙන මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්ට අවස්ථාවක් ඉපදෙයි. සියලු දෙනාටම

තෙරුවන් සරණයි.

සදහම් දැනුම

සදහම් දැනුම

ප්‍රශ්නය
බුද්ධ දේශනාවට අනුව ජීව ලෝකයෙහි මෙය මෙසේ සිදුවේ යැයි නියමයන් කළ නොහැකි (කල් ඇතිව දැන ගත නොහැකි සිදුවීම්) පංච අනිමිත්තා නමින් සඳහන්ව ඇත. ඒ මොනවාද?

පිළිතුර
ජීවිතං ව්‍යාධි කාලොච
දෙහ නික්ඛෙපනං ගති
ඤ්චෙ තෙ ජීව ලොකස්මිං
අනිමිත්තා න ඤාය රේ.

1. ජීවිතය මෙතෙක් කල් පැවතිය යුතු ය. මිය යාම මෙසේ සිදුවිය යුතු ය. යනාදී වශයෙන් ස්ථාවරව කිව නොහැකි ය.
2. මිය යාමට හේතුව වන්නා වූ, රෝගාබාධයන් කිව නොහැකි ය.
3. මරණය නියතයි. එහෙත් කොතැනක කොයි මොහොතකදැයි අනාවැකි කිව නොහැකිය.
4. ජීවිතයෙහි අවසානයේ මිහිදන් කරන්නා වූ ස්ථානය වැලලීම ආදී (දේහනික්ඛේපන) කිව නොහැකි ය
5. ගති නම් පුනර් ජන්මය පිළිබඳව අනාවැකි කිව නොහැකි ය.

ප්‍රශ්නය
ප්‍රථම ශ්‍රී ලංකාවාසී රාජ්‍ය පාලකයා වූ මේ රජු සිංහලයන් සමග රට නැංවීමට ආදිවාසී ජනතාවගේ සහයෝගය ලබාගෙන අනුරාධපුර පිහිටුවන ලදී. සැලසුම් කරන ලද නගර නිර්මාණයක් ලෙස අනුරාධපුරය පිහිටුවාලීම ඔහුගේ විශිෂ්ටතම සේවාව විය. එම ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයාගේ නම කුමක්ද?

පිළිතුර
පණ්ඩුකාභය රජතුමා

ප්‍රශ්නය
යම් පුද්ගලයෙකු තවත් අයෙකු කෙරෙහි ඇති වෛරය අමනාපය හෝ ඊර්ෂ්‍යාව නැතිකර ගැනීම සඳහා ගත යුතු ක්‍රියා පිළිවෙත් බොහොමයක් අතුරෙන් ‘අත්තුප්පනායක ධම්ම පරියාය’ යනුවෙන් තමා උපමානය වශයෙන් සලකා දූෂිත සිත ඉවත් කර ගැනීමයි. මෙම ධර්මපර්යාය පැහැදිලි කරන්න.

පිළිතුර
තමා පිළිබඳව පළමුවෙන් මෙසේ සිතිය යුතු ය. මම සැපයට කැමැති වන්නේ වේදනාවට බිය වන්නේ යම් සේද? මා ජීවත් වීමට කැමැති වන්නේ මරණයට අකැමැති වන්නේ යම් සේද? අනෙකුත් සියලුම සත්වයන් කල්පනා කරන්නේ ද එසේමය.

මෙසේ තමා උපමානය සේ සලකා එසේ සිතීම අන් අයගේ ජීවිත පැවැත්මට හානි නොකරයි. ඒ අයගේ ජීවිතයට ගෞරව කරයි. භාග්‍යවතුන් වහන්සේද එක් අවස්ථාවකදී (සං. 1.75) මෙසේ වදාළහ.

මම මගේ මනසින් සතර දිසාවම අවලෝකනය කළෙමි. එහෙත් මට වඩා මා කැමැති වෙන කිසිවෙකු මට මුණ ගැසුනේ නැත. මේ අයුරින් සෑම කෙනෙකුම තමාට බෙහෙවින් ඇලුම් කරන්නේ ය.

යමෙක් හෘදයාංගමවම තමාට ආදරය කරන්නේ නම් ඒ තැනැත්තා කිසි විටක අන් අයට හිංසා නොකරන්නේ ය.

ප්‍රශ්නය
පස්වන සියවසේ මහානාම රජු දවස ලංකාවට වැඩමකොට අනුරාධපුර මහා විහාරයේ වැඩවසමින් විශුද්ධි මාර්ගය රචනා කළ පඬිවරයා කවුද?

පිළිතුර
බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ

ප්‍රශ්නය
ත්‍රිකුණාමල දිසාවේ තිරියාය ගිරිහඬු සෑය බෞද්ධාගමික වශයෙන් වැදගත් වන විශේෂ හේතුව කුමක්ද?

පිළිතුර
තපස්සු භල්ලුක වෙළඳ සහෝදරයන් ලබාගත් කේශ ධාතූන් වහන්සේලා නිදන් කොට ශ්‍රී ලංකාවේ ඉදිකළ ස්ථූපය පිහිටා තිබෙන්නේ තිරියාය, ගිරිහඬු සෑය නම් ස්ථානයෙහි ය.

ප්‍රශ්නය
ඓතිහාසික ලක්දිව සිදුවීමක් පිළිබඳව දෙදෙනෙකු අතර සිදුවූ සංවාදයෙන් කොටසක් මෙසේ ය. පාලි බෝධි වංශයේ 101 වන පිටුවෙහි එම සංවාදය මෙසේ සඳහන් වෙයි.

“සහායෙන මෙ කිං නදින්නං
අදින්නං තෙන මෙ අත්තමත්ත මෙව
මහා බෝධි පරිහාරං එකතො
කතං කරිස්සා මීති උප්පජ්ජ මාන
සොකං සහායො මෙදුරමකාස

සිංහල අනුවාදය

මගේ යහළුවා මට නොදුන්නේ ඔහුගේ ආත්මය පමණය. (අත්තමත්තමෙව) මේ සා විශාල බෝධි පෙරහරක් තනියම කෙසේ කරම් දැයි මගේ සිත තුළ උපදින ශෝකය පවා ඔහු විසින් දුරු කරන ලදී. මේ පුවත කවුරුන් විසින් කාහට කියන ලද්දක්ද? එම සංවාදයට මුල් වූ ඓතිහාසික සිදුවීම කුමක්ද?.

පිළිතුර
දඹදිව ධර්මාශෝක අධිරාජයා සහ ශ්‍රී ලංකාදීප රජය හෙබවූ තිස්ස රජු අතර බෝධි ආගමන පෙරහර පිළිබඳ ඇති වූ කතාවයි ඒ තිස්ස රජු විසින් කළ යුතුව තිබුණේ. මෞර්ය අධිරාජයා විසින් නියම කර එවා තිබූ අන්දමට ඔවුනට තනතුරු දී ඒ ඒ වැඩ රාජකාරී හා ආවතේව භාරදීම පමණි.

ප්‍රශ්නය
මිහිඳු මාහිමියන් මහමෙවුනා උයන පිළිගත් දිනයේම, අනුලාදේවිය ප්‍රධාන පිරිසක් එහිදී බණ අසා සකදා ඵලයට පැමිණ පැවිදි වීමට කැමැති බව රජුට දැන්වූවා ය. දෙවනපෑතිස් රජු ඒ බව මිහිඳු මහරහතන් වහන්සේට දැන්වීය. අනුලා දේවිය ප්‍රධාන කාන්තා පිරිසේ පැවිද්ද ඉල්ලීම නිසා ශ්‍රී ලාංකික බුද්ධ ශාසනයට විශිෂ්ට ප්‍රතිඵල දෙකක් හිමි විය. එම ප්‍රතිඵල මොනවාද?

පිළිතුර
අනුලාදේවිය ප්‍රධාන වනිතා පක්‍ෂයේ පැවිද්ද ඉල්ලීම නිසා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ආගමනයෙන් භික්‍ෂුණී සාසනයත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආගමනයෙන් කාල නියමයකින් තොරව බැතිමත් සැදැහැවතුන්ට සිත් සනහා ගත හැකි බුද්ධ පාරිභෝගික ධාතුවක් පූජනීය වස්තුවක් ශ්‍රී ලංකාවේ ප්‍රතිෂ්ඨාපිත විය. දෙවැන්න නිසා රටේ සංස්කෘතියක පුනරුදයට ලැබුණු දායාද සම්භාරය පළමුවැන්න අභිභවනය කොට ඇති බවද වර්තමානය දක්වා එහි ප්‍රතිඵල දක්නට ලැබීමෙන් වටහාගත හැකි ය.

ප්‍රශ්නය
කේන්ද්‍රිය බෞද්ධ සාරධර්ම ලෙස සැලකිය යුතු සිව්බඹ විහරණය වූ කලී මානව හිතවාදී බවද ඉක්මවා ගිය ජීව හිතවාදී හා අව්‍යාජ සංවේදී බවකින් ද යුතු ප්‍රබුද්ධ විකසිත සමාජයක් බිහි කරලීමට උපකාරී වන බෞද්ධ ඉගැන්වීමකි. අගැයීමක් කරන්න.

පිළිතුර
බුදු සමයෙහි එන කේන්ද්‍රිය සද්ගුණ සතර නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන්නය. මෙත්තාව යන්න අනේකාකාර වූ සකලවිධ ජීවීන්ගේ සුවසෙත ඉත සිතින් පතන්නෙකු, දුක්ඛය කැමැති නොවන්නෙකු බිහිකිරීම සඳහා ය. ද්වේෂයෙන් තොර චරිතයක් ගොඩ නැංවීම පිණිසය. කරුණාව දුකට පත් වූවන් කෙරේ සැබෑ අනුකම්පාව ඇත. එයින් කම්පාවන හදවත් ඇති මිනිසෙකු ගොඩනැඟීම අපේක්‍ෂා කරයි. මුදිතාව අන්‍යයන් කෙරේ ඊර්ෂ්‍යාවෙන් තොර වූ ඔවුන්ගේ දියුණු සැපත දැක සතුටු වන සිත් ඇත්තෙකු බිහි කරයි. උපේක්‍ෂාව ලෝකයේ විවිධාකාර සිතුම් පැතුම් හා අදහස් උදහස් දැක එකී විෂමත්වය තුළින් මැදිහත්ව සිතන්නෙකු ඇති කරලීමට අපේක්‍ෂා කරයි. බුදුන් වදාළ සියලු යහ ගුණයන් කේන්ද්‍ර වන්නේ මෙකී සිව් බඹ විහරණයන් ය.

දැහැමි ජීවිතය වටිනා වස්තුවක්

මනසින් උසස් සත්වයකු ලෙස මිනිසා සිතා විමසා බලා කටයුතු කළ යුතු ය. ඒ සඳහා ඉන්ද්‍රිය දමනය කර ගැනීම වටී. බුද්ධ දේශනාගත මූලික ඉගැන්වීම් වල අන්තර්ගත අවසාන විමුක්තිය හෙවත් නිවන අවබෝධ කර ගැනීමම නම් පළමුවෙන් පුද්ගලයා ධාර්මිකත්වය අගය කළ යුතු ය. ඇස, කණ, නාසය, දිව, ශරීරය මෙකි ඉන්ද්‍රියන් මිනිසාගේ යහපත පිණිස මෙන්ම අයහපත පිණිස ද යොදා ගත හැකි ය. දැහැමි හදවත නිරතුරු තැන්පත් ය. එනිසාම ඉන්ද්‍රියන් ශාන්තය. අගාරික ජීවිතයට වඩා අනගාරික ජීවිත ප්‍රතිපදාව උතුම්ය. සැනසුමේ මූලාරම්භය ධාර්මිකත්වයයි. විශ්වයේ සියල්ල තමාගේ කරගැනීමට උත්සාහ දැරීමෙන් මිනිසා තුළ වෛරය, සංතාපය, දුක්වීම ඇතිවේ.

ජීවිතය අස්ථිරය. එහෙත් මිනිසා විසින් ඇති කරගනු ලබන ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය ස්ථිරය. “පේණුපමං කාය මිමං විදිත්වා” ජල දහරාවක හටගනු ලබන පෙණ පිඬක් බඳු සිරුර විනාශ වී ගියද මිනිසා තම ජීවිතයට ලංකරගනු ලබන යහපත් ගති පැවතුම් සත් ආචාර ධර්ම කිසිදා විනාශ වී නොයයි. කිසිදු දිනෙක තමා අත නොහැර එන සෙවණැල්ලක් සේ තමා පසු පස පැමිණෙන බව ධම්ම පදයේ යමක වග්ගයේ පළමු ගාථාවෙන් (ඡායාව අන පායිනි) අවධාරණය කරයි.

ආධ්‍යාත්මික සදාචාර ගුණධර්ම අනුව මිනිසත් බව පිරිපුන් හා දැහැමි ජීවිතයක් ලෙස ගොඩනගා ගනු වස්, බුදුරජාණන් වහන්සේ විසින් ජීවිතය පිළිබඳ යථාර්ථවාදී විග්‍රහයක් ඉදිරිපත් කළ සේක. පුද්ගලයා සිදු කරනු ලබන ක්‍රියාව බුද්ධිමත්ව, ධර්මානුකූලව සිදු කරන්නේ නම් ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැකි බව උන්වහන්සේ දේශනා කළ සේක. මිනිසා ලෞකික වශයෙන් බන්ධනයන්ගෙන් වෙලී සිටියි. බැඳීම් වලින් ඉවත් වී සීලයෙහි පිහිටා ප්‍රඥාව තුළින් සිත සමාධිගත කිරීමෙන් දැහැමි ජීවිතයක් ගොඩනඟා ගත හැකි බව බෞද්ධ දර්ශනයේ සඳහන්ය. දැහැමි ජීවිතයක ඇති සුවිශේෂී ලක්‍ෂණ කිහිපයක් පහත සඳහන් වේ. කාරුණික බව, අල්පේච්ච ගුණයෙන් යුක්ත වීම, අන්‍යමත ඉවසීම, ධාර්මිකත්වය අගය කිරීම, යහපත්ව කටයුතු කිරීම, කම්පා නොවීම ආදියයි. පුද්ගලයකුගේ ජීවිතය දැහැමි වීමට නම් අනුගමනය කරනු ලබන යම් ශීල ප්‍රතිපදාවක් තිබිය යුතුය. ගිහියාගේ නිත්‍ය ශීලය පංච ශීලයයි. වැරදි දැකීම්වලින් ඉවත් වී යහපත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් දැහැමි ජීවිතයක් ගොඩනඟා ගත හැකි බව බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් ය. අජාසත් රජු බුදුරජාණන් වහන්සේ හමුවීමට ගිය අවස්ථාවේ සීලවන්තව, දැහැමිව වැඩ සිටි භික්‍ෂූන් වහන්සේලා දැක තුෂ්නිම්භූත විය.

සංසුන්ව වැඩ සිටි භික්‍ෂූන් වහන්සේලා දුටු අජාසත් රජුට මාගේ උදය බද්ධ කුමරු ද මෙසේම වේවා යැයි උදානයක් පහළ විය. මෙයින් පැහැදිලි වන්නේ ධාර්මිකත්වය අගයන පුද්ගලයා සමාජයට වැඩදායි වන බවත් ඔහුගෙන් කිසිවකුටත් හානියක් නොවන බවත් ය. මිනිස් සිත සිල්වත් වන තරමට ඔහුගේ ආධ්‍යාත්මය පාරිශුද්ධත්වයට පත්වේ. පිරිසුදු සිතින් කරන, කියන දේ යහපත් වන අතර නිරන්තර පුද්ගල සිත දැහැමිවනු ඇත. සීලය සම්පන්න වූ පුද්ගලයෝ තම ජීවිතයේ ඇති වටිනාකම අවබෝධ කර ගනු ලබති. එවැනි පුද්ගලයා තමාටම ගෞරව කරයි. යහපත් වූ පුද්ගලයා ක්‍රියාව සංවර කර ගනී. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යචාර ආදියෙන් ඉවත්ව කටයුතු කරයි.

සීලය යනු අයහපත් දෙයින් ඉවත් වීමයි. කළ යුතු නොකළ යුතු දේ මනාව වටහා ගෙන කටයුතු කිරීමයි. දැහැමි ජීවිතය අගයන්නා අල්පේච්චතාව ගරු කරයි. අල්පේච්ඡතාව දැහැමි ජීවිතය ලක්‍ෂණයක් බව බුදුරජාණන් වහන්සේ චුල්ලහත්ථි පදෝපම සූත්‍රයේදී දේශනා කළහ.

“යම් සේ පියාපත් ඇති ලිහිණියා යම් දෙසක පියාඹයිද පියාපත් බර පමණක් ඇතිව පියාඹයි. මෙපරිද්දෙන් භික්‍ෂු තෙම පරිහරණය කිරීමට ප්‍රමාණවත් සිවුරෙන්ද යුක්තව සතුටු වී යම් තැනකට යයි නම් පා සිවුරු බර පමණක් ගෙන යන්නේ ය.”

ල්පේච්ඡතාව ගිහියාට ද බෙහෙවින් අදාළ වූවකි. මහේච්ඡතාව ඇතිවන තරමට සමාජ ප්‍රශ්න සංකීර්ණ වනු ඇත. ඉන් මිනිසාගේ ධාර්මිකත්වයට හානිවනු ඇත. වරක් උපනන්ද භික්‍ෂූන් වහන්සේ සිවුරු ආදී පරිස්කාර ගොඩගසා පරිහරණය කරන බව දැනගත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ කැඳවා ඒ සියල්ලම සිවුරු නැති භික්‍ෂූන් වහන්සේ හට බෙදා දීමට කටයුතු කළහ. සරල චාම් දිවිපෙවෙතක් අගයන්නා බාහිර අලංකාරකම් වලට එතරම් රුචිකත්වයක් නොදක්වන අතර ආශාවන් පසුපස ලුහු නොබඳී. ලද දෙයින් සතුටු වීමට වග බලා ගනී. සුවඳ ගැල්වීම, අලංකාරය පිණිස නොයෙක් දේ ගෑම වැනි මෙලොව පරලොව දෙලොවම අවැඩදායක දේ නොසොයයි. දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයේ අම්බට්ඨ සූත්‍රයේ එය මනාව දක්වා ඇත.

අසීමිත ආශාවන් මුහුන් පමුණුවා ගැනීමට යොදා ගන්නා ඇතැම් ක්‍රමය තුළින් ඉතිරිවන ආවසාන ප්‍රතිඵලය අසහනයයි. ගැටීමයි. විනාශයයි. චාම් බව, දැහැමි බව ඇති කරගත යුත්තේ පුද්ගලයා මෙවන් විනාශකාරී මාර්ගයකට අවතීර්ණ වීම වැළැක්වීම පිණිස ය. දැහැමි ජීවිතය අගයන්නා තමාට අනවශ්‍ය දේ නොකරන අතර අයහපතක් වන දේ ද නොකරයි. දැහැමි වූ පුද්ගලයා කෙරෙන් කිසිදු පීඩාවක් කිසිවකුටත් නොවන බව අම්බට්ඨ බමුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව අම්බට්ඨ සූත්‍රයේ තොරතුරු වල සඳහන් වේ.

බුදු දහමෙන් ගොඩ නැඟුණු දැහැමි සිතක් නිරන්තර පරාර්ථකාමීය තමා පමණක් සුවසේ විසීමට කල්පනා නොකරයි. ලොව සත්ව ප්‍රජාවගේම සතුට, සැපය ප්‍රාර්ථනා කරයි. ආත්මාර්ථකාමීත්වයෙන් වැනසීමද පරාර්ථකාමීත්වයෙන් සැනසීමද ලැබිය හැකි යැයි බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ දී පෙන්වා වදාළහ. ධාර්මිකත්වය අගයන්නා ධනය සෙවීමේ දී ද දැහැමිව කටයුතු කළ යුතුය යන්න දහමේ දක්වයි. ඒ අනුව අංගුත්තර නිකායේ පත්ත කම්ම සුත්‍රයට අනුව දැහැමිව ධනය උපයාගත යුත්තේ දෑතේ දෙපයේ වීර්යයෙනි. ධනය සෙවීමේ දී සාහසික නොවිය යුතු ය. අධාර්මික නොවිය යුතු ය. පරමාදර්ශී ජීවිතයක් ගොඩ නඟා ගත හැකි වනුයේ ශික්‍ෂණය ඇති වූ විට ය. සංයුක්ත නිකායට අනුව ධනයට ගිජු වූවන් තුළ ධාර්මිකත්වය මිරිඟුවකි. තමාගේම විමුක්තියට අන්ධයෝ ය. සංයුක්ත නිකායේ මෙසේ දක්වයි.

“භොගෙසු ගථිතො මුචජිතො අජ්ඣාපන්නො
අනාදීන වස්සාවී අතිස්සර පංඤ්ඤො පරිභුඤ්ජති”

තමාගේ විමුක්තිය පතන්නා කිසිවක් තනිව ගොඩගසා නොගනී. ධනයට ගිජු නොවේ. අනුනට දීමට පිනට දීමට අකමැති නොවේ. පරමාදර්ශි ක්‍රියාව මත පිහිටා ධාර්මිකව සැහැසිකම් නොකොට ධනය, උපයයිද, අනුභව කරත් ද එය දැහැමි ජීවිතයක් ගොඩනඟා ගැනීමේ යහපත් මාවතකි.

යහපත් ධාර්මික වූ පුද්ගලයා තම ජීවිතයට මෙන්ම අනුන්ගේ ජීවිතයට ද ගරු සරු දක්වයි. ‘සංබ්බසං ජීවිතං පියං’ සියල්ලෝ තම ජීවිතයට පි‍්‍රයය .එවන් තැනැත්තා සමාජයට කිසිදු හානියක් නොකිරීමට වග බලා ගනී.

සංසුන් දිවි ගමන අගයන දැහැමි පුද්ගලයා තමාට, තම දරුවන්ට, ඤාතීන්ට පමණක් නොව මුළු මහත් ලෝක සත්වයාටම මෛත්‍රී කිරීමට පෙළඹේ. ධාර්මිකත්වයේ සංකේතය බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ මිතුරන්ට මෙන්ම සතුරන්ටද මෙත් වැඩූහ. කරණීය මෙත්ත සූත්‍රයේ දී අවධාරණය කරනුයේ,

“මෙතතං ච සබ්බ ලොකස්මිං මාණසං භාවයේ අපරිමාණං” මිනිසුන් අතුරින් ධාර්මිකත්වය අගයන්නා සියලු ලෝක සත්වායටම මෙත් වඩන බව හෙළි වේ. බෝසත් අවධියේ සඳහන් ක්‍ෂාන්තිවාදී ජාතක කතාවෙන් දැහැමි මිනිසත්කම ලොවට කියා පායි. ධාර්මිකත්වය මත ගොඩනැඟුණු යහපත් අල්පේච්ඡ ජීවිතයක ඇති සැහැල්ලු බව, චාම් බව, සැනසිලිදායක බව වටිනාකම බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් ලොවට කියා පෑහ.

කීර්තිය, ප්‍රශංසා ලාභ, මිල, මුදල් ආදිය පසු පස ලුහුබඳිමින් දුවන ලෝභ සහගත මිනිසා ලෞකික දියුණුව පමණක් නොව ලෝකෝත්තර දියුණුව ගැන ද සිතිය යුතු ය. නිහතමානී වීම ලද දෙයින් සතුටුවීම, කළගුණ සැලකීම, සුදුසු කාලයේ දී ධර්මයට සවන් දීම, ඉවසීම, කරුණාව, දයාව, මෛත්‍රීය ආදී ගුණාංගයන්ගෙන් ජීවිතය පෝෂණය කර යහපත් ප්‍රගතිමත් දැහැමි ජීවිතයක පැවැත්ම සඳහා බෞද්ධ දර්ශනයෙන් ලද හැකි ආභාෂය ජීවිතයක් ලබා ගැනීමට අප සැවොම වග බලා ගත යුතු ය.

පංචශීලය රැකෙන තුන්දොර සංවරය

පංචශීලය රැකෙන
තුන්දොර සංවරය

උපන් සෑම සත්ත්වයෙක්‌ ම සැපයට කැමැතිය. දුක්‌ විඳීමට අකැමැතිය. "මට දුකක්‌ නැතිව ජීවත් වීමට ඇත්නම්" යන සිතිවිල්ල ඔබේ සිතේ කී වාරයක්‌ නම් පහළ වන්නට ඇද්ද? ඒ සැපයට ඇති ආශාව නිසා ය. සැප ලැබීමට නම් දුක්‌ කෙළවර කළ යුතුය. ඒ සඳහා පිවිසිය යුතු නිවැරැදි මාර්ගය කුමක්‌දැයි අවබෝධ කටයුතුය. අපගේ සිත හා මනස මේ පිළිබඳව දැඩි සංවාදයකට යොමු කිරීමෙන් අප බලාපොරොත්තු වන සැපය ළඟා කර ගැනීමට අපහසුවක්‌ නැත. අවශ්‍ය වන්නේ අධිෂ්ඨානයත්, කැපවීමත් පමණෙකි.

බුදු දහම අනුව සලකා බැලුවහොත් දුක්‌ නිවාරණය කොට ලැබිය හැකි සැපයක්‌ ලෞකික වශයෙන් නැත. සැපය ඇත්තේ සියලු දුක්‌ නිවා ලබන ලෝකෝත්තර නිවනෙහිය. දුක්‌ නූපදින නිර්වාණ සැපය අත්කර ගැනීම, අප හිතන තරම් ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවේ. ඒ සඳහා ප්‍රගුණ කළ යුතු සසර පුරුදු තිබිය යුතුය. එහෙත් එම පුරුදු විෂ ච සිටුවා මී අඹ බලාපොරොත්තු වන්නාක්‌ වැනි ක්‍රියාවෝ නොවිය යුතුය. මී අඹ පල නෙළන්නට මී අඹම සිටුවිය යුතුවාක්‌ මෙන් අනන්ත කාලයක්‌ මුළුල්ලේ සසර ඇවිදින අප විසින් සියලු අතින් මැ යහපතට හේතු වන ක්‍රියාකාරකම් ඉෂ්ට සිද්ධ කළ යුතුය.

අද සමාජයේ බොහෝ දෙනා ජීවත් වනුයේ දැඩි කායික හා මානසික අසහනයන්ට ගොදුරු වෙමින්ය. කෙළෙස්‌ ගින්නෙන් දැවෙන මිනිසා පාරක්‌ තොටක්‌ නොමැතිව මහ කැලෑවක මංමුලාවකු වැනිය. අන්ධකාරයේ නිච්චියක්‌ නිනව්වක්‌ නැතිව යමක්‌ සොයා අතපත ගානා කෙනෙකු වැනිය. යා යුතු මඟ නොදැන සිහි මුළා වූවකු ගේ තත්ත්වයට පත් ඔහුට කෙළෙස්‌ ගිනි නිවන තෙක්‌ සසරින් ගැලවීමක්‌ නම් නැත.

වත්මන් ලොවේ අසහනය, අසමගිය, අසතුට සමග කෙළවරක්‌ නැති කළකෝලාහල, මිනීමැරුම්, කාම අපරාධ සිදුවීමට ප්‍රධාන හේතුව වන්නේ බුදු දහම පිළිබඳව අනවබෝධයෙන් මිනිසා කල්යෑවීමය. කෙළෙස්‌ බරින් පිරුණු අසීමිත තෘෂ්ණාවෙන් පෙළෙන මිනිසා ලෞකික වශයෙන් සැප සොයා යන්නේ අන්‍යයන් අභිබවා යැමෙන්ය. එබඳු පුද්ගලයන්ට නිවීමක්‌ නම් ලැබේද?

පූර්ව ආත්මයන්හිදී කරන ලද පින් ඇති බැවින් මිනිසත් බව ලැබූවද, සංසාර පුරුදු වශයෙන් ගෙන යන අයහපත් ක්‍රියාකාරකම් ගොනු බැඳි ගැල මෙන් ඔහු පසු පස යමින් දුකට හේතුවන ප්‍රතිඵල ලබාදෙයි. සංසාර පුරුදු කුමක්‌ වුවද මෙලොව වශයෙන් කරන කියන දෙයෙහි හොඳ නරක තෝරා බේරා ගැනීමට තරම් සිහි නුවණක්‌ යමෙකු තුළ පවතී නම් ඔහුට ජීවිතය ඉඳුරාම දිනිය හැකිය. සන්සුන් නිවුණු සිතක ඇති ආශ්චර්ය නොසන්සුන් දැවෙන සිතක නැත. මේ අනුව ජීවිතය නිවැරැදි මඟ ගෙන යැමට නම් කළ යුතු හොඳම දෙය සිත සංවරව තබා ගැනීමය.

"සංවරය" යන්නෙහි අරුත හික්‌මීමයි. සිත හික්‌මවීම ශීලය නම් වෙයි. වෙනත් වචනයෙන් කිවහොත් පාපයන්ගෙන් මිදීම ශීලය යි. ශීලයෙහි පිහිටි තැනැත්තාගේ සිතෙහි පාපී සිතිවිලි පහළ වීමක්‌ නැත. එනිසාම එවැනි සිතක අකුසල් රැස්‌වීමක්‌ සිදු නොවේ.

අකුසල් රැස්‌ කෙරෙන දොරටු තුනක්‌ අපගේ ශරීරය හා සම්බන්ධය. සිත, කය හා වචනය එම දොරටු තුනය. මේ අතර ඇස, කණ, නාසය, දිව සහ ශරීරය (ස්‌පර්ශය) වශයෙන් ඇති පංෙච්න්ද්‍රියයන් නිසා සිතට ගලා එන අරමුණු මගින් ලබන වින්දනය පිළිබඳව අනවබෝධයෙන් හා අසිහියෙන් සිටීම නිසා අකුසල් සිදු වෙයි. සිතක ස්‌වභාවය නිරායාසයෙන් මැ පහත් ක්‍රියාකාරකම් සමග ගැටීමය. නැතහොත් පහත් ආශ්වාදයක්‌ ලැබීමය. ඒ සඳහා සිතට ඇතිවන වුවමනාව නොහොත් පෙලඹවීම මත අකුසල් සිදු වේ. මෙලොව ඇති සියලුම සම්පත්වලින් හැකි තරම් දේ අයිති කරගෙන කා බී නටා ප්‍රීතියෙන් විනෝදයෙන් ගතකළ යුතුය යන දර්ශනයෙහි පිහිටා ක්‍රියා කිරීමට සිතක්‌ පහළ වන්නේ නම් එය ප්‍රඥගෝචර නොවේ. එබඳු සිතිවිලි ඇති කර ගනිමින් තව තවත් සැප ප්‍රාර්ථනා කොටැ පින් දහම්හි යෙදෙන්නෙමි යි යන අදහසින් ඔබ පසුවන්නේ නම් එයද සසර ගමන නිම කිරීමට මහත් බාධාවකි. එවැනි මෝඩ අදහස්‌ සිතට හැඟේ නම් ඒවා වැරැදි බව සිහියට නඟාගෙන එයින් අත්මිදිය යුතුය.

සැප ලැබීමට කෙරෙන ප්‍රාර්ථනාවද ආශාවකි. එයින් වැඩෙන්නේ සිතේ තණ්‌හාව ය. ආශා ඉටු නොවූ තැන විඳින්නේ දුකය. "මට දුකක්‌ නැතිව ජීවත් වීමට ඇත්නම්" යන සංකල්පය මත දුක්‌ විඳීමට අකමැති ඔබ එයින් ලබන සැපය කුමක්‌ද? සැප සොයන ප්‍රාර්ථනාව අත්හරින තෙක්‌ ඉහත කී ආකල්පය මත ඔබට දුකින් මිදීමක්‌ වන්නේ නැත. ඒ නිසා එවැනි මෝඩ (ආශා) කල්පනා සිතින් අත්හැරිය යුතුය.

ඉඳුරන්ට අරමුණු වන බොහෝ දේ විශ්වය තුළ පවතී. ඇසට පෙනෙන, කණට ඇසෙන, නාසයට දැනෙන ආදී වශයෙන් ඉඳුරන්ට අරමුණු වන නොයෙකුත් දේ ඔබට හමුවෙයි. ඒ සියලු දේම ඒකාකාරවැ නොවෙනස්‌ වැ පැවැතීමක්‌ නැත. සියල්ලම වෙනස්‌ වන සුළුය. එමෙන්මැ අස්‌ථිර ය. මෙලෙස ස්‌ථිරය කියා කිසිවක්‌ නැතිනම් ඒවා විඳීමේ හෝ

රැස්‌ කිරීමේ තේරුම කුමක්‌ද?

අස්‌ථිර වූ යම් කිසිවකින් ලබන සැපයද, නැතිනම් සතුටද සදා කාලික නොවන බව අප විසින් තේරුම් ගත යුතුය. එසේ නම් ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමනේ දුක උපදවන තාවකාලික සැප සෙවීමෙන් ඵලයක්‌ නැත.

අද අප ලබා ඇත්තේ උතුම් වූ මනුෂ්‍ය ආත්මයකි. මනසින් උසස්‌ වූ අපට බුදුන් වහන්සේ දෙසූ ධර්මයෙහි පිහිටා මෙම ජීවිතය තුළදීම සසර දුකින් මිදීමට අපහසුවක්‌ නැත. ඒ සඳහා වැරැදි අයහපත් දෙයින් වෙන්ව නිවැරැදි යහපත් ක්‍රියාවන්හි යෙදීමට අපගේ සිත අවදියෙන් තබා ගැනීම ඉතා වැදගත් ය.

සිතෙන් මෙන් මැ කයින් (ශරීරයෙන්) ද බොහෝ පව් සිදු කෙරේ. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය, සුරාවෙහි ලොල්වීම කය නිසා සිදුවන අකුසල් ය. අසංවර සිතකට සොරකමක්‌ කිරීමට වුවමනාවක්‌ ඇති වූවා යෑයි සිතමු. ඒ සඳහා පෙලඹවීමක්‌ ඇති වුණත් සිත හා මනස අවදියෙන් තබා ගෙනැ එහි විපාක ගැන අවබෝධයක්‌ ඇති කර ගැනීමෙන් එකී පාපී සිතිවිලි ක්‍රියාත්මක නොවන පරිදි සිත කය පවත්වා ගැනීමට හැකිවේද, එසේ කිරීමෙන් අයහපත් සංසාර පුරුදු හා ක්‍රියාකාරකම් අභිබවා යහපත් සිතිවිලි උපදවා ගෙනැ උසස්‌ දිවි පෙවෙතක්‌ ගෙනැ යැමට හැකි වෙයි.

මුසාවාදය, සම්ප්‍රප්පලාප, කේළාම් (පිසුණාවාචා) හා පරුෂ වචනය කට නිසා සිදුවන අකුසලයෝය. "කට නිසා මාළුවා නසින්නේය" යන කියමනක්‌ අපේ ජන වහරේÊපවතී. කටින් පිටවන වචන හොඳ සහ නරක යනුවෙන් දෙකොටසකට බෙදේ. මෙයින් බොරුව, කේළම, පරුෂ වචනය, ප්‍රලාප නොහොත් හිස්‌ වචන කට අසංවර කර ගැනීමෙන් සිදුවන නරක කොටසට අයත් අකුසල් ය.

බොරුව නිසා ජීවිත පවා විනාශ වීමට කටයුතු යෙදේ. සමහරකුට බොරුවක්‌ නොකියා සිටිය නොහැකිය. අසත්‍ය දේ කීම, එවැනි අයට විනෝදයකි. කට ඇරියොත් කියන්නේ බොරුවක්‌ යයි මිනිසුන් හඳුන්වන තරම් පහත් තත්ත්වයට ඇද වැටී ඇත. කියන ලද එක බොරුවක්‌ වසා ගන්නට තවත් බොරු දාහක්‌ ඇදබාන අයද සමාජයෙහි වෙති.

කේළම දෙදෙනෙක්‌ හෝ දෙපිරිසක්‌ බිඳවන වචන ගොන්නකි. කේළම සමාජය තුළ මිනීමැරුම් පවා සිදුවීමට තරම් දරුණු සමාජ විනාශයට පත් කරන ආයුධයක්‌ හා සමානය.

පරුෂ වචනය කෙනෙකුගේ සිත් රිදවීමට සමත් ය. තමා තුළ අන් අය ගැන ඇති ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තමා තුළ පවත්නා ගින්දර අන්‍යයන්ට දී ඔවුන් රිදවන පිළිවෙතකි. පරුෂ වචනය අන්‍යයන්ගේ උස්‌ මිටිකම්, ඇද පලුදු සෙවීම් සම්ප්‍රප්පලාපයයි. තමන්ටවත් අනුන්ටවත් කිසියම් ආකාරයකින් අර්ථයක්‌ නැති, හිස්‌ වචන දෙඩීමෙන් ලබන විනෝදය කුමක්‌ දැයි අවබෝධයෙන් යුතුව කල්පනාකර බලනවා නම් මෙවැනි අය තමන් තේරුම් ගෙන මහත් ලඡ්ජාවට පත්වන්නේය.

මෙනයින් සලකා බලන කල සිත, කය, වචනය යන තුන් දොර සංවර කර ගැනීම අපට පංචශීලය ආරක්‌ෂා කර ගැනීමට මහඟු උපකාරයකි.

උඩුබද්දාව - සෝමරත්න බන්නැහැක

අතීත බෞද්දයා

බුදු මග උපුටාගන්නා ලදී

සුමන හිමියන්ට හමු වූ අපුරු තරුණයා

පති දම් සුරකිමු

මවු පිය අවවාද නොසැලකීමේ විපාක

බුදු මග උපුටාගන්නා ලදී

මැරෙන මොහොතේ සිහිවන නිමිති

බුදු මග උපුටාගන්නා ලදී

ඇස නිසා මුලා විය

බුදු මග උපුටාගන්නා ලදී

සබැ බෞද්ධයා හදුනා ගනිමු

බුදු මග උපුටාගන්නා ලදී

භාවනා කිරීමේදී ඔබ දැනගතයුතු දේ

බුදු මග උපුටාගන්නා ලදී

Friday, April 29, 2011

සම්බුලා ජාතකය කියවමු

බුදු මග උපුටගනිමකි

බුදු දහමින් මානසික සුවය

බුදු මග උපුටගනිමකි

අසිරිමත් සිත

බුදු මග උපුටගනිමකි

සිල් සුවද දසත පැතිරෙයි

බුදු මග උපුටගනිමකි

කෑම කන වෙලාවට සිරිත් විරිත්

බුදු මග උපුටගනිමකි

මුදල් වය නොකර කල හැකි පින්

බුදු මග උපුටගනිමකි

ලෝක විනාසය ඇත ලගද ?

බුදු මග උපුටගනිමකි

ඔබ ලජ්ජා වියුත්තේ මොනවටද ?

බුදු මග උපුටගනිමකි

පන්සිල් රැකීමේ අනුසස්

බුදු මග උපුටගනිමකි

සබැ ලෙස 2600 සම්බුද්ද ජයන්තිය සමරන්නේ කොහොමද?

බුදු මග උපුටාගනිමකි

Thursday, April 28, 2011

උපසම්පදා පුණ්‍යෝත්සවය

උපසම්පදා පුණ්‍යෝත්සවය2009 වසරේ මැයි මස 18, 19, 20 යන තෙදින පුරා මාතර, උඩඅපරැක්ක, මහමෙව්නාව මහාවිහාරස්ථ සීමාමාලකයේ දී පවත්වන්නට යෙදුනු උපසම්පදා පු‍ණ්‍යමහෝත්සවයේ දසුන් කිහිපයකි මේ.

බුදුරැස් විහිදෙන සෝමාවතියට බුදුසමිඳුන් වැඩමකළ වගයි

බුදුරැස් විහිදෙන සෝමාවතියට බුදුසමිඳුන් වැඩමකළ වගයි
සෝමාවති මහ සෑ වන්දනාව2010-04-18 වැනි දින බුදු රැස් විහිදෙන සෝමාවති පුදබිම කරා අසිරිමත් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීමේ පුණ්‍යමහෝත්සවයේ සොදුරු දසුන් ය මේ.

බුදුරැස් විහිදෙන සෝමාවතියට බුදුසමිඳුන් වැඩමකළ වගයි

බුදුරැස් විහිදෙන සෝමාවතියට බුදුසමිඳුන් වැඩමකළ වගයි
සෝමාවති මහ සෑ වන්දනාව2010-04-18 වැනි දින බුදු රැස් විහිදෙන සෝමාවති පුදබිම කරා අසිරිමත් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීමේ පුණ්‍යමහෝත්සවයේ සොදුරු දසුන් ය මේ...

යසෝදරා කාව්‍ය සංග්‍රහය එළි දැක්වීම

යසෝදරා කාව්‍ය සංග්‍රහය එළි දැක්වීම
යසෝදරා කාව්‍ය සංග්‍රහය එළි දැක්වීම"පෑව සෙනේ ලොව සිහින කුමාරිය-ඔබ මිස වෙන නැති යසෝදරා" කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමට සමගාමීව, මහමෙව්නාව අමාවතුර භාවනා අසපුවේ පැවති පෝදින සදහම් වැඩසටහනේ ‍සොදුරු දසුන් කිහිපයකි මේ..